IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අඹන් ගඟේ අඹන පාලම ගංවතුරින් වැනසිලා

(කාංචන කුමාර ආරියදාස)

නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන නමයකට ගමන් කිරීමට ඇති එකම මාර්ගයේ අඹන් ගඟ හරහා පිහිටා ඇති අඹන පාලම පසුගියදා ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා දැඩි ලෙස අවදානම් තත්ත්වයට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

දින හතරක පමණ කාලයක් එක දිගටම මෙම අඹන් ගඟ හරහා වැටී ඇති අඹන පාලම මතින් අඩි තිහකට වඩා ඉහළ ජල කඳක් බෝවතැන්න ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ ගඟ හරහා මොරගාකන්ද ජලාශයට ගලා බසින්නට විය.

කෙසේ වෙතත් මෙම ගම්මාන නවයක ජනතාව දින හතරක් තිස්සේ ගමට කොටුවී සිට 30 දින උදෑසන වන විට වතුර ප්‍රමාණය අඩුවීමත් සමඟ ඔවුන් මහමගට බැසීම ආරම්භ කරන්නට විය.

උදෑසන සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු සිදු කිරීමට පැමිණ පරීක්‍ෂා කර බැලීමේදී අඹන් ගඟ හරහා තම ගම්මාන නමයකට ගමන් කිරීමට ඇති එකම මාර්ගය පාලම තැනින් තැන කඩාගෙන ගොස් ගමනාගමනයට පවා දැඩි අවදානම් තත්ත්වයක පවතින බව ඔවුහු පෙන්වා දෙති.

මීට පෙර අවස්ථා ගණනාවකදීම අඹන් ගඟ හරහා වැටී ඇති මෙම පාලම අවදානම් බවත් එය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කළ ද කිසිදු අවධානමක් යොමු නොවුණු බව ජනතාව  පෙන්වා දුන්හ.

මෙම මාර්ගයේ බස් රථ ගමනාගමනය කෘෂිකර්මාන්තයේ ජීවත් වන බහුතර ජනතාවගේ නිෂ්පාදන වෙළදපොලට රැගෙන යෑම ආදී සියලු ජන ජීවිත සඳහා අඹන් ගඟ හරහා වැටී ඇති පාලම උපයෝගී වන බව ඔවුහු පෙන්වා දෙති.

මේ වන විටත් අඹන් ගඟ හරහා වැටී ඇති මෙම පාලමේ පාලම් කටවල් රැසක් ලී දඬු සහ ජලයේ ගසාගෙන ආ කොටන් සිරවීමෙන් මෙ තත්වය තවදුරටත් බලපා ඇති බව ඔවුහු පෙන්වා දෙති.



අදහස් (0)

අඹන් ගඟේ අඹන පාලම ගංවතුරින් වැනසිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 629 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site