බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙහෙයවන බස්නාහිර පළාත් පාසල් ක‍්‍රීඩා උළෙලේ අර්ධ මැරතන් සහ පාපැදි (බාලක සහ බාලිකා) තරගවලට අයැදුම්පත් බාර ගැනීම මේ මස 31 වැනිදා අවසන් වේ.
අර්ධ මැතරන් තරග ජූනි මස 9 වැනිදා මතුගමදී ද, පාපැදි තරග ජූනි මස 16 වැනිදා කොළඹ විහාරමහාදේවි උද්‍යානය වටා ද, පැවැත්වීමට නියමිතය.
තරගවලට සහභාගි වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වයස 15 ට වැඩි වියයුතු අතර වයස සහතික කිරීම සඳහා උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් යොමුකළ යුතුය. අනන්‍යතාව සහතික කිරීම සඳහා 1995 සහ 1996 වසරවල උපන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතික හැදුනුම්පත හෝ විදේශ ගමන් බලපත‍්‍රය ඉදිරිපත් කළ යුතු අතර 1997 සහ 1998 වසරවල ක‍්‍රීඩික ක‍්‍රීඩිකාවන් තැපැල් හැදුනුම්පත හෝ විදේශ ගමන් බලපත‍්‍රය ඉදිරිපත් කළ යුතුය.
මෙම තරගයට සහභාගි වීමට නම් රජයේ වෛද්‍යවරයකුගෙන් ලබාගත් ශාරීරික යෝග්‍යතා සහතියකයක් අනිවාර්ය වේ. ඊට අමතරව රජයේ රෝහලකින් ලබාගත් ඊ. සී. ජී. වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතුය. ක‍්‍රීඩකයා හෝ ක‍්‍රීඩිකාව නිසි ලෙස ප‍්‍රමාණවත් පුහුණුවීම් කළ බවට විදුහල්පතිවරයාගේ සහතික කර අවසර ලබාදීමේ ලිපියක් ද ඉදිරිපත් කළ යුතුය.
අයැදුම්පත් විදුහල්පතිවරයා හරහා සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ ක‍්‍රීඩා, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, නො. 76, ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 07 යන ලිපිනයට යොමු කළ යුතුය.
තරගාවලි පිළිබඳ වැඩි විස්තර 0718135947 (උපාලි අමරතුංග) හෝ 0718257403 (කාන්තසිරි මිගමුවගේ) යන දුරකථනවලින් ලබාගත හැකිය.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අර්ධ මැරතන් - පාපැදි තරග අයැදුම්පත් කැඳවීම 31 දක්වා