ටෝනි කරුණානායක සහ වාරණ ඉ ජයකොඩි
පොළොන්නරුව දිස්ත්‍රික් පොදුජන පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂකයාට පහරදී ඝාතනය සිද්ධියට අධි චෝදනා ලැබ සිටින විත්තිකරුවන් 32 දෙදෙනකු දැඩි ඇප කොන්දේසි මත මුදා හරින්නැයි ගම්පහ මහධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (28) ඇප නියෝග කළහ.
මහාධිකරණ විනිසුරුවන් වන සහන් මාපා බණ්ඩාර (සභාපති) රශ්මි සිංගප්පුලි සහ ඩී.ඒ. රුවන් පතිරණ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (28) නඩුව කැඳවූ අවස්ථාවේ සැකකරුවන්ට ඇප ලබාදීමට නියෝග කළහ.
විත්තිකරුවන් 37 දෙනකු මහාධිකරණය හමුවේ පෙනි සිටියහ. ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් 05 දෙනා හැර සෙසු විත්තිකරුවන් 32 දෙනාගෙන් එක් අකුට රුපියල් ලක්ෂය බැගින් මුදල් සහ රුපියල් ලක්ෂ 04 බැගින් ශරීර ඇප 04 ක් මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළහ.
ශරීර ඇප තබන එක් අයකු ළඟම ඥාතියකු විය යුතු බවත් ඇපකරුවන් දෙදෙනකු රජයේ හෝ පුද්ගලික අංශයක සේවය කරන අයවලුන් බවට සේවා සහතික ඉදිරිපත් කළ යුතු බවට නියම විය.
සෑම මසකම අවසාන ඉරුදින පෙරවරු 9 - 12ත් අතර නිට්ටඹුව පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙසට ඇප නියම වූ විත්තිකරුවන්ට වැඩිදුරටත් නියම කෙරුණි. මෙම නඩුවට අදාළව නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 41 දෙනකුට විරුද්ධව ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ .
එසේ අධිචෝදනා ගොනුකර ඇති විත්තිකරුවන් දෙදෙනකු මියගොස් ඇති බවත් තවත් දෙදෙනකු විදෙස් රටකට පලා ගොස් ඇති බවටත් මහාධිකරණයේ දී සඳහන් විය .
ගෝටා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට ප්‍රහාරයක් එල්ල වූ පසුගිය වසරේ මැයි මස 09 වෙනිදා පස්වරුවේ නිට්ටඹුව නගරයේදී හටගත් මහජන නොසන්සුන්තාව අතරතුරදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන් අහංගම විතාරණගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා ඝාතනයට ලක්ව තිබුනි .
2025 දෙසැම්බර් මස 18
445
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමරකීර්ති ඝාතන නඩුවේ සැකකරුවන් 37කට ඇප
මැක්ස් Friday, 28 July 2023 04:07 PM
අංක එකේ දේශද්‍රෝහීන් මෙම නිදහස් වීම ගැන උදම් අනා එයාගේ පුද්ගලික සමාජ ජාලවල පිනුම් ගසා තිබුණා...
කිරිපුතා Friday, 28 July 2023 04:27 PM
අන්තිමට මැරුණු දෙදෙනා සිය දිවි හානි කරගත්තු තත්ත්වයට පත් විය හැකි අතර, පරම්පරා කීපයක් ඇසෙන නඩු වැරදි කරුවන්ට තව තවත් වැරැදි මතම බඩ පිනුම් ගැසීමට අත හිත සැපයූවා වැනි විය හැකිය. මේවා හැදෙන්නේ නැත. එන්න එන්නම විකෘති වෙනවා මිසක්...