IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අයි.එම්.එෆ් කොන්දේසි දේවාශිර්වාදයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඇතැම් පාලකයන් රටට කරපු නරක සමඟ සසඳා බලන විට අයි.එම්.එෆ් කොන්දේසි දේවාශීර්වාදයක් බව සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයි.එම්.එෆ් කොන්දේසි වලට වඩා නරක දේවල් පාලකයන් හරහා රටේ සිදුවී තිබෙන බවද කබීර් හෂීම් මහතා කීය.

මේ රටේ පාලකයන් රටට කළ නරක දේවල් සහ මූල්‍ය අරමුදලේ යහපත් කොන්දේසි උදාහරණ සහිතව පෙන්වා දිය හැකි බව කී කබීර් හෂීම් මහතා විදේශිකයන්ට බදු සහන දීම නතර කරන්නැයි මූල්‍ය අරමුදලේ  කොන්දේසි වල තිබෙන බව සඳහන් කළේය.

ලංකාවේ පාලකයන් ෂැන්ගිලා හෝටලය  තියෙන ඉඩම වසර 40 ක බදු සහන සමග විදේශකයන්ට දුන් අතර තඹ සතයක් එයින් රටට ලැබෙන්නේ නැතැයි ද මන්නාරමේ සුළං බල කම්හල පවා ප්‍රසම්පාදන කටයුතු තොරව අදානිට දීලා තියෙන අතර මේවා ජාතික අපරාධ බව කබීර් හෂීම්  මහතා සඳහන් කළේය.



අදහස් (3)

අයි.එම්.එෆ් කොන්දේසි දේවාශිර්වාදයක්

sukitha Friday, 28 April 2023 03:40 PM

ඔබතුමාට කොහෙද ඉතින් මවුබිමක හැඟීමක් නේද?

:       17       6

BamunuarachchiSunday, 30 April 2023 08:51 AM

මේ ගොල්ලන්ට මව්බිමවල් නැහැ. ශ්‍රී ලංකාව මේ ගොල්ලන්ගේ උපන් බිම වුණත් මව්බිම නොවෙයි.

:       0       2

Bamunuarachchi Saturday, 29 April 2023 06:04 AM

දැන් ආණ්ඩුව පැත්තට හැරිලා වගෙයි.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site