(ගයාන් සූරියආරච්චි)
විදෙස් රටක සිටින කාන්තාවකට අයත් අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ බව කියන නුවරඑළිය පොලිසියට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය පවසයි.
නුවරඑළිය පොලිසියේ තනිකඩ භට නිවාසයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2590 ක් අඩංගු පැකට් 13 ක් සන්තකයේ තබාගෙන සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය පොලිසියට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි.
විදේශ රටක සිටින කාන්තාව විසින් මෙම කොස්තාපල්වරයාට මත්ද්‍රව්‍ය පැකට් ලබාදෙන අතර මත්ද්‍රව්‍ය පැකට් 10 ක් අලෙවි කිරීමේදී එම කොස්තාපල්වරයා එක් පැකට්ටුවක් හෝ පැකට්ටුවක් සදහා වැය වන වියදම ලබාදෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
නුවරඑළිය පොලිසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
එම විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කර ඇති බව නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිසි අධිකාරී කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයිස් ජාවාරම් කළ ආධුනික පී.සී මාට්ටු