සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට එකමුතු වී සහජීවනයෙන් ජීවත් විය හැකි රටක් බිහි කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුවේ දී පැවසීය.
පරණ බේද අමතක කරන ශ්‍රී ලාංකික ජාතියක් ලෙස රට ඉදිරියට ගෙන යෑමට පියවර ගන්නා බව කී අගමැති, ජනවාරි අට වැනි දා බිහි කළ යහපාලනය අගෝස්තු 17 වැනි දා මහ මැතිවරණයෙන් පසු තවදුරටත් තහවුරු කරන බව ද පැවසීය.
අගමැති එලෙස කීවේ මඩකලපුව බස් නැවතුම්පොළේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ ජන රැලියක් අමතමිනි.
හිටපු මන්ත්‍රී අමීර් අලී, පළාත් සභා මන්ත්‍රී දයා ගමගේ මහත්වරු ද ඊට සහභාගී වූහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
2025 දෙසැම්බර් මස 18
162
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අමතක කරලමු පැරණි කතා : එක්වෙමු ජාතික දියුණ පතා‘
හේවාවිතාරණ Wednesday, 22 July 2015 01:24 AM
අන්න එහෙම එනවා නම් හොඳයි. (නමුත් එන්නේ නැහැනේ) (නි)
වසන්ජය Wednesday, 22 July 2015 05:51 AM
පරණ කතා අමතක කල නොහැකි නම් ඉතින් ..නොදෙන ජන්දේ කුමකට සුරකිම්ද ආදරෙන් ..(ම)
ප්‍රකාශ් Wednesday, 22 July 2015 10:35 AM
රනිල්ලා තමයි ජාති වාදය අවුස්සන්නේ. අද ඔය පැතිවලට ගිහින් කතා කරන්න නිදහස ලබා දුන්නේ මහින්ද මහත්මා බව දැන ගත යුතුයි.(අ)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 21 July 2015 06:51 PM
සාමය නැවත ලබාදෙනවා කියන එක නම් හුඟක් හොඳ ක්‍රියාවක්. ඔවාදෙනු පරහට..... තමා සම්මතයෙහි පිහිටා සිට කිවුවලු ... (නි)
රෙජි-සිඩ්නි Wednesday, 22 July 2015 03:51 AM
පැරණි දේවල් අමතක කරලා ජාතියේ දියුණ පතා එකතු වෙනවා නම් කොතරම් හොඳද. නමුත් එතැන තියෙන ප්‍රශ්නේ එය සිදු වන්නේ නැති එකයි. (අ)
රූපසිංහ Tuesday, 21 July 2015 09:35 PM
හැබැයි ඉතින් මහත්තයෝ දෙපක්ෂයෙන්ම වෙන වෙනම නියෝජිතයෝ ඉදිරිපත් කරලා නේද ඉන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට? ඒ නිසා දෙපක්ෂයෙන්ම නම් ඡන්ද බලාපොරොත්තු වෙන්න එපා (නි)
නාරද Tuesday, 21 July 2015 01:39 PM
එටකොට රනිල් මහත්තයෝ ඔයාගේ ඔය ජාතික ආණ්ඩු හීනෙ බාගයක්ම ඉන්නේ ඔයාම දැන් රට වටේ කියාගෙන යන හොරුනේ, මටනම් තේරුම්ගන්න බෑ (බ)
විජයබාහු Tuesday, 21 July 2015 01:40 PM
සිංහල දෙමල මිනිස්සු ඉස්සර ඉඳන්ම හොඳින් හිටිය. හැබැයි කොටි තම ප්‍රශ්නේ උනේ. එ්කත් එජාප ආණ්ඩුව ජාතිවාදය අවුලන්න කලින් ප්‍රශ්නයක් තිබුනේ නැ (බ)
හේවාවිතාරණ Tuesday, 21 July 2015 09:42 PM
දැන දැන කීම බැන්දුනෙහි වරදේ ලොව කළ කළ දේ පල පල දේ මොහිදීන් බෙග් ගායකයා හරි (බ)
දුමින්ද Wednesday, 22 July 2015 07:56 AM
සටන් විරාමෙන් උදාවුන සාමයේ අරුම දැනේ තවම (බ)
සත්‍යයා Wednesday, 22 July 2015 12:08 AM
බොහෝ කලකට ඉහත යු. එන්. පී. පක්ෂය බොහෝ බලවත් වෙලා හිටියත් ඒ කාටවත් බැරිවුණා ඔය කියන "ජාතික සමගිය" ඇති කරන්න. දැන් යු.එන්.පි.යට ඒතරම් බලයක් නැති කාලේ ඕක කොහොම කරනවද කියලා මුළු රටම බලා ඉන්නවා. (නි)