(සුජිත් හේවාජුලිගේ )
අමාත්‍යංශවල කටයුතු සොයා බැලීමට අධීක්ෂණ මන්ත්‍රීවරු ලෙස පත් කළ ආණ්ඩු පක්ෂයේ 55 දෙනා වෙනුවෙන් ගෙවනු ලබන්නේ යැයි කියන රුපියල් ලක්ෂ දෙකේ දීමනාව ගැන තවත් තොරතුරු දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට දෙවැනිවරටත් ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.
දිමනා පිළිබඳ අනෙකුත් විස්තර ඉල්ලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ඉල්ලීම කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට ගෙවනු ලබන මෙම දීමනාවන් සත පහක හෝ බදු මුදලක් අය කර නොගන්නේ යැයි කී මන්ත්‍රීවරයා තමාගේ ලිපියෙන් එම කරුණද විමසු බව ස ඳහන් කළේය.
මෙය අන්ත අසාධාරණ දීමනාවක් යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
COMMENTS
ඔය තොරතුරු දැනගැනීමේ පනත යටතේ ගිය ආණ්ඩු සමයේ වෙච්ච දේවල් ගැන තොරතුරු ටිකක් හොයල බැලුවානම් හුගක් හොදයි නේද ? ගණන් බැලුවොත් කීයක්ද ? හිතා ගන්නත් අමාරුයි. ඊට පස්සේ මේවාත් බලමු.