IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


අඹ යාළුවෝ 'නපුරු මෛතී‍්‍ර'

2017-01-15-ent-66

ටී.බී. ඉලංගරත්න ශූරීන්ගේ අඹ යහළුවෝ පොත ඇසුරින් නිර්මාණය වූ අඹ යහළුවෝ ටෙලිනාට්‍ය කලකට ඉහතදී අතිශය ජනපි‍්‍රය වුණා.

බාල, මහලූ කොයි කා අතරත් දැඩි කතාබහට ලක්වුණු මේ ටෙලිනාට්‍යයේ ‘‘නපුරු මෛතී‍්‍ර’’ ට ඒ දවස්වල බොහෝ දෙනෙක් මෛතී‍්‍ර කළේ නම් නෑ. ඒ ඇය රඟපෑ චරිතය නිසාවෙන්.

එවකට වයස අවුරුදු 11ක් වූ නපුරු මෛතී‍්‍රගේ චරිතයට රඟපෑ අසන්ති නාලිකා මේ වනවිට විවාහක කාන්තාවක්.

මෙවර සිත්ගත් රංගනයට එක් කරගත්තේ කුඩා කල ඒ නපුරු මෛතී‍්‍රට රඟපෑ අසන්ති නාලිකා.

 

අසන්ති අඹ යාළුවෝ හා සම්බන්ධ වෙන්නේ කොහොමද?

අඹ යහළුවෝ විකාශය වුණේ 1988 වර්ෂයේ. ඒ සඳහා අපි සම්බන්ධ වුණේ 1987 දී. මම රූපවාහිනියේ ළමා වැඩසටහනකට සම්බන්ධ වුණු වෙලාවක තමයි මාව ඒ චරිතෙට තෝර ගත්තෙ. එතකොට මට අවුරුදු 11යි.

 

චරිතෙ ගැන කතා කරමුද?

චරිතෙ නම් ඉතින් හරිම නපුරුයි. ඒකෙ නමත් නපුරු මෛතී‍්‍ර.... ඉතින් එහිදී මම කළේම නපුරු වැඩ. දුප්පත් නිමල්ට විරුද්ධව කේලම් කියා රණ්ඩු අවුස්සන චරිතයක් තමයි කරන්න තිබුණේ.

 

චරිතෙ නපුරු වුණත් පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර අඩුවක් නැතිව ලැබුණා නේද?

ඔව්. ඇත්තටම මිනිස්සු අතර හිතේ රැුඳුණු ජනපි‍්‍රය චරිතයක් බවට පත්වුණා. ඒ නවකතාවටත් බොහෝ පිරිසක් කැමැත්තක් දැක්වූවා.

 

ඒ චරිතය එතරම් ජනපි‍්‍රය වීම ගැන මොකද හිතෙන්නේ ?

ඇත්තටම ඒක ලොකු වාසනාවක්. ළමා ටෙලිනාට්‍යයක් විදියට එදත් අදත් එක වගේම ජනපි‍්‍රයයි. ඒ වගේ කතා මාලාවක් මේ වනතුරුත් බිහිවෙලා නෑ. ඇත්තටම කිව්වොත් ඉතින් කුඩා වයසකදීම මේ වගේ කතාවකට සම්බන්ධවීම ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා.

 

තවමත් නපුරු මෛතී‍්‍රට ප‍්‍රතිචාර තියෙනවද?

ඔව්. ඇත්තටම මම හිතුවෙ නෑ මේ වගේ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙයි කියලා. ඒ අවස්ථාව මට ලබාදුන්නේ ආචාර්ය සල්මාන් ෆොන්සේකා. ඔහු දැන් ජීවතුන් අතර නෑ. ඔහුගේ රංගන පාසලේ හිටපු පොඩිම ගෝලයා තමයි මම. ඒ කියන්නෙ වයසින් අඩුම කෙනා. ඒත් මට ඒ දවස්වල විවිධ ගැටලූසහගත දේවල්වලට පවා මුහුණ දෙන්න සිදුවුණා.

 

ඒ මොකද?

මම රඟපෑ නපුරු චරිතෙට අකමැති නිසාම තමයි මේ චරිතය ජනපි‍්‍රය වුණේ්. මට ඔයාව පේන්න බෑ කියන තත්ත්වයක් තිබුණෙ. මිනිස්සු ඒක මගේ මූණටම කිව්වා.

 

ඒ දවස්වල සිදුවුණු සොඳුරු මතකයන් තියෙනවද?

අම්මෝx සොඳුරු මතකවලට වඩා අඳුරු මතක තමයි තියෙන්නෙ. මඟතොටේදි හමුවුණ කට්ටිය මගෙත් එක්ක හිනාවෙලා කතා කරනවා ගොඩක් අඩුයි. සමහර අය මූණවත් බලන්නෙ නෑ.

එක දවසක් මම පන්ති යනකොට බොරැුල්ල හන්දියෙදී ඉස්කෝලෙ යන ළමයි ටිකක් මාව තල්ලූ කරලා වැට්ටුවා. සති දෙකක් වගේ බෙහෙත් කරන්නත් සිදුවුණා. ඒ වගේම ඒ දවස්වල බස්වල යද්දිත් ළමයි මාව තල්ලූ කරනවා. පාසල් යන ළමයින්ගෙන් තමයි ගොඩක් කරදර විඳින්න සිදුවුණේ.

 

ඒ තරමට කොන්වුණු චරිතයක් වුණා ඒ කියන්නෙ?

