IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


අමාත්‍යාංශ දෙකක වියදමට අමතර කෝටි 1478 ක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 1328ක අතිරේක මුදලක්ද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් කෝටි 150ක අතිරේක මුදලක්ද   වෙන් කිරීමට අදාළ පරිපූරක ඇස්තමේන්තු  යෝජනා දෙකක්  පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනවල සම්මත කරගැනීමට නියමිතය.

රජයේ ඒකාබද්ධ  අරමුදලෙන් හෝ රජයට අයත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ රජය ගන්නා ලද ණය මුදලකින් හෝ  මෙම අතිරේක මුදල ගෙවිය යුතු බවටද  එම යෝජනාවල සඳහන්වේ.

මෙම පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය ලැබී ඇත. නාගරික  සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට මෙම මුදල් වෙන් කෙරෙන්නේ සංවර්ධන වැඩසටහන සඳහා වන අතර  කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට එහි පුනරාවර්තන වියදම් වෙනුවෙන්  එම මුදල වෙන් කෙරේ.

මෙම පරිපූරක ඇස්තමේන්තු යෝජනා පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇත.


 

 



අදහස් (0)

අමාත්‍යාංශ දෙකක වියදමට අමතර කෝටි 1478 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14612 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 433 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 259 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site