IMG-LOGO

'අලුත් අලුත් දෑ නොතනන ජාතිය යළි නොනඟී'

ඇමරිකාවේ  පමණක්  සිටින අපගේ  විශේෂඥයින්  සියල්ල එකතුකර  ගතහොත්  ශ්‍රී ලංකාව ලෝකයේ  බලවත්ම රටක් බවට  පත් කිරිමට  එයම ප්‍රමාණවත්  බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  පවසයි.

 ඔහු  මේ බව පැවසුවේ පිටිපන හෝමාගම තාක්ෂණික නගරය සඳහා  මුල්ගල තැබීමේ  සමාරම්භක උත්සවයකට  සහභාගී වෙමිනි.

‘දැනුම ඇති ඕනෑම පුද්ගලයකු  අපගේ  රටට ගන්නවා යන ප්‍රතිපත්තියෙහි ඇමරිකාව කටයුතු කරනවා. ඔවුන් ඉදිරියට  යන්නේ  ඒ නිසයි. දැනුම ඇති ශ්‍රී ලාංකිකයන්  මෙරට  රඳවාගෙන නවෝත්පාදන ආයතන බිහි කිරිම දියුණුවේ මුලයි’.

DSC_0094 DSC_0152 DSC_0895



අදහස් (0)

'අලුත් අලුත් දෑ නොතනන ජාතිය යළි නොනඟී'

තිස්ස Friday, 23 September 2016 05:21 AM

එතකොට එයාලට විභාග පාස්වෙන්න ඕනෑ නැද්ද? (නි)

:       0       0

නාලක Friday, 23 September 2016 05:44 AM

ඇමෙරිකාවේ විතරක් නෙමෙයි විශේෂඥයින් ඉන්නේ. බොහොමයක් අයට ගෙදර සිට වැඩකරන්න දීලයි තියෙන්නේ. ඔබට අපේ උදව් නොමිලේ ගන්නත් අපේ පඩිය ලංකාවට ආර්ථිකයට උදව් කරගන්නත් පුළුවන්. දියුණු රටවල් සමඟ ගිවිසුමක් අත්සන් කරන්න. එවිට අපට ලංකාවේ සිට රටවල් දෙකටම වැඩ කරන්න පුළුවන්. (නි)

:       0       0

පුබුදු Friday, 23 September 2016 06:02 AM

අපේ රටේ නිලධාරිවාදයයි දේශපාලකයන්ගේ කොමිස් ගැහිල්ලයි තියෙනකම් මේ රට දියුණු කරන්න බැහැ. නව නිපැයුම් වලට තැනක් දෙනවද? රට දියුණු කරන්නේ කොහොමද අපේ රටේ එ්වට තැන දෙන්නේ නැතුව. (නි)

:       0       0

ඉෂාන් Thursday, 22 September 2016 06:17 PM

එතකොට බලවත්ම රට වෙන්නත් පුළුවන්.(හේ)

:       0       0

ජයනි Thursday, 22 September 2016 06:24 PM

ඇමෙරිකාවේ ඉන්න අය ඔහේ ආවම ඒ පහසු කම් ඔහේ දෙන්න පුලුවන්ද? (හේ)

:       0       0

හේවාවිතාරණ Thursday, 22 September 2016 06:18 PM

ඒ වුනාට ලංකාවේ සිටින කුහක උගතුන් නිසා මෙහේ ඉන්න උගතුන් ලංකාවට එන්න කැමැති නෑ.(හේ)

:       0       0

සංජීව Friday, 23 September 2016 06:31 AM

අගමැතිතුමනී... මීට මාස කිහිපයකට කලින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පත් වුන ආචාර්ය සුමිත් පිලපිටිය මහතා ඒ තනතුරට ආවේ දකුණු ආසියාවේ ඉහළම තනතුරක් පැත්තට දමලා.. එ්ත් මොකද වුනේ.. මෙහෙ ඉන්න කාලකන්නි දේශපාලුවොන්ගේ තුට්ටු දෙකේ ගොන් වැඩ ඉදිරියේ තමන්ගේ හිතට එරෙහිව වැඩ කරන්න අකමැති වුන නිසා ඉල්ලා අස් වුණා..(බ)

:       0       0

සම්පත් පතිරණ Friday, 23 September 2016 09:16 AM

එ්කනේ අපේ අය ලංකාව ඇතුළේ තවත් අලුත් රටක් හදන්න හදන්නේ (නි)

:       0       0

චතුරි Thursday, 22 September 2016 12:34 PM

කාටද ආඩම්බර . .දැන් කඩිගුලක් ඇවිස්සුන වගේ කට්ටිය වෙඩි පත්තුකරයි (හේ)

:       0       0

තිසේරා Friday, 23 September 2016 09:38 AM

මේ විවිධ අදහස් දිහා බැලුවම මට හරි කණගාටුවක් දැනෙනවා. අපිට වරදින තැන පැහැදිලියි. අපි බලන්න ඕනෑ කියන කාරණාව හරිද වැරදිද යන්නයි. දෙවනුව මේවා ක්‍රියාත්මක වෙනවද යන්නයි. තෙවනුව ඒ වෙනුවෙන් ගනුලබන තීන්දු තීරණ මොනවද යන්නයි (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 22 September 2016 12:45 PM

මෙයට කලින් උගත් බුද්ධිමත් පාර්ලිමේන්තුවක් ඇතිකරගත යුතුයි. නැත්තම් ඒ මිනිස්සුත් මෙහෙ ඇවිත් බෝඩ් කෑලි එල්ලාගෙන පාරවල්ගානේ රස්තියාදු වෙයි. (නි)

:       0       0

ආර්. වික්‍රම Friday, 23 September 2016 01:37 AM

චතුරි වගේ අය රැවටුනාට අපි නම් රැවටෙන්නේ නැහැ (නි)

