IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අම්පාර ලංගම ඩිපෝ ඉන්ජිනේරුවා සේවයෙන් ඉවතට

( වසන්ත චන්ද්‍රපාල)

ලංගම බස් රථ අලුත්වැඩියා කිරිමේ වැඩ සටහන යටතේ අම්පාර ඩිපෝවේ අංක 5430 බස් රථය අලුත්වැඩියා නොකර ඒ වෙනුවට එම අංකය 5432 බස් රථයට  දමා කොළඹට යැවිම පිලිබදව සිදුකරන ලද වංචාවට අම්පාර ඩිපෝ ඉන්ජිනේරුවා සේවයෙන් පහකල බව ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසිය.

ධාවනයට නොගන්නා බස් රථ අලුත් වැඩියා කිරීමේ වැඩ සටහන යටතේ අම්පාර ඩිපෝවේ 5430 බස් රථය අලුත් වැඩියා කිරීමට ලක්ෂ 20 ක ඇස්තමේන්තු මුදලක් අම්පාර ඩිපෝවෙන් ඉදිරිපත් කර තිබේ .

ඒ සදහා එම බස් රථයට  අවශ්‍ය භාණ්ඩ අම්පාර ඩිපෝව වෙත ලබාදි තිබියදිි එම භාණ්ඩ බස් රථයට  සවි නොකර  අලුත් වැඩියා කිරිමට තිබු බස් රථයේ  අංකය 5432 බස් රථයට සවි කර එම බස් රථය කොළඹට යවා තිබේ.

 මේ  පිලිබදව සේවකයින් විසින් කොළඹ ප්‍රධාන කාර්යාලය  දැනුවත් කිරීම සහ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවිර දිසානායක මහතා විසින් මාධ්‍යට මේ පිලිබදව ප්‍රකාශකයක් කර මෙම වංචාව හෙලි දරව් කරනු ලැබිය

එම හෙලිදරව්වෙන් පසුව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුනවර්ධණ මහතාගේ උපදෙස් අනුව අම්පාර ඩිපෝවේ ඩිපෝ ඉංජිනේරුවරයා සේවයෙන් පහකල බව අප කල විමසුමකදි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ලලිත් ද අල්විස් මහතා පැවසිය.

 

 



අදහස් (3)

අම්පාර ලංගම ඩිපෝ ඉන්ජිනේරුවා සේවයෙන් ඉවතට

Nimal Friday, 16 February 2024 12:44 PM

ඇමැතිලත් එකයි, නිලධාරිනුත් එකයි... ඔක්කොම එක බෝට්ටුවේ...!

:       0       36

Asmantha Friday, 16 February 2024 02:11 PM

විවිධ පළාත් වලින් කොළඹට බස් ගේන්න ඉන්ධන, අතිකාල ආදියට ගිය වියදම... ගන්නේ කාගෙන්ද?

:       1       41

මලංගමSaturday, 17 February 2024 05:29 AM

කොළඹට මගීන් ප්‍රවහනය කරන බසය අලුත්වැඩියා කිරීමට කටයුතු කරන්න කිව්වාම ඒ බසයේ අලුත්වැඩියා අවසන් කියලා වාහනයේ අංක තහඩුව මාරුකර වෙනත් බසයක් කොළඹට යවල කියලා තමයි කියන්නේ වෙන්කළ මුදල් ඉංජිනේරුතුමා පොකට්ටුවේ තැන්පත් කරන්න ඇති... ඔහොම දේවල් නිසා තමයි ලංගමට කෙළවුනේ. සාමාන්‍යයෙන් ලංගම ඩිපෝවල ගරාජයේ ඉංජිනේරුවන් හා සේවකයින් බසයේ රියැදුරු හෝ කොන්දොස්තරගෙන් සන්තෝසම් නැත්නම් බසයට අතවත් තියෙන්නේ නැහැ කියලා රියදුරු කොන්දොස්තර මහත්වරු ජනතාව දැනුවත් කර තියෙන නිසා ඕවා ප්‍රසිද්ධ වැඩ තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site