IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අර්ජුන මැතිව්ස්ට ලකුණු දෙයි - තිලංගට දුස්රාවක් යවයි

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට කැඳවීම කනගාටුවට කරුණක් යැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා යාපනයේදී පැවසීය.

ගෙදරට ගොස් දේශපාලඥයින්ගෙන් ප්‍රශ්න කරන රටක ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා පොලිසියට කැඳවීම අර්බුදකාරී තත්ත්වයක් බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ඔහු මෙසේද කීය.

' වැරැද්දක් වෙලා තියෙනවා නම් පරීක්ෂණයක් කරන්න ඕනෑ බව මම හැම වෙලාවේම කියනවා.එහෙත් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ළඟ එන අවස්ථාවක මැතිව්ස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට කැඳවීම කනගාටුවට කරුණක්.ක්‍රීඩා අමාත්‍යවරයාත් , ක්‍රිකට් ආයතනයත් මෙවැනි තීරණයක් ගැනීම ප්‍රශ්නයක්.'

'අද ක්‍රිකට් පරිපාලනයට සූදු ව්‍යාපාරිකයින් ඇවිල්ලා.ක්‍රීඩා ඇමැතිවරයා සහ ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා මීට වගකිව යුතුයි.රටේ ක්‍රීඩා මුදලට යටනොවන තත්ත්වයකට පත් කළ යුතුයි.එහෙම නොවුණොත් අපි හදපු ක්‍රිකට් ක්‍රීඩාව විනාශයට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාත්,ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාත් සහය දුන්නා වගේ වෙනවා.'

'මැතිව්ස් පරීක්ෂණ වලට සහාය දෙනවා කියලා තියෙනවා මම දැක්කා.එහෙම අවස්ථාවක මේ සියල්ල දැක්මක් සහිතව කළ යුතුයි.එහෙම නොකළොත් ලංකාවේ ක්‍රීඩකයින් පමණක් නොවෙයි.කණ්ඩායමත් අපකීර්තියට පත්වෙනවා'. අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.



අදහස් (0)

අර්ජුන මැතිව්ස්ට ලකුණු දෙයි - තිලංගට දුස්රාවක් යවයි

චන්න Sunday, 24 January 2016 03:25 PM

අර්ජුන හරි. එෆ්සීඅයිඩී ගෙනියන්න ඕනා නිශාන්ත රණතුංග කියන පල් හොරා මිස මැතිව්ස් නොවේ (බ)

:       0       0

අමල් Sunday, 24 January 2016 03:48 PM

චන්න කියන්නේ සහතික ඇත්ත (බ)

:       0       0

සුමිත්‍ර බස්නායක Sunday, 24 January 2016 04:05 PM

අර්ජුන ඔබ මොකවත් නොදන්නවා වගේනේ කතා කරන්නේ.(බ)

:       0       0

සේනක Monday, 25 January 2016 06:40 AM

මෙයා ඉස්සෙල්ල කී පොලක ගාගත්තද? දැන් හත් පොලේම ගාගන්නද කොහෙද සුදානම. (බ)

:       0       0

ලංකා Sunday, 24 January 2016 05:37 PM

හැමෝම වැරදිය​, මා පමණක් හරිය... (නි)

:       0       0

සිරි Sunday, 24 January 2016 09:36 PM

අර්ජුන, ඉදිරියේදී ජනතාව නියම පිළිතුර දෙයි (නි)

:       0       0

සමන්ති Monday, 25 January 2016 01:10 AM

සිද්ධියට සම්බන්ධ බුකිකරුවන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීම කළයුතුයි නේද?? (නි)

:       0       0

සිරිමල් Monday, 25 January 2016 02:20 AM

අර්ජුන, ඔබට දිගාසිරි! ඔබ රටට ආදරය කරන බව අපි දනිමු. (නි)

:       0       0

දිනුක් Monday, 25 January 2016 02:16 AM

චන්න, ඔයා ළඟ සාක්කි තියෙනවා නම් ඉතින් ගෙනියන්න. මොනවද නිශාන්ත රණතුංග හොරකම් කරලා තියෙන්නේ. අපිටත් දැනගන්න කියන්නකෝ. අපි නම් අහලා තිබුනේ ඔහු හොඳ මහත්මයෙක් කියලා. (නි)

:       0       0

හර්ෂ Monday, 25 January 2016 03:50 AM

මට නම් පෙන්නේ අර්ජුන මහා මණ්ඩලයක් , කොහෙන් හෝ ලකුණු දාගන්න හොයනවා,... තම දේශපාලනේ කළාම ලංකාවේ ඉන්නට වෙන්නේ .(බ)

:       0       0

අමල් Sunday, 24 January 2016 01:47 PM

ඒ දෙන්න හැමදාමත් රන්ඩු වෙනවා නේද ?(හේ)

:       0       0

වසන්ත Sunday, 24 January 2016 01:59 PM

ඒ කතාව නම් ඇත්ත තමයි.(හේ)

:       0       0

අමල් Sunday, 24 January 2016 02:12 PM

උඹලා අමාරුවෙන් හදපුවා වැඩක් නෑ. පරණ ලොක්කගේ අය ආයෙත් වැඩ පටන් අරන් (බ)

:       0       0

අමා Sunday, 24 January 2016 03:20 PM

මෙයා කොයි රටේද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site