(සුජිත් හේවාජුලිගේ )
සියළු අමාත්‍යංශවල වියදම් තවදුරටත් සීමා කිරීමට රජය තීරණය කර ඇත.
සියලු අමාත්‍යාංශ සඳහා මේ සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් ළඟදීම නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අමාත්‍යාංශ සහ රජයේ ආයතනවල අනවශ්‍ය වියදම් හැකිතාක් සීමා කිරීම මෙන්ම දූෂණ වංචා වැලැක්වීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිම වැදගත් බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අමාත්‍යාංශවල වියදම් තවත් කපන්න යයි
ජන හඩ Wednesday, 13 April 2022 11:02 AM
රජයේ සේවයට ඉන්න කණ්ඩායම අතිරික්තයක් නම් වන්දි තරමකටවත් ගෙවා ඉවත් කිරීම හැර කල යුත්තක් නොමැත. මක් නිසාද යත් මේ ජාතියෙ කට්ටිය ඡන්ද වැඩවලට මිස කාර්යාලවල වැඩ කරන අයද යන්න ගැටළුවකි. මේ රටේ සමහර මිනිස්සු ස්ථිර රැකියාවකට ලොබකම් කරන නමුදු රටට ඉන් වෙන අවැඩ ගැන නොසිතති. පාලකයෝද මගුල් ගෙවල් මල ගෙවල් යනවා හැරෙන්නට රැකියා උත්පාදනයට වේලාව වැය කලේ නැති තරම්ය. එබැවින් ඔවුන් කලේ වැඩක් ඇතත් නැතත් රජයේ ආයතන පං පඩි ගෙවන ස්ථාන කිරීමය. හැබැයි මෙම ආයතනවල නිලධාරීන් හැමෝම මේ වගේ නිකම් ඉන්නන් නොවේ. සමහරවිට මුළු කාර්යාලයම දුවන්නේ දක්ෂ නිලධාරීන් කිහිප දෙනෙකුගේ උර මතිනි. ඒ අය රටට ණය නැත.
Lalith Wednesday, 13 April 2022 01:57 PM
සමහර රජයේ දෙපාර්තමේන්තුවල නිලධාරීන්ට අති විශාල දීමනා පුමානයක්මාසිකව ගෙවනු ලැබේ. බොහොමයක් නිලධාරීන්ට එලෙස ගෙවනු ලඛන දීමනා සදහා කිසිම පදනමක් නැත. රජයේ මුදුණ දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව සහ දුම්රිය දෙපාර්තමේන්තුව උදාහරණ කිහිපයකි. මුදුණ දෙපාර්තමේන්තුවෙ නිලධාරීන් විවිධ දීමනා ලෙස තමන්ගේ මාසික වැටුප මෙන් පස්, හය ගුණයක් මාසිකව ලබා ගනිති.
එස්.එම්.එල් සමරකෝන් Wednesday, 13 April 2022 10:41 PM
පලමුව වාහන වලින් කරන අවභාවිතය නවත්වන්න.නිල වාහන තම පවූලේ ගමන් සදහා යොදා ගන්නා බැවින්.(බිරිඳ රැකියා වට ගෙන යාම.දරුවන් පාසැල් ගෙන යාම.වගකීමෙනි)