IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අයි එස් අයි කොළඹ ප්‍රධානියා මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයේ මෙරට ප්‍රධානියා කොළඹ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔස්මන්ඩ්  ජෙරාඩ්  නමැත්තෙකි. සැකකරු දෙමට ගොඩ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි   පුද්ගලයෙකි .

මීට දින කීපයකට ඉහතදී ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනාගෙන් අනාවරණ වූ තොරතුරු මත ඔවුන්  මෙහෙය වූ බව කියන මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා සහාය වන ලෙස ඉකුත් සෙනසුරාදා පොලිසිය මහජනයාගේ සහාය පැතිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් පේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ  ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තු එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව එම උසස් පොලිස් නිලධාරියා පැවසීය.

 



අදහස් (5)

අයි එස් අයි කොළඹ ප්‍රධානියා මාට්ටු

Lankika Sunday, 02 June 2024 08:52 AM

එහෙනම් ISIS කියන්නේ හම්බයෝම නෙමෙයිනේ .වෙන ජාතිවල අයත් ඉන්නවා

:       2       10

Sakalaguru Sunday, 02 June 2024 09:09 AM

ත්‍රස්තයො මෙහෙම සංවිධානය වෙද්දී අපේ දේශපාලුවො එකාට එකා බැනගනිමින් රජ වෙන්න දගලනවා දෙන්න තුන්දෙනා එකතුවෙලා කණ්ඩායම් හදාගෙන බලය ගන්න සූදානම් වෙනවා උන්දැලාට අලුයට ගිනි පුපුරු ඇතිවේවි කියලා හිතන්නේ නැතුව ඇති

:       0       7

sachith Sunday, 02 June 2024 09:44 AM

මේවගේ නාට්‍ය නම් පෙන්නුවට කමක් නෑ .අනේ කරුණා කරලා පාස්කු ප්‍රහාරය වගේ නාට්‍ය නම් පෙන්නන්න එපා

:       1       12

Aruna Manipura Sunday, 02 June 2024 10:01 AM

පූර්ව චන්ද සුදානම....! ජනතාව සිහිබුද්ධියෙන් වැඩ කල යුතු කාලයක් හැගීම් වලට වහල් නොවී...අතීතයේ පාඩම් හොඳටම ඇති...

:       2       11

Saman Sunday, 02 June 2024 03:31 PM

කාදිනල්තුමාගේ නෑයෙක් එහෙම නෙවෙයි නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 503 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site