IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අර්තාපල්,ලොකුලූණ සහ පරිප්පු මිල යළි පහතට

(මුදිතා දයානන්ද)

අර්තාපල්, ලොකු ලූණු, පරිප්පු ඇතුලූ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කීපයක මිල ගණන්  පහත වැටී ඇතැයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

පිටකොටුවේ දේශිය ආනයනික අර්තාපල් කිලෝවක සිල්ලර මිල රුපියල් 180 දක්වා ද, ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 150 දක්වා ද පහළ බැස ඇති බව දැකගත හැකි විය.

දේශීය අර්තාපල් මිලද රුපියල් 380 දක්වා පහත බැස ඇත. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේද ආනයනික අර්තාපල් කිලෝවක මිල මේ වන විට රුපියල් 220 දක්වා අඩුවි ඇත. ආනයනික අර්තාපල් මිල මීට සති දෙකකට පමණ පෙර පැවතියේ රුපියල් 230- 240 අතර සීමාවේය.

ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 150 දක්වා පහත වැටි ඇති අතර නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එය රුපියල් 170ක් ලෙස පැවතිණ.

ලංකා සතොස වෙළඳසැල්වලද ලූණු කිලෝව 165ක් ලෙස ලෙස අලෙවි වනු දැකිය හැකි විය. ලොකු ලූණු මිල මිට පෙර පැවතියේ කිලෝව රුපියල් 220- 240ත් අතරය. බොහොමයක් සුපිරි වෙළඳසැල්වල ආනයනික අල දැකිය නොහැකි අතර ඒවායේ පවතින්නේ දේශීය අර්තාපල් පමණ. එහි කිලෝවක මිල රුපියල් 560ක් ලෙස ප‍්‍රදර්ශනය කර තිබිණ.

පරිප්පු මිල ගණන්ද සැළකිය යුතු මට්ටමකින් පහත වැටි ඇත. මේ වන විට පරිප්පු කිලෝව රුපියල් 460ත් 480ත් අතර පවතී. ලංකා සතොසේ එය රුපියල් 485ක් ලෙස දැකගත හැකි විය.

වියළි මිරිස් කිලෝවව රුපියල් 1600ක් ලෙස පිටකොටුවේ අලෙවි වු අතර නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්තානයේදී එය රුපියල් 1640ක් විය.

පිටකොටුව හා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානවල සුදු සීනි කිලොම්ක මිල රුපියල් 300ත් 305ත් අතර පැවතිණ. ලංකා සතොසේ සුදු සීනි කිලෝව රුපියල් 298කට මිලදී ගත හැකිය. එහෙත් සුපිරි වෙළඳසැල්වල තවමත් සීනි මිල ගණන් පවතින්නේ කිලෝව රුපියල් 356ත් 359ත් අතරය.

 



අදහස් (0)

අර්තාපල්,ලොකුලූණ සහ පරිප්පු මිල යළි පහතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site