IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


අරගලයේ දැන් ඉන්නේ පිස්සන් කුඩුකාරයින්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අරගල භූමියේ දැන්  සිටින්නේ පිස්සන්, කුඩු කාරයන් පිරිසක් පමණක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ හදිසි නීතිය ගැසට් නිවේදනය සම්බන්ධයෙන් පැවැති විවාදයේදීය.

ජනපති මන්දිරයේ තිබූ පෞරාණික ඡායාරූපවල අත්සන් තැබූ  පිරිසකගෙන් මේ රටට කුමන විමුක්තියක් දැයි ඔහු ප්‍රශ්න කළේය.

ආර්ථික ප්‍රශ්නයෙන් පීඩාවට පත්ව සිටින මේ රටේ ජනතාව අරගලයට හදවතින්ම බද්ධ වුණු  නමුත් අරගලකරුවන්ගෙන්  අසීලාචාර හැසිරීමක්  ඔවුන් කිසිවිටෙකත් බලාපොරොත්තු නොවුණු බවත්  අරගලකරුවන්ගේ පිස්සු වැඩ නිසා ජනතාවට  දැන් අරගලය එපාවී ඇති බවත්  රණතුංග මහතා කීවේය.

අරගලකරුවන් මේ රටේ හමුදාවට සහ පොලිසියට සැලකුවේ පහත් විදියට බව   පැවසූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා  අරගලය මැද ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩත්වය මැඩ පැවැත්වීමට ගත් උත්සහය සම්බන්ධයෙන් යුද හමුදාවට සහ පොලිසියට  ස්තුතිය පුද කරන බවද  ප්‍රකාශ කළේය.

ඒ වෙනුවෙන් ඔවුන්ට වෙනම උපහාර පිදීමක් කළ යුතු බවද ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

අරගල කරුවන්ගේ ප්‍රචණ්ඩත්වය කෙසේ හෝ පාලනය කළ යුතු බව  ඔහු  වැඩිදුරටත්  සඳහන් කළේය.



අදහස් (18)

අරගලයේ දැන් ඉන්නේ පිස්සන් කුඩුකාරයින්

Shashika519 Wednesday, 27 July 2022 12:25 PM

කප්පම්කරුවෙක් කථා කරයි..

:       3       40

මේකප් ටෙස්ට්..Wednesday, 27 July 2022 02:28 PM

කොහොමද රූපවාහිනියට බලෙන් රිංගලා, කලබල කරලා වවාගෙන හිටිය රැවුල අතගගා මූණ පෙන්නාගෙන කෝණ්ඩේ වවාගෙන වීරයින් වගේ නටපු කෙනා ලස්සනට රැවුලයි, කොණ්ඩෙයි කපලා අඳුනගන්න බැරිවෙන විදියටම ඩුබායි යන්න ජැන්ඩියට ප්ලේන් එකේ ඉඳඟෙන ඉඳලා අහුවුන හැටි..!

:       0       0

sam Wednesday, 27 July 2022 12:26 PM

පිස්සන් හා කුඩු කාරයන් කප්පම් කාරයින්ට වඩා හොඳයි.

:       7       49

Kumara Wednesday, 27 July 2022 12:29 PM

දැන් දෙයියන්ගේ රටේ කට වරද්දා ගන්න එපා.

:       3       35

nanda Wednesday, 27 July 2022 12:41 PM

එතැන කප්පම් අරන් උසාවියෙන් වරදකාරයෝ වුණු අය ඉන්නවද දන්නේ නෑ.

:       0       0

C.K.Lankaputhra Wednesday, 27 July 2022 12:44 PM

ඔයා හරි නම් අල්ලස් ගත් බවට ඔප්පු වුණේ හිරේ ඉන්න ඕනෑ මිනිහෙක්...

:       0       0

sharm warn Wednesday, 27 July 2022 12:48 PM

පිස්සන්, කුඩුකාරයින් දුන්නු ඡන්දවලින් නෙමෙයිද ඔහේ ඔතැනට ආවේ..? මුලත් අමතක වෙලා... එක තැනක පිස්සොයි, කුඩුකාරයොයි රටේ ජාතික ධනයට අතතියන්නේ නැහැනේ... කප්පම්කාරයෝ, කොමිස්කාරයෝ, මංකොල්ලකාරයෝ, හොරු සහ මිනීමරුවන් පාලනය කරන රටක ජනතාව පිස්සන් නොවී හිටියා නම් තමයි පුදුමේ...!

