IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අයිතිකරුට හොරෙන් සුදු ලූණු විකුණන්න ගිහින් අමාරුවේ

(විමුක්ති එස් රුද්‍රිගු)

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ආනයනය කරන ලද  සුදු ලූනු තොගයකින් කොටසක් අයිතිකරුගේ අනුදැනුමකින් තොරව වෙනත් පාර්ශ්වයකට විකිණීමට ගිය සැකකරුවන් හතර දෙනකු සහ මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයා සමග අත් අඩංගුවට ගත් බව රාගම පොලිසිය ප්‍රකාශ කළේය.

සැකකරුවන් ගෙන් එක් අයකු කන්ටේනර් රථයේ රියදුරු බවත් අනෙක් සැකකරුවන් 3 දෙනා සුදු ලූණු තොගය බෑමට පැමිණි අත් උදව්කරුවන් ඒ අතර වන බවත් රාගම පොලිසිය පවසයි.

වරායේ සිට ටොන් 10 ක පමණ ආනයනික සුදු ලූණු තොගයක් පටවා ගත් කන්ටේනර් රථය තම ගමන් මාර්ගයෙන් පිටත යමින් රාගම පේරලන්ද ප්‍රදේශයේ කන්ටේනර් නවතා තබන ස්ථානයකට විත් කන්ටේනර් පෙට්ටියට තබා ඇති මුද්‍රාවට හානි නොවන සේ විවෘත කරමින් සුදු ලූණු තොගයෙන් කොටසක් විකිණීමට උත්සහ දැරූ අවස්ථාවේ මෙම සැකකරුවන් 4 දෙනා සහ ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගත් බව රාගම පොලිසියේ ස්ථානාධිපති බුද්ධික රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේ ව්‍යාපාරිකයා සුදු ලූණු මිලදී ගැනීමට රැගෙන ආ රුපියල් 734000 ක මුදලක්ද පොලිස් බාරයට ගත් බව රාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතා පැවසුවේය.

කන්ටේනර් රථයේ රියදුරු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් අත් උදව්කරුවන් තිදෙනා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයා රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් රාගම පොලිසිය සඳහන් කළේය.

රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතා සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක භවන්ත රාජකරුණා,පොලිස් කොස්තාපල් 78997 පෙරේරා,66443 නලින්ද,33250 අසංක,91034 ප්‍රියංකර,96802 ඉලුක්කුඹුර,80613 කුමාර යන මහත්වරුන් වැටලීම සිදු කළේය.



අදහස් (1)

අයිතිකරුට හොරෙන් සුදු ලූණු විකුණන්න ගිහින් අමාරුවේ

ranjith Sunday, 07 August 2022 06:55 AM

කෝ අර පරණ සුදුළූණු වංචා ඉවරද? සීනි බදු වංචා ඉවරද? සර්ව පාක්ෂික මොන දේ ඇටෙව්වත් මේ හොරකම නතර කළේ නැතිනම් රට විනාසයි. අද ලෝකයෙන්ම ප්‍රසිද්ධ වෙලා රටේ නායකයෝ හොරු කියලා. පිටරට ගිහිල්ලා ඉන්න මිනිස්සුන්ටත් ලැජ්ජයි ඒ රටවල අය අහන දේවල්වලට උත්තර දෙන්න ගියාම...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 545 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1073 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site