2017 වර්ෂය වනවිට අභ්‍යවකාශය තුළ අසැබි චිත්‍රපටයක් රූගත කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය අවුරුද්දේ එක්තරා වෙබ් අඩවියක් විසින් ආරම්භ කරනු ලැබීය. ඒ සඳහා ඔවුන් විසින් මුදල් සඳහා අරමුදලක් පිහිටුවන ලදී. එම මුදල් සඳහා එම අසැබි වෙබ් අඩවිය වෙත පැමිණෙන අය විසින් මුදල් පරිත්‍යාගයන් සිදුකර තිබේ. නමුත් මෙම නිල් චිත්‍රපටය සඳහා අවශ්‍ය මුදල වූයේ ඇමෙරිකානු ඩොලර් 3,400,000 මුදලක් වුවද මේ අරමුදල සඳහා එකතු වී ඇත්තේ එයින් 7% ක ප්‍රමාණයකි. මුදල්මය වශයෙන් බැලූ විට $236,086 පමණ මුදලක් මේ සඳහා එකතු වී ඇත්තේ.
කෙසේ නමුත් මෙම සමාගම මේ වනවිට අරමුදල එකතු කිරීමේ කටයුතු අවසන් කර ඇත. මීට අමතරව ලෝකයේ සුප්‍රසිද්ධ සමාගම් විශාල ප්‍රමාණයක් මේ සඳහා අනුග්‍රාහක භවතුන් ලෙස ඉදිරිපත් වුවද එය ප්‍රමාණවත් නොවූ බව මෙම සමාගම පවසයි. Sexploration ලෙස නම් කර ඇති මෙම නිල් චිත්‍රපටයේ වැඩිම වියදම ඇත්තේ, අභ්‍යවකාශයේ යානය සඳහා බවයි ඔවුන් පවසන්නේ. මේ සඳහා නළු නිළියන් ලෙස ඉදිරිපත්ව ඇත්තේ, Eva Lovia සහ Johnny Sins යන නිල් චිත්‍රපට රංගන ශිල්පීන් දෙදෙනායි. අරමුදල වෙනුවෙන් එකතු මුදල සමග ඉදිරියේදී අභ්‍යවකාශයේදී නොව මේ විදයම යොදා කර ගත හැකි නිල් චිත්‍රපටයක් එළිදක්වන බව එම අසැබි වෙබ් අඩවිය සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අභ්‍යවකාශ නිල් චිත්‍රපටය අරමුදල් හිඟයක