IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අර පැත්තේ බිස්කට් දෙකට පනස්දහසක් දඩ කයි

 රුපියල් නම ලක්ෂ හතලිස් දහසක් වටිනා රන් බිස්කට් දෙකක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ  චෙන්නායි බලා යාමට උත්සහ කළ ශ්‍රී ලංකිකයෙකුට රුපියල් පනස්දහසක දඩයක් නියම කළ රේගුව එම රන් බිස්කට් දෙක රාජසන්ත කළේය.

මේ පිළිබඳව රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පී.කේ පන්ඩුක මහතා විසින් සිදු කළේය.

 රේගු මාධ්‍ය ප්‍රකාශක  රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ
සැකකරු සමන්තුරේ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක් බවත් ඔහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 153 දරණ ගුවන්යානයෙක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමින ඇති බවත්ය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පී.කේ පණ්ඩුක, රේගු අධිකාරි එස්.පී.එල් බාලසුරිය සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව්.අයි වනිගසිංහ, සරත් අතුකෝරල, කසුන් ගමගේ, අමල් අබේධීර, මදුරංග ගොඩගේ, රෝහණ කුමාර, අසංක ප්‍රියදර්ශන, ධම්මකා ප්‍රියදර්ශනී  යන නිලධාරීහු සිදු කළහ.

 



අදහස් (0)

අර පැත්තේ බිස්කට් දෙකට පනස්දහසක් දඩ කයි

අන්දච්චි Tuesday, 18 March 2014 02:43 AM

හිස් මුදුනේ තියා ගත්තු රත්තරන් වලට.(නදී)

:       0       0

මහේෂ් පතිරණ Monday, 17 March 2014 02:12 PM

මේ ගඳ ගහන වැඩේ කරොත් කරන්නේ ඉතින් ඔය පැත්තේ අයම තමා (අ)

:       0       0

සත්‍යයා Monday, 17 March 2014 04:48 AM

පස්ස පැත්තෙන් හරි රත්තරන් එළියට ගන්න පුළුවන් උනොත් චීනයෙන් ගත්ත ණය ටික ඒ මුදලෙන් හරි ගෙවල දාන්න පුළුවන් වේවි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site