:       0       0

අතුල Thursday, 22 September 2016 12:50 PM

ඔව් ඔව් විකුණලා දාන්න සේරම ටික. එතකොට පුළුවන් ධනපතීන්ට නැගිටින්න (නි)

:       0       0

ගයාන් Thursday, 22 September 2016 12:50 PM

ඉන්දියානු විශේෂඥයින් එකතු කරගත්තොත් ලංකාවට මොනවා වෙයිද? (නි)

:       0       0

චාමර Friday, 23 September 2016 02:12 AM

ලංකාව ඇමරිකාව වගේ විශාල රටක් නොවේ. ලංකික වුණත් ඇමරිකාවේ විශේෂඥයින් දක්ෂතා පෙන්වන්නේ එම පරිසරයට හා සංස්කෘතියට අනුවයි. ලංකාවේ ඇමරිකාව වැනි පරිසරයක් සහ සංස්කෘතියක් නොමැති බැවින් එම දක්ෂතා ලංකාවේදී නැවතත් බලාපොරොතුවිය නොහැකියි. ලංකාවට අාවේණික සහ සංස්කෘතියට අවශ්‍ය දක්ෂතා ගොඩනැගෙන්නේ එම පරිසරය තුළින්මයි. විදේශයකට ගිය පුද්ගලයෙකුට නැවත ලංකාවට පැමිණීමට අවශ්‍යවන ක්‍රමයක් නැතුව, හැමදාමත් අපි තුන්වෙනි ලෝකයේ රටක්නෙ කිය කියා හූල්ල හූල්ලා තමා ඉන්න වෙන්නේ (නි)

:       0       0

අතුරා Thursday, 22 September 2016 01:14 PM

කෝ අර මේ ආණ්ඩුව වැඩක් කරන්නේ නැහැ කියලා අදහස් පළකරන දේශප්‍රේමී මහත්වරු මේකට කිසිම අදහසක් දාලා නැහැනේ. (නි)

:       0       0

නයන Thursday, 22 September 2016 01:21 PM

කතාව නම් හොඳයි. නරකද ඉන්නා අයට රට එපාවෙන වැඩ නොකර ඉන්න වැඩකළොත්. (නි)

:       0       0

ධම්ම Thursday, 22 September 2016 01:24 PM

ඔන්න නමේ අගට නිව්යෝර්ක්, කැලිෆෝනියා, වොෂින්ටන් ආදිය එකතුකර ගනිමින් අදහස් දාන දේශප්‍රේමී විශේෂඥයින්ට නියම අවස්ථාවක් රටට සේවය කරන්න. (නි)

:       0       0

ශශිකා Friday, 23 September 2016 02:55 AM

චාමර සමඟ මම එකඟයි (නි)

:       0       0

කිත්සිරි Friday, 23 September 2016 03:11 AM

ඇමෙරිකාව හරි වෙන රටක් හරි කරන දේ කරන්න යන්නේ නැතුව, අපට ආවේණික දේශීයත්වයට ගැළපෙන ක්‍රමවේදයක් දේශපාලන අවංකභාවය තුළ භාවිතා කළොත් රට දියුණුවෙයි. (නි)

:       0       0

අබය Friday, 23 September 2016 03:17 AM

ඔය තියන මුල්ගල් කොච්චර පැලවෙලා තියෙනවද?

:       0       0

අසංක Thursday, 22 September 2016 02:34 PM

ලංකාවේ ගෙදරක ඉන්න කෙනෙකුට වුනත් අමතර ආදායමක් ගන්න ඊබේ වැනි වෙබ් අඩවි වලින් පුලුවන් .රු 200ට ලංකාවේ විකුණන ටී බෑග් පැකට් එක ඩොලර් 10ට විකුණන්න පුලුවන් ඊබේ එකේ. රට සල්ලි හොයන්න සරලවම පුලුවන් මේ වගේ දේවලට රජයක් විදිහට ඔබතුමාල ලංකාවට පේ පෑල් අරන් දෙන්න මහා පරිමාණ දේවල් ගැන විතරක් හිතන්නේ නැතුව..(බ)

:       0       0

සිරි Thursday, 22 September 2016 02:40 PM

ලෝකේ බලවත්ම රට වෙන්නේ හොදම හමුදාව ඉන්න රට නෙමෙයි. හොදම විද්‍යාඥයන් ඉන්න රට. (බ)

:       0       0

සකුන්තලා Friday, 23 September 2016 04:00 AM

වැල් බයිලා කියන්න එපා අගමැති තුමා. අපේ රටේ දක්ෂයෝ ගොඩක් මෙහෙ වේලෙනවා. ඒ අතරින් ඇමරිකාවට ගිය ටික දෙනෙක් දක්ෂකම් දක්වනවා. රටේ දැනට තියෙන රක්ෂා ටිකත් ඉන්දියාවට පිනට දෙන්න යනවා .නිදහස ලබල අවුරුදු 68 ක් ගියා.එජාප ශ්‍රී ලංකා රජයයන් තිබ්බ. අද වෙනකොට අපි අරාබියට බැලමෙහෙවරකම් පිණිස කාන්තාවන් යවන හිඟන රටක් වෙලා. (බ)

:       0       0

නිමන්ත පතිරණ Friday, 23 September 2016 04:01 AM

දීර්ගකාලින සැලසුම් අපේ අයට හරියන්නේ නෑ. අපේ මිනිස්සුන්ට නැතිම දේ තමයි ඉවසීම. (බ)

:       0       0

ගයාන් Friday, 23 September 2016 04:33 AM

ඉන්දියාවේ විශේෂඥයෝ ටික ගෙනාවොත් මොනවා වෙයිද ලංකාවට? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site