හැට අටවන ජාතික නිදහස් උළෙල ගාලු මුවදොර පිටියේ දී ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා දෙස් විදෙස් දේශපාලන හා රාජ්‍ය නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අද (04) පෙරවරුවේ උත්සවශ්‍රීයෙන් ආරම්භ විය.
‘එකම දැයක් මහ බලයක්‘ යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින උළෙල පැවැත්වේ.
රට පුරා රාජ්‍ය ආයතන ඇතුළු විවිධ ආයතන හා ස්ථාන වල නිදහස් දිනය වෙනුවෙන් සැමරීම් උත්සව සංවිධාය වී තිබිණි.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ලංකාවේ නිදහස් දින සැමරුමට සහභාගී වීමට නොකඩවා වසර 28 ක් මෙරටට පැමිණි 76 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවක අද බෙන්තොටදී අපට මුණ ගැසිනි.
ජර්මනියේ අම්බර්ග් ගම්මානයේ පදිංචිකාරියක වන ඇය එලන් ගෝල් මහත්මියයි. ස්නායු රෝගයකට ලක්වීම නිසා වයස අවුරුදු 18 සිට දෙපා ආබාධිතව සිටින ඇයට වසර ගණනාවක් තිස්සේම ඇවිදීමට නොහැක. දැන් ඇය එහා මෙහා යන්නේ රෝද පුටුවක ආධාරයෙනි. ඇය ලංකාවට එන සෑම විටකම විශේෂයෙන් සැකසූ රෝද පුටුවක් රැගෙන එයි.
නොකඩවාම 1989 වසරේ සිට මේ දක්වා මෙලෙස ඇය ශ්‍රී ලංකාවට පැමිණ ඇත. මෙවරද ඇය මෙරට නිදහස් දින සැමරුමට සහභාගී වීම සඳහා ජනවාරි මස අග භාගයේදී ලංකාවට පැමිණ බෙන්තොට අවානි සංචාරක හෝටලයේ නතර වී සිටි. ඇය පැමිණි සෑම අවස්ථාවකදීම ලැඟුම් ගෙන ඇත්තේ මේ හෝටලයේ වීමද විශේෂත්වයකි. මෙම හෝටලයේදී සෑම වර්ෂයකදීම විදේශීය සංචාරකයින්ගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 4 වෙනි දින උත්කර්ෂවත් අන්දමින් නිදහස් දිනසැමරුම් උළෙලක් පැවැත්වෙයි. මෙවරද එම උළෙල එලන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විණි.
ඌව පළාත් සභාව බදුල්ල දිස්ත්‍රික් ලෙක්ම් කාර්යාලය සහ ජාති ක තරුණ සේවා සභාව සංවිධානය කළ ඌව පළාත් ප්‍රධාන උත්සවය බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදි
හික්කඩුව ප්‍රදේශයේද නිදහස් සැමරුම් සංවිධානය කර තිබිණි
මහනුවර දඅද නිදස් දින සැමරුම් සංවිධානය වී තිබිණී. එහිදී ශ්‍රි දළදා මාලිගාවේ මහමලුවේ ඇති මහාමාන්‍ය ඩි එස් සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද සිදු විය.
කොළොන්නාව නගර සභාව සංවිධානය කළ නිදහස් උත්සවය කොළොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණියේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ය.
අශ්ව කරත්තයකින් ඔහු උත්සව භූමියට පැමිණීම විශේෂ සිදුවීමක් විය.
පුත්තලම දිස්ත්‍රික් නිදහස් උත්සවය පුත්තලම නගර මධ්‍ය යේ පිහිටි රමණීය කලපු තීරයේදී අද උදෑසන පැවැත්විණී.
