වැලිසර සතොස ගබඩාවෙන් සීල් කළ ලොරිවලින් යැවෙන අල, ලූනු පරිප්පු ඇතුළු භාණ්ඩ මිනුවන්ගොඩ ගෙදරක දී සීල් නොගලවා සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලොරියක් හිමි කතක සහ ඇගේ සැමියා ද, තවත් තිදෙනෙක් ද, මිනුවන්ගොඩ පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
ලොරි දෙකක් ද, වෑන් රියක් ද සොරකම් කළැයි කියන ලක්ෂයක පමණ භාණ්ඩ ද සොයාගෙන ඇත.
සීල් නොකඩා ලොරියේ ලෑල්ලක් ගලවා ඇතුළට රිංගා බඩු එළියට ඇද ඇතැයි පොලිසිය කියයි.
මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී ලුඩවයික් මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන සිදුකරති.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඹු සැමි යුවළක් සීල් නොකඩා සතොස බඩු අදිති
තුෂාරිකා Monday, 05 May 2014 12:18 PM
ලලිත් මහත්මයා කියන්නෙ නැති බැරිකමට නම් මිනිස්සු හොරකම් කරන්නෙ කියලා, එහෙම වුණොත් ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ට ගෙදර නෙවෙයි ඉන්න වෙන්නෙ. හිරගෙදර (ස)
ජීවක Monday, 05 May 2014 01:17 PM
නැතිබැරි කමට ලක්ෂයක්ම?? (ස)
ආනන්ද Monday, 05 May 2014 01:18 PM
ලලිත් මහත්තයෝ ලොරියක් හිමිකාරයෙකුට නැතිබැරිකම් තියනවද. මේක තනිකරම මහාපරිමාණ හොරකමක්. රෝද දෙකේ බයිසිකලයක්වත් නැතත් අවංකව ජීවත් වෙන ගොඩක් මිනිස්සු ලංකාවේ ඉන්නවා. (දී)
නිලන්ති Monday, 05 May 2014 01:24 PM
හොරකමේ හැටියට නැති බැරිකමේ තරම හිතාගන්න පුළුවන්. (ස)
සිල්වා Monday, 05 May 2014 01:00 PM
ලලිත් මහත්තයත් ඒ ගොඩේම කෙනෙක් වගේ නේද ? (ස)
චින්තක Monday, 05 May 2014 01:02 PM
ලලිත් මේ වෙනකොට මොනවගේ දේවල් ද හොරකම් කරලා තියෙන්නේ ? (දී)
දයාල් Monday, 05 May 2014 02:32 PM
කොහොමත් මේ පැත්තෙ ඉන්න ගොඩක් අය හොරු තමයි. (ස)
ඉසුරන්දි Monday, 05 May 2014 02:02 PM
කෙනෙක් හොර වැඩක් කල පමණින් මුළු ගම් පළාතම හංවඩු ගහන එක හරි මදි නේද මිනිස්සු වැඩියෙන් හම්බ කරන්න ගියාම ඉහ මොළ අදගෙනනේ කන්න හදන්නේ.ඉතින් එකට අනෙක් මිනිස්සු පලි නැහැ නේද?(දිල්)
දොඩන්ගොඩ ආනන්ද Monday, 05 May 2014 02:25 PM
අපේ ලාංකිකයන්ගේ දක්ෂකම මොනවට පෙන්නුම් කරනවද?? සියල්ල නරක පැත්තට දක්ෂකම යොදවන්නේ. (ස)
මිලින්ද Monday, 05 May 2014 03:34 PM
හවුලේ සොරකම් කිරීම (දී)
ලාල් Monday, 05 May 2014 03:38 PM
ලොරියේ බඩු ඔක්කොම බාගෙන නැහැ. ඉතුරුව ගෙදර ගෙනිහින්. වැරැද්ද බඩු බාපු අය අතේ. පවු අහිංසක අඹුසැමි යුවල (ස)
චන්ද්‍ර වීරසිංහ Tuesday, 06 May 2014 06:35 AM
ලොරියක් හිමි කාන්තාවක් කසාද බැඳ ගැනීම නිසා අහිංසක පිරිමියෙකුට වූ හදිය! කරුණාකර පිරිමියා නිදහස් කරනු! (නි)
නිලන්ති Monday, 05 May 2014 11:02 AM
අනේ මෙහෙමත් මිනිස්සු. (ස)
තුෂාරිකා Monday, 05 May 2014 11:23 AM
අපරාධයක් කර කිසිදා සැඟවිය නොහැක. මොවුන්ට නිසි දඩුවම් ලබා දෙන්න. (ස)
ලලිත් Monday, 05 May 2014 12:51 PM
ඕනෑම දෙයක් කිරීමට දැන් නිදහස ඇත. අහු උනත් නිදහසේ බේරීමට ක්‍රමද ඇත. (දී)
ලලිත් Monday, 05 May 2014 12:53 PM
අනේ තුෂාරිකා නැති බැරිකමට මිනිසුන් සොරකම් කරන්නේ. (ස)