IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අයි.එම්.එෆ් ණය මුදල ගැන පාර්ලිමේන්තු විවාදය 25

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර අරමුදලෙන් දුන් මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිතය. එහිදීද මේ පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර දේශපාලන පක්ෂ රට වෙනුවෙන් සහාය ලබා දෙනවාද නැද්ද යන්න ගැන මෙම විවාදයේදී දැක බලාගත හැකිවනු ඇතැයි  ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

රත්නායක මහතා මෙසේ පැවසූවේ  ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ එහි ප්‍රගතිය පිළිබඳව විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කරමිනි.

මෙම දැනුවත් කිරීමේ හමුව විදේශ කටයුතු අමාත්‍යංශ  ශ්‍රවණාගාරයේදී පසුගිය 10 වැනිදා  පැවැත්විණ.



අදහස් (1)

අයි.එම්.එෆ් ණය මුදල ගැන පාර්ලිමේන්තු විවාදය 25

Hafeel Wednesday, 12 April 2023 05:17 PM

මෙතන ජනවරමක් නැති පරාජිත සාගල කියන පරිදි "දේශපාලන පක්ෂ රට වෙනුවෙන් සහාය ලබා දෙනවාද නැද්ද යන්න ගැන මෙම විවාදයේදී දැක බලාගත හැකිවනු ඇතැයි කියන එක මෝඩකමක්". රට හොරා කාපු සහ රට බංකලොත් කරපු අය විසින් කවදාවත් රට ගොඩනගන්න බැහැ. තවද එහම ගොඩ දාපු ඉතිහාසයකුත් නැහැ. අනික රටේ ලාබ ලබන ආයතනවල් විකුණලා දාල කොහොමද රටේ ආර්ථිකය ගොඩනගන්නේ? රටට ආදායම් එන්න නම්, ලාබ ලබන ආයතනවල් රටේ සතුවවියයුතුයි. එහම නැතුව කොහොමද රටට ආදායම් එන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site