IMG-LOGO

‘‘අරගලයට පහරදුන් මැරයන් අල්ලනු‘‘

(ඉන්දිකා  රාමනායක)

ගාලුමුදොර අරගලයට පහර දීමට මුල් වු මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිස සතියක් ඇතුළත අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිස්පතිවරයාට බලකරමින් සහ සමාජවාදී තරුණ සංගමය පාගමනින් පොලිස්පතිවරයාට ලිපියක් බාර දීමට පොලිස් මුලස්ථානයට අසලට  පැමිණීම හේතුවෙන්  පොලිස් මුලස්ථානය ඉදිරිපිට අද (16) උණුසුම් තත්ත්වයක්  හටගත්හ.

පිරිස පොලිස්පතිවරයා හමුවීමට පොලිස් මුලස්ථානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව විවෘත කර කරගෙන පොලිස් මුලස්ථානයට ඇතුලු වීමට උත්සහ කළ අවස්ථාවේ මෙම උණුසුම් තත්ත්වය හටගත්හ.

විරෝධතාකරුවන් රැගෙන ආ ලිපිය පොලිස්පතිවරයාට බාර දීමට අවස්ථාව හිමි නොවු අතර ඒ සදහා පැමිණි සිටි නියෝජිතයන්  දෙදෙනාට බාර නොදුන් අතර ඔවුන් කෙරෙහි විශ්වාසයක් නොමැති බවට  පවසමින්  විරෝධතාකරුවන් එම ලිපිය පොලිස් මුලස්ථානය ඉදිරිපිටදීම ගිනි තැබුහ.

මෙම විරෝධතාව අද පස්වරු 4.00 ට පමණ  කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ වු අතර එය පා ගමනින් පොලිස් මුලස්ථාන බලා ගමන් ගත්හ.

 සාමකාමි අරගලයට  පහර දීලා  අද වෙනකොට අවස් 7 යි, ගහපු එවුන් සැප නින්දේ, පොලිස්පති  බලා සිටියි, ආණ්ඩුව - පොලිසිය  මැරයන් ටික රකින විට අරගලයම රැක ගන්නට පෙරට  ආවේ මහජනයයි,  සටන් කරපු මහජනයා පන්න පන්නා හිරේදැම්මා, අණදුන්නේ මන්දිරයෙන්  - ගුටි කෑවේ අපේ එවුන්, බේරගතන්න මගට ආව අපේ එවුන්-   උන් හොයන්නේ අපෙ  එවුන්, ආදි නොයෙක් සටන් පාට කයමින් පිරිස පොලිස් මුලස්ථානය වෙත ගමන් ගත්හ.

මෙම පා ගමන හේතුවෙන් පොලිස් මුලස්ථානය අසල අතිරේක කණ්ඩායම් යොදා යොදවා තිබිණි.

 පිරිස  පොලිස් මුලස්ථානය ඉදිරිපිට සාමකාමී විරෝධතාවේ නිරත වෙමින් සිට   පිටය ගියහ. 

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (0)

‘‘අරගලයට පහරදුන් මැරයන් අල්ලනු‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site