IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අයියා මලෝ තිදෙනා පොලිසියට ගහලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නිවසේ තිබෙන කැසට් යන්ත්‍රය අධික ශබ්දයක් නැගෙන අයුරින් ක්‍රියාත්මක නොකරන ලෙස අවවාද කළ කපුගොල්ලෑව පොලීසියේ ස්ථානාධිපතිවරයාට සහ පොලිස් සැරයන්වරයකුට පහර දුන් බව කියන එකම පවුලේ 17 හැවිරිදි පාසල් සිසුවකු ඇතුළු සහෝදරයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට කපුගොල්ලෑව පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

මෙම සැකකාර අයියා මලෝ තිදෙනා ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගැනීමට සොයන මෙම 17 හැවිරිදි පාසල් සිසුවාගේ සහෝදරයන් දෙදෙනා කසිප්පු පෙරා විකිණීමේ ජාවාරමක නිරතව සිටින අය බවද පොලිසිය සඳහන් කරයි.

විහාරස්ථානය ආසන්නයේ පිහිටි නිවසක ක්‍රියාත්මක කර ඇති කැසට් යන්ත්‍රයනිකුත් වන අධික ශබ්දය උහුලා ගැනීමට නොහැකි බවත් මේ නිසා විහාරස්ථානයේ ආගමික කටයුතු වලට පවා මහත් බාධාවක් සිදු වී තිබෙන බවත් පවසමින් කපුගොල්ලෑව පොලිසියට දුරකථනයෙන් කතා කර දැනුම් දී ඇත.

පොලිස් කණ්ඩායමක් මේ ගැන සොයා බැලීමට ගොස් කැසට් යන්ත්‍රයේ ශබ්දය අඩු කරන ලෙස දාහත් හැවිරිදි පාසල් සිසුවාට දැනුම් දුන් අවස්ථාවේ ඔහු එම දැනුම්දීම කළ පොලිස් සැරයන්වරයාට අතින් පහර දීමක් සිදු කළේ යැයි පොලිසිය කියයි.

මෙම පහරදීමෙන් පොලිස් සැරයන්වරයාගේ තොල් පුපුරා තුවාල සිදුවී ඇතැයිපොලිසිය සඳහන් කරයි.

කපුගොල්ලෑව පොලිසියටඑම ගම්මානයට ගොස් සිටි නිලධාරීන් මේ බව දැනුම් දී තිබේ.

පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් ජිප් රථයෙන් බැස නිවස වෙත එමින් සිටි අතරවාරයේ දහහත් හැවිරිදිසිසුවාගේ සහෝදරයන් දෙදෙනා පොලිස් ස්ථානාධිපතිවරයාට පොලු පහර එල්ල කර පලා ගොස් ඇතැයි ද පොලිස් ආරංචි   මාර්ග වලින් දැන ගැනීමට ඇත.

 



අදහස් (10)

අයියා මලෝ තිදෙනා පොලිසියට ගහලා

Perera Wednesday, 10 May 2023 07:19 AM

ලංකාවේ පොලිසිය ඒ තරමටම බලු පීචම් වෙලා .දැන් කිසි කෙනෙක් කරන්නේ නැති තත්වයට වැටිලා

:       0       18

Neela Wednesday, 10 May 2023 08:43 AM

.....විහාරස්ථානය ආසන්නයේ පිහිටි නිවසක ක්‍රියාත්මක කර ඇති කැසට් යන්ත්‍රයනිකුත් වන අධික ශබ්දය උහුලා ගැනීමට නොහැකි බවත්...... මෙසේම බොහෝ විහාරස්ථානවල ආගමික කටයුතු නමින් ක්‍රියාත්මක කරන ශබ්ද විකාශන යන්ත්‍ර වලින් නිකුත් වන අධික ශබ්දය උහුලා ගැනීමට නොහැකි ය. ඒකට පොලිසිය මොකද කරන්නේ?

:       10       24

BamunuarachchiSaturday, 13 May 2023 08:50 AM

විහාරස්ථානවල ශබ්දය විතරද? ප්‍රශ්නය දවසට 5 සැරයක් හම්බ පල්ලිවල කෑගැහිල්ල ප්‍රශ්නයක් නොවෙයිද? අපිට ඒ කෑගැහිල්ල ලොකුම ප්‍රශ්නයක්...

:       0       0

කිරිපුතා Wednesday, 10 May 2023 09:09 AM

පොලිසිය කියන්නෙ රටේ නීතිය. මේ පහර දීලා තියෙන්නෙ නීතියට. ඒ අසංවර , අවනීතික පුද්ගලයින්ට මොනවා හරි ලැබෙයි.

:       8       16

ලුම්බිණි Wednesday, 10 May 2023 09:10 AM

පන්සලට අල්ලපු වත්තේ උන්නත් අම්මල තාත්තලට හරියට දරුවෝ හදන්න බැරි උනාම ලැබෙන ප්‍රතිපල තමයි.

:       3       22

උපාසක Wednesday, 10 May 2023 11:40 AM

මට නම් බුදුහාමුදුරුවෝ වැඩසිටි කාලයේ විහාරස්ථානයට ආසන්නව සිටියා කියපු චුන්ද සූකර මතක් වුණා. බුදුහාමුදුරුවෝ වැඩ සිටි කාලයේ එහෙම නම් දැන් කාලයේ වෙනස් වෙන්න බැහැ... චුන්ද සූකර වගේ අය වැඩිපුර ඉන්න පුළුවන්...

:       1       8

fairoos Wednesday, 10 May 2023 12:29 PM

වැස්සටවත් පන්සල් නොගිය අය ඔහොම තමයි හැසිරෙන්නේ...

:       1       8

BamunuarachchiWednesday, 10 May 2023 05:17 PM

පාස්කු ප්‍රහාරය කාලේ ඔයගොල්ලෝ පන්සල් යන්න ලැහැස්ති වුනේ බෝම්බ තියන්න කියලා කතාවක් තිබුණා මතකද? අපිට නම් මතකයි...

:       1       2

bamunuarachchi Wednesday, 10 May 2023 12:32 PM

ලෝකේ ගුටිකන පොලිසිය තිබෙන්නේ ලංකාවේ. හුළඟට විසිවෙන මිනිස්සු පොලිසියට ගත්තාම ගුටිකන්න වෙනවා...

:       0       12

කුමාර Wednesday, 10 May 2023 03:48 PM

පන්සල්, අසපු වලින් ලවුඩ්ස්පීකර් - බෆල් යොදාගෙන සිදුකරන පාරිසරික ශබ්ද දූෂණයත් මහජන පීඩාවක්...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site