IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අමරදේව සංගීත අාශ්‍රම ඉඩම පිරික්සයි

පණ්ඩිත් අමරදේවයන්ගේ නමින් ඉදිකිරීමට යෝජිත අමරදේව සංගීත අසපුව ඉදිකිරීම සඳහා පාදුක්ක, බණ්ඩාරගම, හොරණ යන ප්‍රදේශ වලින් හදුනාගත් ඉඩම් නිරීක්ෂණය කිරීමේ කටයුතු අද (19) පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ඒ සඳහා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා ද එක්විය.

අමරදේව මහත්මිය වන විමලා අමරදේව සහ පුත් රංජන අමරදේව හොරණ ඇල්ලකන්ද වත්ත අක්කර 08ක ඉඩම් කොටසක් සඳහා වැඩි කැමැත්තක් පළ කළහ.

ඉඩම පරීක්ෂාකිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේ මෙම සත් කාර්යය පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ පූර්ණ කැමැත්ත හා මගපෙන්වීම ලැබී ඇති බවත් ඉදිකිරීම් කටයුතු කඩිනමින් අරඹන බවත්ය.

අමරදේවයන්ගේ නමින් ඉදි කෙරෙන සංගීත අසපුව කලා නිකේතනයක් ලෙස සියලු අංගවලින් සමන්විතව ඉන්දියාවේ ශාන්ති නිකේතනය වැනි පූර්ණ සෞන්දර්ය විශ්ව විද්‍යාලයක් ලෙස ගොඩනැංවීමටද යෝජිතය.

12570868_1020862201611903054057_n 12571017_10208629201611962193_n 12571366_10208629402016119_560430811_n 12583706_10208629406201611902605928_n

 



අදහස් (0)

අමරදේව සංගීත අාශ්‍රම ඉඩම පිරික්සයි

පිටබැද්දර ජයා Tuesday, 19 January 2016 12:10 PM

බොහොම හොඳයි හැබැයි පමා නොකර මේක පටන් ගනිමු ! (ර)

:       0       0

වජිර Wednesday, 20 January 2016 12:37 AM

ඉතාම හොඳ කාර්යයක්. ඉක්මනට කෙරෙනවා නම් තමයි හොඳ (නි)

:       0       0

ධනුෂ්ක Wednesday, 20 January 2016 03:12 AM

හෙළයේ මහා ගාන්ධර්වයාණන්ට කරන මේ උපහාරය ඉතාමත් අගය කළයුතුයි (නි)

:       0       0

ඇන්ජලෝ Wednesday, 20 January 2016 04:52 AM

ලස්සන පරිසරයක් ,ගස්කොලන් පරිස්සම් කරන්න මේ වැඩේ කොලොත් බොහොම හොදයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site