
(අංජුල මහික වීරරත්න)
අම්බන්තොට වී පර්යේෂණායතනය විසින් හඳුන්වා දුන් AT 378 නව වී ප්‍රභේදය ඉහලම අස්වැන්න වාර්තා කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
අම්බලන්තොට වී පර්යේෂණායතනය වසර ගණනාවක් තිස්සේ සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිපලයක් වශයෙන් AT 378 නැමැති වී ප්‍රභේදය මෙවර යල කන්නයේ දී හඳුන්වා දෙනු ලැබීය.
වී වගාවට ඉහළ විභවයක් සහිත දිස්ත්‍රික්කයක් වශයෙන් සැලකෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ AT 378 වී ප්‍රභේදය වගා කළ ගොවීන් විශාල පිරිසක් හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 12 සිට 14ක් දක්වා අස්වැන්නක් වාර්තා කළ බව එම ගොවීන් තමන්ට දැනුම් දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම වී වර්ගය මගින් අක්කරයකට බුසල් 180ක් වශයෙන් හෙක්ටයාර් එකකට වි බුසල් 450ක අස්වැන්නක් ලබා ගැනීමට හැකි බව අම්බන්තොට වී පර්යේෂණ ආයතනය පවසයි.
2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්බලන්තොට අලුත් වී ප්‍රභේදය අස්වැන්නෙන් කප් ගහයි
රංබොඩ Thursday, 22 August 2024 11:43 AM
වගාවට සහයෝගය දෙනවා මෙන්ම මේ අස්වැන්න ගබඩා කරගන්නත් රජය විශාල අවධානයක් යෙදවීම හොඳයි . ගොවියාගේ අත සරු වෙන්නත් ඕනැ. එතකොටයි රටටම සෙතක් වෙන්නෙ .