IMG-LOGO

’’අපේ මහ සභාව නීත්‍යානුකූලයි’’

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගියදා පැවැති මහ සභාව අදාල සියලුම පාර්ශව නියමිත පරිදි දැනුවත් කර ඉතාම නීත්‍යානුකූලව සහ විනිවිදභාවයෙන් යුක්තව පැවැත්වූ බවත් එම රැස්වීමට හිටපු සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට ද ආරාධනා කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (24) පැවසීය.

එම මහ සභාව නීත්‍යානුකූල නොවන බවට ජී. එල්. පීරිස් මහතා නීතිඥායන් මාර්ග කළ දැනුවත් කිරීම්වලට නීතිඥායන් හරහාම පැහැදිළි කිරීම් කළ බව කී කාරියවසම් මහතා එම මහ සභාව පැවැත්වෙන බව මැතිවරණ කොමිසම ද දැනුවත් කළ බව ද සඳහන් කළේය.  

ජී. එල්. පීරිස් මහතා 2016 වසරේ සභාපති ධූරයට පත්වීමෙන් පසුව පැවැති සියලුම මහ සභා රැස්වීම්වල මුලසුන ඒ මහතා දැරූ බවත් එම මහ සභා රැස්වීම් පැවැති ආකාරයටම මෙවරත් මහ සභා රැස්වීම් පැවැති බවත් කාර්යවසමම් මහතා කීය.

පීරිස් මහතා බොහෝ කාලයක් පක්‍ෂයේ වැඩකටයුතුවලට සහභාගි නොවූ බව කී කාරියවසම් මහතා පැවසුවේ එසේ වුවද ඒ මහතාට සභාවට ආරාධනා කළ බවත්ය.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් විනාශ කරන්නා වූ කිසිඳු පනතකට පක්‍ෂයක් හැටියට එකඟ නොවන බවත් ප්‍රතිත්‍රස්ත පනතට මේ වන විට මහනායක හිමිවරු පවා අදහස් ප්‍රකාශ කර තිබෙන බවත් නීතිඥා සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් පැවසීය.  

බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (24) පැවැති මාධ්‍ය හමුවේදී නීතිඥා සාගර කාරියවසම් මහතා එසේ පැවසීය. 



අදහස් (2)

’’අපේ මහ සභාව නීත්‍යානුකූලයි’’

මහී Tuesday, 25 April 2023 07:50 AM

මේ දේශපාලන කාලකන්නි කියන දේවල් පත්තරේ දාන්න එපෝ...

:       0       0

රටවැසියෙක් Tuesday, 25 April 2023 01:59 PM

මොන සබා මොකා කොහේ පැවැත්තුවත් මිනිස්සුන්ට ඕවගෙන් කිසිම වැඩක් නෑ. මොකද මේ පාර චන්දෙන් ඔය හැමෝම ගෙදර.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 716 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1124 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site