අපෝ ඔව්. හැමෝම මට බැන්නා. එයාලා මගේ චරිතය ඇත්ත ජීවිතේ චරිතයක් විදියට බද්ද කරගෙන හිටියෙ.

 

ඒ විදියට ප‍්‍රතිචාර සහ කරදර විඳින්න වුණේ ඒ චරිතෙට සාධාරණයක් කරපු නිසානෙ නේද?

ඔව්, අනිවාර්යයෙන්ම. මම වැඩිහිටි වයසට ආවට පස්සේ මට හිතුණු එකම දේ තමයි ඒ දිනවල මට මුහුණ දෙන්න සිදුවුණේ හිරිහැරයක් නෙමෙයි. මම හොඳින් චරිතය කරපු නිසා ඒ හැමදේම විඳින්න සිදුවුණේ. ඉස්සර නම් මම ගෙදර ඇවිල්ලා අඬනවා. අම්මෙ මට මිනිස්සු කරදර කරනවා, ළමයි බහිනවා. ඒ නිසා ඉස්කෝලෙ යන්න බෑ කියලා. ඒත් ඒ හැමදේම වුණේ හොඳකට කියලා දැන් මට හිතෙනවා.

 

නපුරු මෛතී‍්‍ර චරිතය එතරම් ජනපි‍්‍රය වෙයි කියලා විශ්වාසයක් තිබුණද?

නෑ. මම ජීවිතේට හිතුවෙ නෑ මේ තරමට කතාබහකට ලක්වෙයි කියලා. මේ චරිතය ලැබීමත් එක්ක වෙළඳ දැන්වීම්වලට සහ ඒ කාලෙ ලංකාවෙ තිබුණු ප‍්‍රධාන උත්සවවලට පවා අපිට ප‍්‍රධාන අමුත්තන් විදියට කතා කළා. මේ කිසිම දෙයක් හීනෙකින්වත් මම බලාපොරොත්තු වුණේ නෑ. නමුත් මෙමඟින් මගේ ජීවිතෙට ඉතා අඩු වයසකින් ගොඩක් දේවල් ලැබුණා.

 

තවමත් නපුරු මෛතී‍්‍ර නමින් කතා කරනවද?

ඔව්. තවමත් මට ඒ නමින් කතා කරනවා. මොකද මේ ටෙලිනාට්‍යය පාසල් නිවාඩු කාලවල වගේ නැවත නැවතත් විකාශය වුණා. ඉතින් ඒ කාලවලදී ගොඩක් අය මගෙන් අහනවා ඒ නාට්‍යයේ ඉන්නෙ ඔයා නේද කියලා. ඒක ඇත්තටම හරි පුදුමාකාරයි. හිතාගන්නවත් බැරි විදියට ප‍්‍රතිචාර ලැබෙනවා.

 

එතකොට මොනවගේ හැඟීමක්ද දැනෙන්නෙ?

මම ගොඩක් ටෙලිනාට්‍ය රඟපාලා නෑ. අතළොස්සයි කරලා තියෙන්නෙ. මට හිතෙනවා ඒ එක චරිතෙ ඇති කියලා මගේ ජීවිත කාලෙටම මම මියගිය දවසක වුණත් මිනිසුන්ට මගේ චරිතය මතකයිනෙ. ඉතින් ඒකම මට ඇති ජීවිතේ තියෙනකං.

 

කතාව ගැන මොකද හිතෙන්නෙ?

මේ කතාව ඇත්තටම ඒ කාලෙදි වගේම මේ කාලෙ හැටියට වුණත් කුඩා ළමයින්ගෙ හිත් ගත්ත කතන්දරයක්. මින් අපිට ගන්න පුළුවන් ආදර්ශයන් ගොඩක් තිබුණා. ඒ වගේම 1960 ගණන්වල තිබුණු ජීවිත ඒ පරිසරය ඒ හැමදේම තමයි මේ ටෙලිනාට්‍යයේ තිබුණේ. ඒ වගේ දැවැන්ත නිර්මාණයක් මම තවම දැකලා නෑ.

 

මේ නාට්‍ය කණ්ඩායමෙන් ලැබුණු සහය කොහොමද?

ඇත්තටම අපි මේ කාලෙ ගොඩක්ම සතුටින් හිටියෙ. අදත් අපිට ඒ දවස් මතක් කරලා සතුටු වෙන්න පුළුවන්. අපිට ඉස්කෝලෙනුත් මේ සඳහා මාස 3ක නිවාඩුවක් ලබාදීලා තිබුණා. ඇත්තටම පාසලේ නිවාඩු කාලය වගේ තමයි ඒ දවස් ටික දැනුණෙ. ඒ තරමටම සුන්දරයි.

 

අපි රඟපානවා කියලවත් හිතුනෙ නෑ. ඒ තරම් තමන්ගෙම සතුටින් හිටියෙ. ඒ වගේම ඒ නාට්‍යය කණ්ඩයමේ හැමෝමත් අපිව බලාගත්තේළමයි වගේ. ඒ තරමට ගොඩක් ළඟින් හිටියා.

විශේෂයෙන් අනුලා කරුණාතිලක මහත්මිය, අශෝක මහත්මයා ඒ හැමෝම අපිට හරිම ආදරෙන් සැලකුවා. කෑම බීම ගෙනත් දෙනවා. ඒ වගේම හරිම ආදරණීය කණ්ඩායමක් තමයි එකතුවෙලා හිටියෙ. ඒ මතකයන් සදා අමරණීයයි.

 

ධනු විජේරත්න.

 

 



අදහස් (0)

අඹ යාළුවෝ 'නපුරු මෛතී‍්‍ර'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1374 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 502 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 594 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site