IMG-LOGO

අබන් ගගේ නාන්න ගිය 4 ක් ගසාගෙන ගිහින් : තිදෙනෙක් දිවි බේරාගනී

(ඉන්දික අරුණ කුමාර)

මාතලේ මහවෙල් පොලිස් බල ප්‍ර දේශයට අයත් අඹන් ගග හරහා ඉදිව ඇති ප්‍රධාන පාලම ආසන්නයෙන් දිය නෑමට ගිය තැනැත්තියන් සිවි දෙනෙකුගෙන් තිදෙනෙක් දිවි බේරාගෙන එක් තැනැත්තියක අතුරුදන් වී ඇතැයි මහවෙල පොලිසිය කියයි.

මඩවල ප්රඑදේශයේ ඥාති නිවසකට පැමිණි පිරිසෙන් සිවි දෙනෙකු අඹන් ගග බැස ඇති බවත් බෝවතැන්න ජලාශයේ ජලය හවස් වරුවේ අඹන් ගගට මුදා හැරිමත් සමග පිරිස ජලයේ ගසා ගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි.

පසුව ජලය ගලා ඒමත් සමග දිය නාමින් සිටි පිරිස දියේ ගසාගෙන ගොස් ඇති අතර අවට සිටි අසල් වාසින් ඔවුන් බේරා ගැනිමට කටයුතු කර තිබේ.

දිය නැ පිරිසෙන් තාන්තාවන් දෙදෙනෙකු  බේරා ගෙන ඇති අතර පිරිසේ සිටි වයස අවුරුදු හයක් පමණ වන කුඩා දැරියක දියේ තිබු කොටයක එල්ලි අඹන් ගගේ පහලට ගසා ගෙන ගොස් තිබේ. ප්‍රදේශවාසීන් සදහන් කරන ආකාරයට අඹන් ගගේ සිට කිලෝ මීටර් එක හමාරක් පමණ දුරකට ඇය ගසා ගෙන ගොස් ඇති අතර පසුව ගග අසල සිටි එම්.ආර්.එම් ෆායිස් නැමැත්තාගේ ඉඩමේ ගේට්ටුව අසලට පැමිණ සිටිය දි දැරිය බේරා ගෙන ඇති බව පොලිසිය කියයි.

දිය නෑමට පැමිණි පිරිස් කතරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් මඩවල ප්ර දේශයේ ඥාති පිරිසක් හමුවීමට පැමිණ ඇති බවත් පොලිසිය කියයි.

ජල පහරට හසුව ළි කොටයක ආධාරයෙන් දිවි ගලවාගත් තැනැත්තිය වන්නේ නෙත්මි නිසංසලා (06) නැමැති දැරියකි.

දිය නාමින් සිටිය දි දිවි බෙරාගත් කතරගම ප්‍රදේශයේ සිට පැමිණි සෙසු කාන්තාවන් වන්නේ රුචිනි නදිකා දිල්රුක්ෂි (25) සහ සිනෙත් දිනිජය (අවුරුදු පහ හමාරයි), අඹන් ගගට බැසීමෙන් ජල පහරට හසුව අතරුදන් වී ඇත්තේ කතරගම ප්‍රෙද්ශයේ සිට පැමිණි සචිනි නිසංසලා (22) නැමැති අවිවාහක කාන්තාවක් බව ද පොලිිසිය කියයි.

මහවෙල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පාලිත ජයරත්න මහාතගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක දිවාකර භණ්ඩාර,සැරයන්වරුන් වන 45932 දිසානායක, කොස්තාපල්වරුන් වන 74856, මාලක 84580 දසනායක යන මහත්වරු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරික්ෂණ සිදුකරති.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු මහවෙල පොලිසිය කියා සිටියේ දඹුල්ල පොලිස් ජිවිතාක්ෂක ඒකකයේ නිලධාරින් යොදවා අතුරුදන් තැනැත්තිය සොයා අඹන් ගගේ මෙහෙයුම් සිදුකරන බවයි.

 



අදහස් (2)

අබන් ගගේ නාන්න ගිය 4 ක් ගසාගෙන ගිහින් : තිදෙනෙක් දිවි බේරාගනී

මෝ Friday, 11 March 2022 07:27 AM

කොච්චර කිව්වත්, කොච්චර, මාධ්‍යවල පෙන්නුවත් මේ අයට කියලා වැඩක් නෑ. දුක හයක් හතරක් නොතේරෙන දරුවනුත් අරං ගඟට බහින එකයි.

:       0       1

Bunny Preena Friday, 11 March 2022 08:52 AM

මෙවැනි අනතුරු ගැන අඩුම ගානේ සතියකට දෙවරක් වත් වාර්තා වෙනවා. ගඟක් තිබුණු පලියට, එහි ස්වභාවය නොදැන නාන්නට යෑමෙන් වළකින්න. ඒක තමයි හොඳ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site