IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


අර්චුනාගේ කතාවට ආරක්ෂක ලේකම්ගෙන් පිළිතුරක්

(සුජිත් හේවාජුලිගේ)

කන්ටේනර් තුන්සිය විසිතුනකින් ප්‍රභාකරන්ගේ අවි ආයුධ ගෙනා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා මහතා කරන ප්‍රකාශය පදනම් විරහිත බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.

රටකින් රටකට ඒ ආකාරයට අවි ආයුධ ගැනීමේ කිසිදු හැකියාවක් නැතැයි පැවසූ ආරක්ෂක ලේකම්වරයා මේ ආකාරයට ජනතාව නොමග යැවීම අපරාධයක් බවද සඳහන් කළේය.

වරායට පැමිණෙන සියලුම කන්ටේනරයක්ම දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (9)

අර්චුනාගේ කතාවට ආරක්ෂක ලේකම්ගෙන් පිළිතුරක්

යෝගා Saturday, 07 June 2025 11:35 AM

ආයුධ නෙමෙයි නම් ගෙනාවේ මොනවද කියලා රටට කියන්න. නැත්නම් ඔයාටත් උසාවි ගානේ රස්තියාදු වෙලා නියෝග දීපු ලොක්කෝ එක්කම හිරේ ලගින්න වෙයි.

:       14       37

මහසෙන් Saturday, 07 June 2025 11:58 AM

යන්නේ කොහේ ද මල්ලේ පොල්. ලොක්කත් එකයි ගෝලයොත් එකයි. ඉතින් කන්ටේනර් වල ආයුධ නොතිබුණා නම් ඒකේ තිබ්බ දේවලුයි ඒක නිදහස් කරපු හේතුවයි කියනවලාකෝ රටට. එතකොට ඒ අපවාදේ නෑනේ.. රට දෙල් පැපොල් වගේ විකාර නොකියා...

:       13       32

ගුණරත්න Saturday, 07 June 2025 12:35 PM

කලින් රේගුවෙන් කියා තිබුනේ ඔය කන්ටේනර් වල තිබුනේ මොනවාද කියලා ඔවුන් ගාව තොරතුරු නැහැ කියලා. ගම්මන්පිල මන්ත්‍රීතුමා එහෙම කියා තිබුණා, ඔහුට රේගුවෙන් ලැබුනේ ඒ පිළිතුර කියලා. දැන් ඉතින් කොහොමද ඔය කන්ටේනර් වල තිබුනේ මොනවද කියලා හොයන්න?

:       8       11

ලුම්බිණි Saturday, 07 June 2025 12:35 PM

මේකත් රන්වලගේ පී එච් ඩී එක වගේ...

:       9       12

ඉන්දික Saturday, 07 June 2025 01:01 PM

පරික්ෂා කළා නම් කියන්නකෝ මොනාද ඒවායේ තිබ්බේ කියලා... එතකොට ඔය ප්‍රශ්න ඉවරයිනේ..!

:       6       15

prasanna Saturday, 07 June 2025 01:29 PM

එහෙනම් මොනවද ගෙනාවේ? ලැජ්ජද කියන්න...

:       8       15

රනේ Saturday, 07 June 2025 01:38 PM

මොනවා තිබ්බොත්ද වස්තුවේ ඔයාලා පිළිගන්නේ?

:       7       17

වලේසුදා Saturday, 07 June 2025 02:13 PM

මෙයත් මාලිමා කඩේ කෙනෙක්නේ. ඒ කියන්නේ ඩෝබියෙක්. මොකටද එහෙම නම් ඒ බහාලුම් සඟවාගෙන අරගෙන ගියේ..? මේවා සියල්ල එළියට එන දවසක් එනවා. එතකොට කාටකාටත් ජම්පර් සිහින සැබෑවෙයි. වැරැදි නම් කවරු කළත් වැරදියි...

:       8       10

ලාල් ගලබඩ Saturday, 07 June 2025 06:01 PM

ඕකේ රත්තරන් තිබුණා කියලා කවුරුත් කියන්නේ නැත්තේ, එහෙම කියලා දන්නේ නැති නිසාද? එක්කෝ දියමන්ති විතරයි තිබුනේ කියලා කියන්න කෙනෙක් නැද්ද?

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 485 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 320 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site