IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අම්මට, පුතාට, දුවට ලක්ෂ තුනක දඩ

රුපියල් ලක්ෂ හැටක්  වටිනා  නිම නොකළ  රන් ආබරණ පැළද  ඉන්දියාවේ ට්‍රිචී නුවර බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික  මවට(48), පුතාට(20) සහ දියණියට(18) රුපියල් ලක්ෂ තුනක දඩ නියම කළ රේගුව එම රන් අබරණ  රාජසන්තක කළේය.

මේ පිළිබද රේගු පර්ක්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඩි.ජේ.එස්  බෝපේආරච්චි මහතා විසින් සිදු කළේය.

අත්අඩංගුවට ගනු ලැබු ස්වර්ණාබරණ වල බර කිලෝග්‍රෑමයකි.

මොවුහු කොළඹ කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසූවේ රන් වළලූ 8 ක්,  කර මාලයක්, රිදී ආලේප කළ  රන් පාද  සළඹ ජෝඩුවක්, මාල 02 ක්, පෙන්ඩන්ට් 7 ක් සහ බ්‍රේස්ලට් එකක්  මොවුන්  ගෙන යාමට උත්සහ කළ බවයි.

මොවුහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 133 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ ට්‍රිචී නුවර වෙත යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක  දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක  ඩී.ෙජ්.එස්  බෝපේආරච්චි මහතාගේ මෙහෙයවිමෙන් රේගු අධිකාරී එල්.කේ.එච්.ඩී.කේ අරේවත්ත, සහකාර රේගු අධිකාරීවරුන් වන එම්.කේ ප්‍රේමදාස, කේ. සෝමසිරි, ඒ.එම් ජයසුරිය, එම්.එස්.සී ප්‍රේමතිලක, ඒ.ජී.ඒ.එස් ගුණසේන, කේ.ආර්.ජී විෙජ්වර්ධන, එන්.ඩී.සී සිරිසේන, පී.එම්.බී.ජී ද සිල්වා සහ බී.එම්.බී.ජී වජයගුණවර්ධන යන නිලධාරීහු සිදුකරති.

 



අදහස් (0)

අම්මට, පුතාට, දුවට ලක්ෂ තුනක දඩ

සුනිල් යහම්පත් Sunday, 09 March 2014 02:56 PM

රටින් පිට වන රන් ප්‍රමාණය කොපමණද කියා . අප දිනපතා ලංකාදීපයෙන් කියවන පුවත් වලින් සිතා ගැනිමට පුළුවන්. රේගු නිලදාරින්ට ස්තුතියි.(නදී)

:       0       0

ජයතිලක Monday, 10 March 2014 11:26 AM

කලිනුත් මේ අය මේ වැඩේ කරන්න ඇති ඒත් මේ වතාවේදී අහු වුණා (දිල්)

:       0       0

අයිරංගනී සුබසිංහ Sunday, 09 March 2014 04:08 PM

මේ අයට හොර වැඩ කරන්න බැහැ කියා තේරුම් ගන්න බැරි ඇයි? (නදී)

:       0       0

සුසන්ත Sunday, 09 March 2014 07:46 PM

ලංකාවේ රේගු ඇස් වලින් පනින්න බැහැ (දී)

:       0       0

සේනානායක Sunday, 09 March 2014 07:46 PM

රත්තරන් මාල බදින්නත් බැරිද රට යනකොට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site