IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අබාධිත සෙබලාගේ ගෙයත් කැඩේ

කිණිහිර මෙහෙයුමේදී  යාපනය කොළොම්බුතුර්හි දී සතුරු ප්‍රහාරයකට ලක්වූ අජිත් ප්‍රියන්ත සෙබළා සුසුම්නිවේ ආබාධයෙන් රෝදපුටුවකට සීමා වී සිටියි.

අජිත් අවිවාහකය

අවුරුදු අසූවක් ඉක්මවූ  සිය පියාත් ඊට ආසන්න වයසක පසුවන මවත් පෝෂණය කළේය.

පසුගිය පළමු වැනිදා  නායයෑමෙන් ඔහුගේ නිවස යටවීය

දැන් අජිත්ටත් මව් පියන්ටත් යන එන මං නැත ප්‍රදේශවාසීහු සුසුම් හෙලමින් අජිත් දෙස බැලූවද ඔවුනද අසරණය. කරකියා ගත හැකි තත්වයක් ඔවුන්ට ද නැත

අජිත් සේම යුද්ධය වෙනුවෙන් දිවියේ කොටසක් කැප කළ හිටපු පළාත් සභා මන්ත්‍රී විකුම් ගුණසේකර මහතා ද  අජිත්ගේ සුවදුක් බැලීමට රෝදපුටුවෙන් ආවේය.

අජිත්ට නිවාසයක් සකසා දීමට අවශ්‍ය ඉඩමක් ලබාදීමට වලල්ලාවිට රණවිරු සුබසාධක සංගමය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇති අතර එහි නිවාසයක් ඉදිකරගැනීම ඊළඟ ප්‍රශ්නය වී ඇත.

අජිත් ප්‍රියන්තගේ  දුර කතන අංකය 0725505561

රණවිරු සුබ සාධක සංගමය- 0716241581



අදහස් (0)

අබාධිත සෙබලාගේ ගෙයත් කැඩේ

පිටිගල Tuesday, 24 June 2014 07:33 PM

නරකද ඔය කාර් රේස් වලට වියදම් කරන සල්ලි කන්දරාවෙන් බින්දුවක් යොදලා මේ ගෙය හදලා දුන්න නම්. දුර කතන අංක දැම්මට ලංකාවේ ඉන්න පොදු ජනතාව ගෙන් වැඩි හරියක් අද ඉන්නේ තුන් වේල කන්නත් අමාරුවෙන්. (අ)

:       0       0

සඳරුවන් Tuesday, 24 June 2014 12:33 PM

අද ඔය හැමෝටම මේ රණ විරුවෝ අමතක වෙලා. දැන් රණ විරුවෝ ලව්වා වැලි කොට්ට අහුරනවා. (ස)

:       0       0

පද්මිණි Wednesday, 25 June 2014 10:28 AM

ඇස්,ඉස්,මස්, පුදා රට ගලවා දුන් මේ උදාර සෙබළුන් හට ලොවට අත පාන්ට ඉඩ නොතබා ඔවුන්ට කෘතගුණ සැලකීම තමයි සැබෑ යුද ජයග්‍රහණය. සැබෑ ආශ්චර්ය එය විය යුතුයි. (දිල්)

:       0       0

ටෙනිසන් Tuesday, 24 June 2014 01:02 PM

පාත්වෙන හෙන ඔක්කොම පහත් වෙන්නේ නැති බැරි අයටම නේ.අර අපි හැමෝවම බලාගන්නවයි කියන කෙනාට ඕව පෙනෙන්නේ නැද්ද එහෙම නැතිනම් ඇති හැකි කෙනා සමග අතයට ගනුදෙනු කරනවද.? (ස)

:       0       0

කුමාරි Tuesday, 24 June 2014 01:04 PM

ගෝඨාභය රාජපක්ෂ මැතිඳුගේ අවධානයට මෙය යොමු වේවා. (ස)

:       0       0

සාරසී Tuesday, 24 June 2014 09:37 PM

පිටිගල ඔයා හරියට හරි , මන්ත්‍රී වරුන්ට දෙන වරප්‍රසාද බැලුවම එයාල තමා මේවට උදව් කරන්න ඕනේ මුලින්ම. (ස)

:       0       0

සුමුදු Tuesday, 24 June 2014 01:55 PM

කොළඹ වටරවුම් පාරේ කිලෝ මීටර් එකකට රුපියල් කොටි දෙසිය තිස් හතක වියදම් කරන රටක,තමන්ට රටවල් පහක ගෙවල් තියනවා කියන ඇමතිවරු ඉන්න රටක මේවා ගැන කියන්ඩ වෙන්නේ කුනුහරුපෙන්ම තමා.දේශපාලකයා සැප විඳී, රණවිරුවා දුක විඳී. (ස)

:       0       0

සිල්වා Wednesday, 25 June 2014 03:54 AM

අසරණයින්ට තමයි හැම කරදරයක්ම (නි)

:       0       0

නිශාන්ත Tuesday, 24 June 2014 04:15 PM

හොඳයි අපි එකතුවෙලා පුලුවන් විදියට සහයෝගය දෙමු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 411 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site