IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


‘අයිතිකරුවන් නැත්නම් කළුබෝවිල තැනක් නෑ‘

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කළුබෝවිල ශික්ෂණ රෝහලට බාහිරින් රැගෙන එන  නාඳුනන හා අයිතිකරුවෙකු නොමැති මළ සිරුරු අද (06) සිට  එහි මෘත ශරීරාගාරයෙන් තාවකාලිකව භාර නොගැනීමට රෝහල් පාලනාධිකාරිය  පියවර ගෙන ඇතැයි කළුබෝවිල ශික්ෂණ රෝහල පවසයි.

මේ සම්බන්ධයෙන්  ගල්කිස්ස හා නුගේගොඩ පොලිස් කොට්ඨාසවල පිහිටි සියලුම පොලිස්  ස්ථානාධිපතිවරුන්ට ඉකුත් (05)  දා ලිඛිතව දැනුම්දීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇතැයි ද පැවසේ.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත  ශරීරාගාරයේ තැන්පත් කළ හැකි මළ සිරුරු 36 ධාරිතාව ඉක්මවා බාහිරෙන් රැගෙන ආ  නාදුනන  මළ සිරුරු 28  මාස 14  තිස්සේ  පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු නොකොට  අතහැර දමා තිබීම හේතුවෙන්  බව වාර්තා වේ.

මෙසේ රෝහලට රැගෙන එන නාදුනන මළ සිරුරුවල පසුවිපරම් කටයුතු පොලීසිය හරහා සිදු කොට භාරකරුවන් සොයා කඩිනමින් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කළ යුතු වුවත් ඊට පොලීසිය දක්වන උදාසීනත්වය මීට හේතු වී තිබේ.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ  ශීතකරණ 36 ශීතකරණ දෙකක්  අත්‍යවශ්‍ය සේවා සඳහා ශරීර අවයව තැන්පත් කිරීමට වෙන් කළ යුතු අතර ඉතිරි ශීතකරණ 34 විසි අටකම මාස 14  තිස්සේ මෙම මළ සිරුරු 28 තිබීම හේතුවෙන් දෛනික සේවා සැපයීමට ඉතිරිව ඇත්තේ ශීතකරණ 06 කි එය දෛනික සේවා සැපයීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අධිකරණ  වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

අධිකරණ නියෝග මත හෝ වෙනත් හේතු මත හදුනාගත් මළ සිරුරු දිනපතා 8 හෝ 10   රෝහලට රැගෙන එන අතර එම මළ  සිරුරු වල භාරකරුවෙකු දුර බැහැරක සිට පැමිණීමට දිනක් හෝ දෙකක් ගත වුවහොත්  ඒවා තැම්පත් කිරීමට  හෝ මේ තත්වය මත පහසුකම් නොතිමෙන් ඇතැම් මළ සිරුරු ට්‍රොලි මත තැබීමට පවා සිදු වන බව කියා සිටි.

මෙසේ පරීක්ෂණ අවසන් නොකළ මළ සිරුරු අතර පිළියන්දලින් මළ සිරුරු 07 , ගල්කිස්ස 03 , මහරගම 03  කිරුළපන 02 ,  මිරිහාන 02 , වැල්ලවත්ත 02 ,  කැස්බෑව මොරටුව බොරැල්ල වැල්ලම්පිටිය යන පොලිස් ස්ථාන වලින්  එක් මළසිරුර බැගින් භාර දී තිබේ , සෙසු මළසිරුරු පහ රෝහල් ගතව සිටියදී මියගිය මළ සිරුරු වන බවද පැවසේ.

ඉන්  පුද්ගල මළ සිරුරු විසිදෙකක් ද කාන්තා මළ සිරුරු හයක් ද වන අතර ඔවුන් වයස අවුරුදු  35 - 87 අතර වයසේ පසුවන්නන් බව කියා සිටී.

2022.02.23  දා  මිරිහාන පොලිස් ස්ථානය  හරහා ඇතුළත් කළ  මළ සිරුරක් ද ගල්කිස්ස ප්‍රදේශයේ දී මුහුදේ ගිලීමෙන් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කරන ලෙසට උසාවි නියෝගයක් ලබා දුන් මළසිරුරක් ද මේ අතර වන බව පැවසේ.

මෙම ගැටළුව සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී  ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාශවල  ඉහළ නිළධාරීන් දැනුවත් කර ඇති අතර  එම අවස්ථා වලදී පමණක් පහළ නිලධාරීන් යුහුසුළුව ක්‍රියාත්මක වී  අවශ්‍ය කටයුතු සිදු කළ ද පසුව ඊට නිසි ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක නොවීමෙන්  නාඳුනන මළ සිරුර ගොඩ ගැසී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි .
මේ ගැටලුව  මගහරවා ගැනීම සඳහා බාහිරින් රැගෙන එන නාදුනන මළ සිරුරු රෝහලට භාර ගැනීම (06)  දා සිට  තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.






 

 



අදහස් (1)

‘අයිතිකරුවන් නැත්නම් කළුබෝවිල තැනක් නෑ‘

Lal Friday, 07 April 2023 01:46 PM

අර කුඩු නඩු වක් අහක දැම්මා පොලිසිය කාර්යක්ෂම වන වැඩ කරපු නිසා.. ඔන්න ඔහේ මැරිලා නෙ... නිදොස් කොට නිදහස් කරලා දාන්න තියන්නේ.අනික ඔයිට වැඩිය වැඩ තියෙනවා පන තියෙන උන්ට වතුර ගහන්න එහෙම......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 478 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2226 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site