(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාස නමයක බිළිඳෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියකට එම බිළිඳාගේ මව අද (2) යාපනය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය .
සැකකාර කාන්තාව එලෙස අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඔස්සේ සංසරණය වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශන වලදී එම පහරදීම සිදුකරන සැකකාර කාන්තාව යාපනය අරියාලේ නාවලඅඩි ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට අනාවරණය වීමෙන් පසුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත .
ඒ අනුව එම නිවස වටලා පරික්ෂා කිරීමේදී අමානුෂික ලෙස පහරකෑමට ලක්වූ බිළින්දා ද සොයා ගැනීමට හැකි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව මීට කලකට පෙර රැකියාව සඳහා කුවේට් රාජ්‍යයට ගොස් මීට මාසෙකට පමණ මෙම දරුවා ද සමඟ මෙරට පැමිණි තැනැත්තියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
694
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්මා මාස 9 ක ළදරුවාටත් පහර දීලා
Raveendra Tuesday, 02 March 2021 06:35 AM
මෙවන් පුවත් දැකීමත් අප එක්තරා අන්දමකට පව්කාරයන් වී ඇති බව කීමට කැමැත්තෙමු.
Nuwan Tuesday, 02 March 2021 06:43 AM
කාන්තාවන් මෙහෙකාර වැඩවලට අරාබි රටවලට යවන එකේ අතුරුඵල තමයි මේ...!!!
RaveendraTuesday, 02 March 2021 08:26 AM
ඇත්තෙන්ම ඔබ ඉතාමත්ම නිවැරදිය. මෙම පාපකර්මයට 1977න් පසු මෙරට පාලනය කළ සහ මේ මොහොතේත් පාලනය කරන දියවන්නාව පට්ටියේ සියලුම සාමාජික පක්ෂ අඩුවැඩි නැතිව තම දායකත්වය දක්වා ඇත.
Chinthaka Tuesday, 02 March 2021 10:07 AM
ඇත්තටම අහන්නත් දුකයි. මාස 09ක ළදරුවෙක්ට අතක් උස්සන්න පුළුවන්ද?
SL Tuesday, 02 March 2021 12:12 PM
අම්මා මානසික පීඩනයෙන් ඇත්තේ. අරාබියට මේ වගේ තරුණ කතුන් යවන එකේ ප්‍රතිඵල දැක්කත් "225" ට ඒ අයගේ සැප සම්පත් ... රටට ණය වෙලා හරි ලබා දෙන නිසා මේවා දැනෙන්නේ වත් නැහැ.
Anushka Tuesday, 02 March 2021 01:00 PM
මේ අම්මා නිරෝධායනය වෙන්න ගිහින් තියෙන්නේ කොහේටද? හෝටලයකටද? දවස් 14ක් දුක්විඳින්න ඇති. මානසික ප්‍රශ්න ඇති. අම්මාටම බැන්නාට වැඩක් නැහැ. ලංකාවේ මිනිස්සු පුදුම පීඩනයකින් ජීවත් වෙන්නේ. ළමයිමයි දුක් විඳින්නේ. පව්... මේ රටේ මිනිස්සු පව්...!!! අපි අසරණ වෙලා..
සිරිබිරි Tuesday, 02 March 2021 01:25 PM
මේවා පළවෙන්න, පළවෙන්න වෙනවා වැඩි වෙනවාද මන්දා...?
කපුරුහාමි Tuesday, 02 March 2021 03:41 PM
හය, හතර නොතේරෙන කිරිසප්පයෙකුට මොන හිතකින් ගහනවද මන්දා...? සමහරවිට අම්මාට මොලේ අමාරුවක් ඇති..