මිනුවන්ගොඩ ප්‍රදේශයේද ජාතික නිදහස් සැමරුම් උළෙලක් පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අභිමානවත් 68 වැනි නිදහස් උළෙල ඇරඹෙයි
නිකලස් ගුණසේකර Thursday, 04 February 2016 09:57 AM
නිදහස් ලංකාවට ජයවේවා! (බ)
රොහාන් Saturday, 06 February 2016 06:36 AM
මොනවද මේ මෙවට් ලියන කට්ටිය ලියන්නේ ජාතිවාදය, බමුණු ආරච්චි සිංහල අප ජාතිවාදය පතුරවපු ජාතියක් නොවේ ඔබල මේ පතුරවන ජාතිවාදය නියම සිංහලය අනුමත කරන්නේ නැහැ, ඔබ ඔබ ගැනම පමණක් නොවේ ජාතිවාදය පතුරන අනික් අයත් ලජ්ජා වන්න. (බ)
සොපි Thursday, 04 February 2016 06:03 PM
ඇත්තටම අපි නිදහස්ද? (නි)
මලික් Thursday, 04 February 2016 06:45 PM
ජයවේවා ශ්‍රී ලංකා! (නි)
චාමර Thursday, 04 February 2016 10:39 AM
චාම් නිදහස් උළෙලක්.(හේ)
චන්දන Thursday, 04 February 2016 07:34 PM
ජාතික ගීය දමිළ බසින් ගයනා කිරීම ඉතා හොඳ දෙයක්. ඒක අනිත් රටවල් වලට අලුත් දෙයක් නෙමෙයි (නි)
ප්‍රනාන්දු Thursday, 04 February 2016 07:38 PM
තිලක් ඩුබායි, ශ්‍රී ලංකාව විනාශ මුඛයට යාම ඇරඹුනේ කවදාද යන වග ඉදිරි වසර කිහිපයේදී ඔබට වැටහෙනු ඇත (නි)
සුරේන් Thursday, 04 February 2016 10:49 AM
හැට අටවෙනි නිදහස් උළෙල අභිමානවත් ලෙස සමරමු.(හේ)
තිලක්-ඩුබායි Thursday, 04 February 2016 11:08 AM
"යටත්විජිත භාවයෙන් රට මුදාගන්නට සියලු ජන කොටස් ඒකරාශී කර පෙරමුණ ගත්තා සේම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීය හිමිකම් මර්දනය කරමින් ජාත්‍යන්තරය තුළ රට අපකීර්තියට පත්වෙමින් පැවැති අඳුරු වකවානුවක ඒකාධිපතිවාදයෙන් පවුල්වාදයෙන් රට මුදාගැනීමට අපි පෙරමුණ ගෙන කටයුතු කළෙමු. ජනවාරි 8 ලැබූ ජයග්‍රහණය එහි විශිෂ්ටතම ප්‍රතිඵලයකි"-රනිල් .... අපි වැනි බදු පිට බදු ගෙවමින් සුදු වැන් වලට බියෙන් සැකයෙන් ජිවත්වුන ලක්ෂ සංඛ්‍යාත වහල්ලුන්ට නිදහස ලැබුනේ ජනවාරි 8 වෙනිදායි.(බ)
හරිශ්චන්ද්‍ර Thursday, 04 February 2016 11:30 PM
ශ්‍රී ලංකා මාතාව දිනෙන් දින දිනේවා! (නි)
බමුණු ආරච්චි Friday, 05 February 2016 11:05 PM
දමිළ ජාතිකයින්ගේ මව්රට වන ඉන්දියාවේත් ජාතික ගීය දමිළ බසින් ගයන්නේ නැත. එහෙනම් අපි ගයන්නේ ඇයි. (නි)
බමුණු Thursday, 04 February 2016 04:09 AM
‘එකම දැයක් මහ බලයක්‘ එහෙම දෙයක් මෙරටේ නැත. අපිව රවටන්න උත්සහ කරන්න එපා (ම)
මහේෂ් Thursday, 04 February 2016 04:15 AM
අභිමානේ උච්ච වූ නිසා ජනතාවට ජාතික කොඩිය දාන්නත් එපා වෙලා.(ම)
ඉන්දු Friday, 05 February 2016 11:42 PM
ඉතින් අපි හැමෝම ජාතික ගීය දෙමළෙන් විතරක් කියමුකෝ. (නි)
ඉන්දු Friday, 05 February 2016 11:51 PM
ඕස්ට්‍රේලියානු ජාතික ගීය සිංහලෙන් ගායනා කරන්න මගේ අදහසක් තිබෙනවා. මේගොල්ලෝ කැමති වෙයිද දන්නේ නැහැ. (නි)
බිංදු Friday, 05 February 2016 01:47 PM
චන්දන දමිල මිනිසුන්ගේ මව් රට වන ඉන්දියාවේ වත් දමිල බසින් ඉන්දියානු ජාතික ගීය ගයනවද? කියල මෙතන දමිල බසින් ජාතික ගීය ගයනවට කැමැති කෙනක් කියන්න. (අ)
බමුණු Friday, 05 February 2016 01:56 PM
අසිත ඔබ මාරයිනේ ජාතික උසවයට යන සල්ලි වලින් තුන් වේලම කන්නයි හදන්නේ. ඔබ වෙසක් උත්සවයට වෙසක් කූඩුවක් වත් පත්තු කරනවද. ප්‍රස්නයක් නැහැ දන්සල් තිබෙනවානේ.(කෞ)
බමුණු Friday, 05 February 2016 01:51 PM
ද්‍රවිඩ සිසුවියෝ විසින් ගායනා කරන ලද ජාතික ගීය,සිංහල ජාතික ගීය වාගේම හරිම ලස්සනයි කියල වැඩක් නැත. (කෞ)