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 27 July 2022 01:05 PM

නිකං විකාර කතා කියන්නට එපා. පොහොට්ටුවට ඡන්දය දුන් අය තමයි වැඩියෙන්ම පාරට බැස්සේ... ඉන්ධන, ගෑස් නැති තැන, බඩු මුට්ටු ගිනි ගණන් වනවිට, මිනිසුන්ට බඩගින්න හා පීඩනය වැඩිවෙන විට පාරට නොබැස වෙන මොනවා කරන්නද? මුලදී අරගලය සාමකාමී හා නිර්පාක්ෂික පොදු දෙයක්ව තමයි තිබුණේ. ඔබලාගේ කට්ටිය අරලිය ගහ මන්දිරයේ සිට සංවිධානය කළ ඒ අනීතික ප්‍රහාරය නිසා ජනතාව සැහැසි වුණා. ඒත් එක්කම එයට හොරුන් පාතාලයින් වැනි අය එකතු වුණා. මේ සිදුවූ සෑම සියලු දේ සඳහා වගකිවයුතු වන්නේ පොහොට්ටුවේ නායකයන් ඇතුළු මැති ඇමැතිවරුන්. ඒත්, දැන් ඒවා වහන්න වෙනත් විකාර කියවනවා...

:       2       17

fairoos Wednesday, 27 July 2022 01:39 PM

ඔබලා වගේ අය පාර්ලිමේන්තු ගෙනාපු අයට ගහන්න ඕනෑ.

:       1       31

sachith Wednesday, 27 July 2022 01:51 PM

ගම්පහ අධිකරණය ඉස්සරහදී වෙඩි තියලා 4 දෙනෙක් රෝහලේ කියලා දාලා තියෙනවා. අරගලයේ ඉන්න කුඩ්ඩොයි, පිස්සොයි ගැන හොය හොයා ඉන්න ඔයාලා...

:       0       13

Hafeel Wednesday, 27 July 2022 02:01 PM

කප්පම් කාරයෙක් කොහොමද අරගල කරුවන්ට අභියෝග කරන්නේ? අරගල කරුවන් අතර කප්පම් කරුවන් නැහැ. මේ කප්පම් කාරයාට දීපු දඬුවම් ප්‍රමාණවත්ද? සාමාන්‍යයෙන් කප්පම් කාරයකුට මේ රටේ මෙහෙමද දඬුවම් දීලා තියෙන්නේ?

:       0       0

කිරි පුතා Wednesday, 27 July 2022 02:22 PM

මෙතුමාගේ හොඳනරක නම් දන්නේ නෑ. නමුත් දැන් අරගලය කියන්නේ ඒක කරන අයගේ රැකියාව...!

:       0       0

Nuwan Wednesday, 27 July 2022 02:38 PM

පාර්ලිමේන්තුවේ ඉන්නේ හරක් හොරු, කුඩු කාරයින්, මිනීමරුවන්, වංචාකාරයින් සහ කප්පම්කාරයින්...!

:       0       0

dm Wednesday, 27 July 2022 02:56 PM

පිස්සන්, කුඩුකාරයින් විතරක් නෙමෙයි, මංකොල්ලකරුවන්, හොරුන්, මිනීමරුවන් ගෙවල් ගිනිතියන අපරාධකරුවන්... මන්ත්‍රීවරයෙක් පාරේ මැරුවේ.... මහලොකු සාමකාමී අරගලේ. බම්බුව තමයි..

:       10       9

randil Wednesday, 27 July 2022 04:24 PM

පාර්ලිමේන්තුවේ ඉන්නේ මුදලට විකිණෙන අය...!

:       0       0

ගමේ එකාලා Wednesday, 27 July 2022 05:02 PM

ඔය පාර්ලිමේන්තුවේම කුඩුකාරයින් ඉන්නවා. කුඩු ජාවාරම් කාරයන්ගේ පිහිටෙන් ඡන්ද කෙරුවේ කවුද? ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත්, රටම හොරාකාලා කාබාසීනියා කෙරුවේ දූෂිත දේශපාලුවන්.. තමුන්ගේ පවුලේ ඔක්කොම දේශපාලනෙන් හොරාකාලාම බඩවඩා ගත්තු උදවිය කියලා රටම දන්නවා...

:       1       6

ganegoda Wednesday, 27 July 2022 07:20 PM

මෙයාව අල්ලගන්න කවුරුවත් කෙනෙක් නැද්ද?

:       0       2

විපරමා Wednesday, 27 July 2022 10:02 PM

තමුන් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දූෂිත දේශපාලුවෙක්... කප්පම් කාරයෙක් කියලා දන්නෝ දනිති. නිකම් සුද්දවන්තයෙක් වෙන්න එපා. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත දේශපාලුවන් කරපු මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නිසා රටට වෙලා තියෙන විනාසේ ලෝකෙම දන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 290 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 778 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site