(වසන්ත චන්ද්‍රපාල)
කොටි ත්‍රස්තවාදීන් විසින් අරන්තලාවේ දී 1987 ජුනි 02 වෙනි දින ඝාතනය කරන ලද හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා 32 නම සිහි කිරීමේ 35 ගුණ සමරුව අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබීය.
අරන්තලාව පිහිටා ඇති හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර පිළිරුවට මල් තබා පුෂ්පහාර දැක්වීමෙන් අනතුරුව අරන්තලාව ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉදිකරන ලද ජල පිරිසිදු මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව ගුණ සමරු උත්සවය පවත්වනු ලැබීය.
100 නමක් මහා සංඝයා වහන්සේ සඳහා දානය පිරිනැමීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වයෙන් සිදු කෙරිණි.
උතුරු නැගෙනහිර ප්‍රධාන අධිකරණ සංඝනායක අම්පාර මහාවාපි මහා විහාරාධිපති අරන්තලාව ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිඳිවැල සෝමරත්න නායක හිමියන් ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවය සඳහා අම්පාර දිසාපති ජෙ. එම්. ඒ. ඩග්ලස්, ශ්‍රී ලංකා යුද හමුදාවේ නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන, 24 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් සාලිය අමුණුගම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගිණිකොණ නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් එම්. එස්. කේ. ආර්. මහවත්ත, අම්පාර පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත්, මහඔය ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික නිලන්ත ගුණවර්ධන යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අරන්තලාවේ භික්ෂුන් සිහිකරති
ranjith Friday, 03 June 2022 09:08 AM
මේ පාපක්‍රියාවට වගකිව යුතු ම්ලේච්ඡයෝ අද ඉන්නේ කොතැනද?