(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල් ලක්ෂ 6206 ක (කෝටි 62 ) මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වන්දි වශයෙන් ලබාගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා අනාවරණය කළේය.
අමාත්‍යවරයා එසේ පැවසුවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ සංවිධානය කළ හොරණ ගෝනපල ප්‍රදේශයේ පාක්ෂික හමුවක් අමතමිනි.
අමාත්‍යවරයා මෙසේද කීය.
කෑගල්ල නගර සභාවේ සභාපති ජි. කේ. සමරසිංහ ලක්ෂ 103 .5 යි , බලන්ගොඩ නගර සභාවේ සභාපති ඩබ්ලිව්. ඒ. ඩබ්ලිව්. පි. ගුණරත්න රුපියල් ලක්ෂ 104.5 යි , කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ජි. ඒ. මුණගොඩ රුපියල් ලක්ෂ 109.5 යි , මිනුවන්ගොඩ නගරාධිපති එච්. කේ. ඩබ්ලිව්. ජයසේකර රුපියල් ලක්ෂ 122.56 යි , සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ රුපියල් ලක්ෂ 131 යි , මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. එල්. පත්මකුමාර රුපියල් ලක්ෂ 129. 2 යි , රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ටි . නිමල් රුපියල් ලක්ෂ 139.9 යි , කැස්බෑව නාගරික මන්ත්‍රී පි. ඩි. ධර්මදාස රුපියල් ලක්ෂ 144.8 යි , අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්. පි. සෝමදාස රුපියල් ලක්ෂ 178 .7 යි , ගම්පා ප්‍රාදේශීය සභාවේ සභාපති කේ කේ අබේරත්න රුපියල් ලක්ෂ 221.6 යි , බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතින්ම සුනිල් ප්‍රේමසිරි රුපියල් ලක්ෂ 233.5 යි , මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ඩබ්ලිව්. එල්. විජේසේකර රුපියල් ලක්ෂ 267.5 යි , හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති එම් ආර් කුමාර රුපියල් ලක්ෂ 352 යි , කැස්බෑව නගරාධිපති නැන්දනිය ලාලිනි කැලුම් රුපියල් ලක්ෂ 392 යි , කොටි කාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉඳුනිල් ජගත් කුමාර රුපියල් ලක්ෂ 450.6 යි , දඹුල්ල නගර සභාවේ සභාපති හේමන්ත ජාලිය රුපියල් ලක්ෂ 627.9 යි , කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා රුපියල් ලක්ෂ 698.7 ක මුදලක් එලෙස ලබාගෙන ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
ලක්ෂ්මන් පෙරේරායි එයාගේ නැන්දම්මයි අරන් තියෙනවා රුපියල් ලක්ෂ 1088 ක් භාණ්ඩාගාරයට ඔබ යවපු බදු මුදල් තමයි පසුගිය කාලයේ මේ විදියට තමන්ගේ හිතවතුන් අතරේ බෙදා ගෙන තියෙන්නේ
දැන් ඒවට වෙනම පරීක්ෂණයක් යනවා මොකද ආණ්ඩුවෙන් වන්දි ගත්තට අමතරව සමහර අය රක්ෂණයෙනුත් අරගෙන .
මෙහෙම තමයි ඒගොල්ලෝ භාණ්ඩාගාරය විනාශ කළේ.
කළුතර ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ මධ්‍යස්ථානය පිහිටී තිස්ස ජාතික පාසලේ ඇතිව තිබෙන තදබදය හේතුවෙන් කළුතර හොරණ මාර්ගය නාගස් හන්දිය ගාලු පාරෙන් වසා දැමීමට ක
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ හැනොයි හි යුද විරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.
රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කරගැනීමට සහ රේගුව කරගෙන යන නවතම ක්‍රියාමාර්ගවල පියවරක් වශයෙන් රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ
විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100
කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි
මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
කව්ද බෝයි Sunday, 04 May 2025 08:26 PM
ආසියාවේ පළපුරුදු ආශ්චර්යය.
Prabath Sunday, 04 May 2025 10:40 PM
ඔබලාට පුළුවන් ඔච්චර තමයි. කියපු බොරුවල හැටියට ඕවා ඔක්කොම බොරු. වැරැදි නම් අල්ලලා හිරේ දාන්න එපෑයෑ.. කියව කියවා ඉන්නේ...
Senarath Monday, 05 May 2025 08:44 AM
ගිනිතියපු අයම වන්දි ගනිපු හැටි හෙළිකිරීම හාස්‍ය ජනකයි... අද ඒවට වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙත් රටේ අහිංසක ජනතාවට...