IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


අයවැයෙන් පඩි වැඩි කරයි

(අංජුල මහික වීරරත්න)

එළඹෙන අයවැය යෝජනාවලිය මගින් සියළුම රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය අමතා අද (30) පැවසීය.

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේ පඩියද වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම කරුණු සඳහන් කළේ කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදීය.

ආණ්ඩුව රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව දැනගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඇතැම් කණ්ඩායම් එය ඔවුන්ගේ බලපෑම අනුව සිදු වූ බවට පැවසීමට උත්සාහ දැරීම කිසිදු පදනමක් නැති කතාවක් යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය. දිනෙන් දිනම බඩු මිල වැඩි වෙනවා මිස අඩු වීමක් සිදු නොවන තත්ත්වය යටතේ වැඩ කරන ජනතාවගේ වැටුප් ඉහළ දැමීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තුන්වැනි අයවැය යෝජනාවලිය නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම අයවැය යෝජනාවලිය මගින් වැටුප වැඩි කිරීමක් කරන බවට රජයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුයේ ඊයේ ජනාධිපතිවරයා කළ සඳහනත් සමඟය.

 



අදහස් (11)

අයවැයෙන් පඩි වැඩි කරයි

Pinjana Monday, 30 October 2023 08:46 PM

1000% කින් උද්ධමනය නැඟලා, සොච්චමක් පඩි වැඩි කරනවා. අපි ඒ ගොනා කැලේට පැන්නුවා පිංජනෝ. රජයේ සේවකයෝ විතරද ජීවත් වෙන්න ඕනෑ. කර්මාන්ත දහස් ගණනක් වැහිලා. කීයක් වැඩි කළත් ඔබලා අලි පොහොට්ටු පූට්ටුව පන්නනවා සත්තයි...!

:       0       0

G. K. Ekanayake Monday, 30 October 2023 11:18 PM

වැඩිකරන වැටුප දෙන්න සල්ලි අච්චු ගහනවද?, බදු ගහනවද? රුපියල් 10,000 කින් වැඩි වුනොත් 10,000 x 1,500,000 = රු. 15,000,000,000 හැම මාසෙකම අලුතෙන් හොයන්න වෙනවා.

:       0       0

nimal Tuesday, 31 October 2023 04:28 AM

රජයේ සේවයේ දුෂණ සහ නිසි ආකාරයෙන් සේවය ලබාදෙන්නේ / වන්නේ නෑ. අවශ්‍ය ප්‍රමාණයට වඩා සේවකයන් රජයේ සේවයේ සිටිනවා. කිසිදු රජයේ අයතයකින් රජයට අදායම් ලැබෙන්නේ නෑ. වුර්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීමට පෙර ඔබසියාලු දෙනා සේවය කරන රජයේ ආයතන මගින් රජයට මුදල් උපයා නොදෙන්නේනම් ඔබලාගේ වැටුප් ලබා දෙන්නේ කෙසේද ? මහබැංකුවේ මුදල් තිබුනොත් ලැබේවි, නැතිනම් රජයේ සේවකයන්ට කරන්න තියෙන්නේ ගරුත්වය තියාගෙන රැකියාවෙන් ඉවත්වෙලා පුද්ගලික අංශය බැදෙන්න. නැතිනම් පිටරටකට යන්න. කඩාවැටුණු ආර්ථිකයක් තියෙන රටවල රජ්‍යසේවයට බැදෙන්න පෙර දෙවරක් සිතා බලන්න.

:       0       0

Bamunuarachchi Tuesday, 31 October 2023 04:48 AM

රජයේ සේවකයින්ට පඩි වැඩිකරලා බඩුමිල ඇතුළු බදු වැඩිකරන්න එපා. උපයන විට ගන්න බදු වැඩිකරන්න...

:       0       0

warnasinghe Tuesday, 31 October 2023 05:05 AM

එතකොට විශ්‍රාමිකයන්? ඔවුන් ජීවත් විය යුතු නැතිද?

:       0       0

Nimal Tuesday, 31 October 2023 06:51 AM

තවත් සීනි බෝලයක්..., මේ පඩි වැඩිකිරීමෙන් සිදුවන්නේත් රාජ්‍ය සේවකයා හා ජනතාව හිටියාටත් වඩා නරක තත්වයකට පත්වීමයි.

:       0       0

Aravinda Monarawila Tuesday, 31 October 2023 08:24 AM

බදු ගහන හැටියයයි ,බදු මිල වැඩි කරන හැටියටයි තෙල් ,ගෑස් විදුලිය මිල ඉහල දමන රටම දන්නවා පින් ජනාධිපතිට රට ගැන ජනතාව ගැන ලොකු කැක්කුමක්, ආදරයක් තියනවා කියලා.එහෙම නැතුව ජෙප්පන්ට බයේ එහෙම නොවෙයි හොඳේ

:       0       0

jayasekara Tuesday, 31 October 2023 09:31 AM

වැඩ නොකරනම රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි වීමක් .වැඩ වර්ජන .අවුරුද්ද පුරාම නිවාඩු ?මුන්ව නඩත්තු කරන්නෙත් අපි

:       0       0

pakeer Tuesday, 31 October 2023 09:48 AM

පඩි වැඩි කරලා ටැක්ස් ගහපල්ලා .අනේ බූරුවෝ .මේවා නෙමෙයි විසඳුම් .නිෂ්පාදන කරපල්ලා .එතකොට බදු වල ගැන අඩු වෙනවා .මේ වැඩෙන් වෙන්නේ හැමදේකම සංඛ්‍යාත්මක බව ඉහල යනවා විතරයි

:       0       0

ශ්‍රී ලංකා පුලන්නන්ගේ බලකාය Tuesday, 31 October 2023 10:32 AM

රජයේ සේවකයාට හිපිප් හුරේ! හිපිප් හුරේ!! හිපිප් හුරේ!!! .

:       0       0

කේ.එම්.ඩි.බි.සී. නාරම්පනව Tuesday, 31 October 2023 10:14 PM

විශ්‍රාමිකයින් ගැනත් සලකා බලන්න කියා ඉල්ලා සිටිමි. අවුරුදු 10කට පෙර විශ්‍රාම ගිය අය ගැන විශේෂයෙන් බැලිය යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site