IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අය වැය තුනෙන් දෙකෙන් සම්මතයි

මුදල් ඇමති රවී කරුණානායක මහතා ඉදිරිපත් කර 2016 අය වැය තෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 109කින් සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 160ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 51ක් පමණි. මන්ත්‍රීවරු 13 දෙනෙක් ඡන්ද විමසන අවස්ථාවේ සභා ලැබේ නොසිටියහ.

ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය දුන් අතර දෙමළ ජාතික සන්ධානය අය වැයට පක්ෂව ඡන්දය දුන්නේය.

 හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, පවිත්‍රා වන්නිආරච්චි, ජනක බණ්ඩාර, ගීතා කුමාරසිංහ සහ මනූෂ නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සභාවේ නොසිටියහ.

අය වැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර මෙවර එය එක් ඡන්දයකින් වැඩි වී තිබේ. ගිය වර විරුද්ධව ඡන්ද 52ක් ලැබුණු අතර මෙවර එය එක් ඡන්දයකින් අඩු වී ඇත.

මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ අවසන් අය වැයේ තෙවැනි වර ඡන්ද විමසීම පසුගිය වසරේ නොවැම්බර 24 වැනි දා පැවැත්වුණු අතර එය සම්මත වූයේ වැඩි ඡන්ද 95කිනි.  එවර පක්ෂව 152ක්ද විරුද්දව 58ක් ද ලැබිණි. ඡන්දය දෙන අවස්ථාවේ මන්ත්‍රීවරු 15 දෙනෙක් නොවූහ.

2013 වසරේ අය වැය තෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 95කින් සම්මත විය. පක්ෂව ඡන්ද 155ක් ද, විරුද්ධව ඡන්ද 60ක් ද ලැබිණි.

2012 අයවැය වැඩි ඡන්ද 98 කින් සම්මත විය. පක්ෂව ඡන්ද 158 ක්ද, විපක්ෂව ඡන්ද 60 ක්ද ලැබිණි.



අදහස් (0)

අය වැය තුනෙන් දෙකෙන් සම්මතයි

ලෙස්ලි හර්බට් විජේසිංහ Saturday, 19 December 2015 01:11 PM

හිටපු ජනාධිපති නොපැමිණියේ ඇයි? (නි)

:       0       0

මාලි Saturday, 19 December 2015 02:20 PM

අයියෝ! (නි)

:       0       0

අසාද් Saturday, 19 December 2015 02:41 PM

බලද්දී යහපාලනය දියුණුයි වගේ. මහින්දත් හොරෙන්ම ගිහින්නේ. විරුද්ධව කෑගහපු විමල් මහත්තයා කොහෙද ගියේ? (නි)

:       0       0

සුමිත්‍ර බස්නායක Saturday, 19 December 2015 02:46 PM

සම්මත කරගත්තට බලමු වෙනස්කළ දේවල් ඒ විදියටම ක්‍රියාත්මක කරන හැටි. අපි වගේ දුප්පත් මිනිසුන්ට යහපතක් වෙනවා නම් වාසනාවන්! (නි)

:       0       0

කීර්ති Saturday, 19 December 2015 02:58 PM

පොඩි මිනිහා ගැන කවුරුත් හිතන්නේ නැහැ (නි)

:       0       0

ඉසුරු Saturday, 19 December 2015 02:59 PM

ජයවේවා! (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Saturday, 19 December 2015 10:33 PM

ඉතාම හොඳ අයවැයක් බව ඡන්දය දුන් විදියෙන්ම පෙනෙනවා.. (නි)

:       0       0

තිළිණ Saturday, 19 December 2015 10:35 PM

අපි බලමුකෝ මොකක්ද ඉදිරියට වෙන්නේ කියලා (නි)

:       0       0

සංජීව Sunday, 20 December 2015 02:01 AM

ලිච්ඡවී ක්‍රමයට අයවැය හදලා රජදරුවෝ ටික පාරට බැස්සහම අයවැය වෙනස්වෙලා. මේ ක්‍රමයට කියන්නේ මොන ක්‍රමය කියලද? (නි)

:       0       0

මොහාන් Sunday, 20 December 2015 04:12 AM

ඔව් නන්දලාල්, හොඳ අයවැයක් බව ඡන්දය දුන් විදියෙන්ම පෙනෙනවා (නි)

:       0       0

අෂාන් Sunday, 20 December 2015 04:47 AM

මහින්ද මහත්තය ඇතුළු අය නාවේ විරුද්ධව ඡන්දය දෙන්න අකමැති නිසා නේද? අපේ සමහරුන්ට එ්ක නොතේරුනාට එයාල කළේ රැවුලයි කැදයි දෙකම බේරගත්ත එක (බ)

:       0       0

ප්‍රදීප් Sunday, 20 December 2015 05:12 AM

උද්ඝෝෂණය කරලා හරි අපි අවශ්‍ය සාධාරණය ඉටුකරගැනීමට ලැබීම කොච්චර හොඳද? පසුගිය කාලේ රතුපස්වල, මීගමුව උද්ඝෝෂණවල ලැබුණු දේවල් මතක නැද්ද ? (බ)

:       0       0

නිරාන් Sunday, 20 December 2015 05:56 AM

බළලුන් ලවා කොස් ඇට බාවන අයෙක් දුටුවෙමි (බ)

:       0       0

ටෙෂාන් Sunday, 20 December 2015 06:50 AM

අවුරුදු ගණනාවක් අගාධයක තිබු රටක් ක්ෂණික නූඩ්ල්ස් වගේ ගොඩ ගන්න බෑ. ඒ නිසා ඉවසමු (බ)

:       0       0

අනුර Sunday, 20 December 2015 07:06 AM

මහින්ද මොකද මේ කරන විගඩම හැංගිලා? කෙලින් කටයුතු කරන්න ඕන වෙලාවේ මිනිහ ඇදේට යනවා. කරන්න බැරි නම් පාර්ලිමේන්තුවට ඉල්ලුවේ මොකද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site