IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අයවැය දෙපාරක් පැරදුණත් ලොකු පුටුවට ගැටලුවක් නෑ

(සුජිත් හේවාජුලිගේ)

කොළඹ මහ නගර සභාවේ  හෝ වෙනත් ඕනෑම පළාත් පාලන ආයතනයක අයවැය දෙපාරක්   පරාජය  වුවත් ඒවායේ  පාලන  බලයට කිසිදු ගැටලුවක් ඇති නොවන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් පැෆරල්  සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළේ පළමු අවස්ථාවේ මෙන්ම දෙවැනි අවස්ථාවේ  අයවැය පරාජය වුවත්  පළාත්  පාලන ආයතනයක  ප්‍රධානියාට  පාලන බලය ගෙන යෑමට කිසිදු ගැටලුවක් ඇති නොවන බවයි.

කෙසේ වෙතත්  තුන්වැනි  අවුරුද්දේදී අයවැය සම්මත නොවුණහොත්    ගැටලුවක් මතුවන බවත් සියලු දේශපාලන පක්ෂවලට අයවැය යෝජනාවේ සාධාරණ ඉඩක් ලබා දී නොමැතිව තුන්වැනි අවුරුද්දේ දී අයවැය පරාජයට පත් වුවහොත්   නගරාධිපතිවරයාගේ හෝ සභාපතිවරයාගේ හෝ තනතුර අහිමි වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මුලින් පැවැති  නීතිය අනුව අයවැය පරාජය වීමේදී තනතුරු අහිමිවීමක් සිදුවුණු බව කී හෙට්ටිආරච්චි මහතා නව නීතිය අනුව එනම් 2012 අංක 21  පළාත් පාලන සංශෝධන පනත අනුව  එවැන්නක් සිදු නොවන බව ද සඳහන් කළේය.

මේ පනත සංශෝධනය වන්නේ වන්නේ ද  එම ගැටලුව නිසා බව ඔහු කීවේය.

ජාතික ජන බලවේගයට බලය හිමි වූ කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය පෙරේදා (22) පරාජයට පත්විය.

අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර  ඊට පක්ෂව හිමිවූයේ ඡන්ද 57ක් පමණි.



අදහස් (4)

අයවැය දෙපාරක් පැරදුණත් ලොකු පුටුවට ගැටලුවක් නෑ

fairoos Wednesday, 24 December 2025 05:09 PM

මුජිබර් රහමන් දැන් මොනවද කරන්නේ...?

:       22       10

Saman Wednesday, 24 December 2025 05:12 PM

අනේ ඉතිං දේශපාලනයට එන හැමෝගේම අර ලැජ්ජා නහරය නැහැනේ. මීට පෙර නම් ඔය වගේ ලැජ්ජා නැතිවැඩ සිදුවෙලා නැහැ...

:       6       28

සිල්වා Wednesday, 24 December 2025 06:18 PM

විස්වාස භංග යෝජනා ගෙන ආ යුතුයි.

:       2       1

විපරමා Wednesday, 24 December 2025 07:02 PM

කොළඹ මහ නගර සභාව කියන්නේ දූෂිත ආයතනයක්ව පැවැති බව දන්නෝ හොන්දාකාරවම දන්නවා. මුජිබරයාගේ සිහින ලෝකේ බිද වැටුණු නිසා අවුලෙන් ඉන්නේ?

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site