IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අලුත් පාර්ලිමේන්තුව විවෘත කරන්න ජනපති එයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය විවෘත කිරීම සඳහා ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.

පළමුවෙන්ම කථානායකවරයාගේ සම්ප්‍රාප්තිය සිදුකෙරුණු අතර පෙ.ව 11.10 ට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී පාර්ලිමේන්තුවේ  කථානායකවරයා පිළිගත්තේය.

අතර පෙ.ව 11.15 ට අග්‍රාමාත්‍යවරිය පිළිගැනීම සිදු කෙරිණි.ඉන් අනතුරුව පෙරවරු 11.20ට ජනාධිපතිවරයාගේ පැමිණීම සිදුවිය. 

කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගත්තේය. 

ඉන් අනතුරුව වේත්‍රධාරී සහ නියෝජ්‍ය වේත්‍රධාරි පෙරටු කරගත්  කථානායකවරයා  සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය විසින් ජනාධිපති පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලැබීය.

ජනාධිපතිවරයා පරිවාර රථ වලින් තොරව පාර්ලිමේන්තුවට පැමිණීම සුවිශේෂී සිද්ධියක් විය.ඉතා චාම් අයුරින් නව පාර්ලිමේන්තු විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි.


(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (3)

අලුත් පාර්ලිමේන්තුව විවෘත කරන්න ජනපති එයි

Jayasekara Thursday, 21 November 2024 02:56 PM

මේ තරම් චාම් ආරම්භක සැසියක් දැක්කමයි. සුබ පැතුම්. අපි ඉල්ලපු වෙනස. ඊලඟ වෙනස දකින්නේ නිදහස් උත්සවයක දී 2025.

:       1       47

පිටරැටියා Thursday, 21 November 2024 03:27 PM

මෙවැනි දසුනක් දැකීමත් සතුටක්. ජතාවගේ පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !අපේ රටට යහපතක්ම වේවා.

:       1       39

බමුණුආරච්චි Friday, 22 November 2024 06:31 AM

පුටින්ව කොපිකරලා වගේ ඇවිදින්නේ. අපි අපිනේ ප්‍රශ්නයක් නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site