සාමා Thursday, 04 February 2016 12:31 PM
ඇයි කලින් කිවුවා නේද පාසල් ළමුන් මේවගේ දේවලට සහභාගි කරගන්නේ නැහැ කියලා (නි)
ගීතා Friday, 05 February 2016 02:44 AM
තිලක්-ඩුබායිට ඇත්ත තේරෙන්න කල්යයි (නි)
සාගර Thursday, 04 February 2016 12:38 PM
අනේ අපොයි! අපේ නිදහස අද වැළලී ගියා කියලයි මට දැනුනේ (නි)
අජිත් Thursday, 04 February 2016 01:11 PM
අපිට නම් කිසිම නිදහසක් නැහැ (නි)
තිලංග Thursday, 04 February 2016 01:25 PM
හරිම ලස්සනයි (නි)
චන්ද්‍රා Thursday, 04 February 2016 01:27 PM
හිතට ලොකු අභිමානයක් දැනුනා මගේ රට ගැන (නි)
සාගර Thursday, 04 February 2016 01:36 PM
තිලක් - ඩුබායි එහේ ඉන්න එකම හොඳයි. (නි)
බණ්ඩාර රුසියාව Thursday, 04 February 2016 01:31 PM
තිලක්- ඩුබායි, මෙහෙම නිදහසේ නිදහස සමරන්නට අප රට ගළවාගත් රාජපක්ෂ බළ ඇණියත්, සරත් ෆොන්සේකා මැතිඳුත් ගැනත් සඳහන් කළොත් නේද හොඳ? (නි)
මැටිපහන Thursday, 04 February 2016 05:49 AM
ගෝත්‍රික වස්ත්‍රයි වාර්ගික බෙදුම් දැක්වෙන කොඩියයි පෙන්නන එකේ මොකක්ද තියෙන අභිමානය? (ම)
සමන්ත Thursday, 04 February 2016 01:43 PM
තිලක්-ඩුබායි, ඔබතුමා නොදන්නවට ඔබතුමා දැනටත් ඔය කරන්නේ පිටරටකට වහල් සේවයක් තමයි. හැබැයි ඔබතුමා දන්නේ නැහැ ඔබතුමා වහලෙක් කියලා. ඔබතුමා පොඩ්ඩක් ලංකාවේ ඉන්න නෑදෑයෙක්ගෙන් අහලා බලන්න මේ ගමන කීයෙන් කී දෙනාද ගෙදර ජාතික කොඩියක් දැම්මේ කියලා. (නි)
රජින්ද Thursday, 04 February 2016 02:02 PM
තිලක්-ඩුබායි, බැලමෙහෙවර කිරීමේ සීමාව ඔබ දැනගත යුතුයි. ඉන්නේ ඩුබායි වල නම්, සුදු වෑන් වලට බය වෙලා සැකයෙන් ජීවත්වුණේ හීනෙන්ද? ඔයාලා වගේ බොරු බේගල් ඇදබාන අය ලංකාවට නොයෙන තරමටමයි වටින්නේ. (නි)
කෝසල Friday, 05 February 2016 04:16 AM
දමිල බසින් ජාතික ගීය ගැයීම වාසුදේව පවා අගය කරලා තියෙනවා. (ම)
ඇන්ටන් Thursday, 04 February 2016 02:20 PM
අතීත නිදහස් සටනේ වීරයින් ගෞරවයෙන් සිහිපත් කරමු (හේ)
අසිත Friday, 05 February 2016 04:18 AM
මේ උත්සව වලට යන මුදල් වලින් බඩු මිල ටිකක් අඩු කළා නම් කොච්චර හොදද? අපි සැබෑ ලෙසම අභිමානවත් ජාතියක් වන්නේ රටේ හැම කෙනාම තුන් වේල බඩ පිරෙන්න කන දවසටයි. (ම)
බණ්ඩා Thursday, 04 February 2016 02:39 PM
මුළු ලංකාවම මේ නිදහස චාම් ලෙස සැමරුවා...(හේ)
ඩී.උපුල් Thursday, 04 February 2016 03:04 PM
මෙවර නිදහස් උළෙල ඊතා චාම් නිදහස් උළෙලක්.(හේ)
දුමින්ද Friday, 05 February 2016 04:30 AM
අපි නිදහස්ද (කෞ)
ශානක Friday, 05 February 2016 04:48 AM
රට යන අත හිතාගත්ත හැකී. මේ යන විදිහට සිංහලයට රට ඉතිරි වෙන්නේ නැහැ
ඉන්දික Thursday, 04 February 2016 03:49 PM
මෙය අපිට අභිමානයක්.(හේ)
ඉනෝකා Thursday, 04 February 2016 03:59 PM
ද්‍රවිඩ සිසුවියෝ විසින් ගායනා කරන ලද ජාතික ගීය,සිංහල ජාතිකගීය වාගේම හරිම ලස්සනයි.(හේ)
බෙනට් Thursday, 04 February 2016 05:05 PM
හරිම ආඩම්බරයි (නි)
බමුණු ආරච්චි Thursday, 04 February 2016 05:01 PM
තිලක්-ඩුබායි, අනේ මොනවා දැනගෙනද ඔය කතාකරන්නේ? (නි)
බමුණු ආරච්චි Thursday, 04 February 2016 05:10 PM
සිංහලයින්ට රටක් තිබුනොත් හැට නවවෙනි නිදහස් උළෙල මම අභිමානවත් ලෙස සමරනවා (නි)
අසෝක Thursday, 04 February 2016 09:51 AM
අනේ පව් නිදහස් දිනෙත් මේ අසරණ පෝනියන්ගේ පිටේ නැගලා කොලොන්නාවේ උන් දෙන වදයක් (බ)