IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අයවැය සමයේ පාර්ලිමේන්තු සේවකයෝ වැඩ වැරුමක?

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ පරිපාලනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ කමිටු වාර්තාවට විරෝධය පළ කරමින් එහි ඇතැම් සේවකයන් අයවැය කාලයේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සූදානම් වෙමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

එම කමිටු වාර්තාවට පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම කතානායකවරයාට දැනටමත් විරෝධය පළ කර ඇත.

දෙපාර්තමේන්තු නවයේ අටසිය පනහක් පමණ සේවය කරති.

එම අංශවල සියලු දෙනාම පාහේ අදාළ වාර්තාවට විරෝධය දක්වමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගතයුතු බවට නිල නොවන මට්ටමෙන් එකඟතාවක් ඇතිකරගෙන සිටින බව දැනගන්නට ඇත.

අයවැය විවාදය පවතින කාලයේ මේ විරෝධතාවය දැක්විය යුතු බවටද යෝජනාවී ඇතැයි වාර්තාවෙයි.

පාර්ලිමේන්තුවේ පරිපාලනය සහ වැටුප් ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමට විශ්‍රාමික පරිපාලන නිලධාරීන් තිදෙනකුගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුව පත් කරනු ලැබුවේ කතානායකවරයා විසිනි.

පාර්ලිමේන්තු අත්දැකීම් නොමැති පිරිසක් හරි හැටි කරුණු නොදැන වාර්තාව සකස් කර ඇති බැවින් එය ක්‍රියාත්මක කළහොත් තමන්ට බරපතළ අසාධාරණයක් වන බව සේවකයෝ පෙන්වා දෙති.

 



අදහස් (5)

අයවැය සමයේ පාර්ලිමේන්තු සේවකයෝ වැඩ වැරුමක?

Lalla Sunday, 02 November 2025 10:05 PM

කිසිම රාජ්‍ය සේවකයෙක් වෘත්තියේ වෙනසක් කරන්න කැමැත්ත දෙන්නේ නෑ.රාජ්‍ය සේවයේ පොදු ලක්ෂණය වන තනතුරුවලට ඈඳී අල වෙන එකේ ස්වභාවය. එක හේතුවක් කරන කටයුතු නිසි අගැයීමකට ලක් නොකර ඔහේ යන්නන් වාලේ යන්න දීම.අනික වෙනසක් වූ විට මුහුණ දීමට හැකියාව නැතිකම හෝ භය. මේ නිසාම තමා වෙනසක් අවශ්‍ය...

:       3       2

Viraj Perera Sunday, 02 November 2025 11:34 PM

වයසක ලොන්ත ඩයල් එකක් තමා රිපෝර්ට් එක හදුවේ.

:       2       4

kamal Monday, 03 November 2025 02:18 AM

මෙතැන අන්තීම දූෂිතයෝ ඉන්නවා. සහෝදරා සේවිකාවෝ දුහානය කරගෙන නොමිලේ කෑම වේල කාලා ජෝගි නටපු අයට එපා වෙලා ඇති. ඉවත් කරන්න උගත් පිරිසක් ගන්න පුළුවන්.

:       2       2

ධනා Monday, 03 November 2025 06:52 AM

පරිපාලන සේවයේ නිලධාරීන් තිදෙනෙක් නම් හැදුවේ වැඩ වර්ජනයකට යන එක පුදුමෙකුත් නෙවෙයි. එයාලා හිතන්නේ එයාලගේ සේවාව ගැන විතරයි

:       2       3

ගයාන් Monday, 03 November 2025 07:59 AM

අවුරුදු 20ක් පරණ විෂමතාවය නිවැරදි කරනවා වෙනුවට අලුතින් ප්‍රශ්න ඇති කරලා. ඔය විශ්‍රාමික අය වෙනුවට සුදුසු වෙනත් අය නැද්ද කමිටුවකට?

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 542 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site