IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අපි නොදන්න කේට්

 Kate-1    

 

කේම්බි්‍රජ් ආදිපාවරිය තරම් පුවත් මවන කාන්තාවක් ලෝකයේ තවත් නැත. ඇය  අඳින පළඳින ආකාරය, කොණ්ඩා මෝස්තරය, හැසිරෙන ආකාරය, දරුවන් කෙරෙහි පවතින ආකාරය ආදී සියල්ලම මාධ්‍යවේදීන්ට ඉස්තරම් පුවත්ය. ඇගේ නැන්දම්මා වන ඩයනා පසුපස මාධ්‍යවේදීන් හඹා ගියේ යම් සේද, එලෙසින්ම දැන් කේට් මිඞ්ල්ටන් හඹා යන්නටත් ඔවුහූ පේවී සිටිති. ඇය පිළිබඳ මෙතෙක් නොපළ වූ දේවල් සොය සොයා පළ කරන්නට ඔවුහූ උත්සුක වෙති. මේ ඔවුන් විසින් අලුතින්ම සොයා ගනු ලැබූ පුවත් 14කි.

 

kate-split1--z
1. රාජකීය ජීවිතය පිළිබඳව ඇය අත්දැකීමක් මුලින්ම ලැබුවේ අවුරුදු 10 දීය. 1992 දී ඇගේ පාසලේ නිර්මාණය කරන ලද සින්ඩරෙල්ලා නාට්‍යයේ කුමාරයා ගේ චරිතය රඟපාන ලද්දේ කේට් මිඞ්ල්ටන් විසිනි. ආදරය සිතේ දරාගෙන තැවෙන කුමාරා ගේ මුවින් නික්මුණ ඇතැම් වාක්‍ය ඛණ්ඩ නාට්‍ය නැරඹූ අයට තවමත් මතකය.


“මම ආදරෙන් මත්වෙලා... මට කෑම කන්න බෑ.... නිදාගන්න බෑ... කිසිම දෙයක් ගැන හිතන්න බෑ...”

 


2. කේට් කුමරිය චිත්‍ර ශිල්පය කෙරෙහි බලවත් උනන්දුවක් දක්වන තැනැත්තියකි. ඇය ශාන්ත ඇන්ඩෲ  සරසවියෙන් චිත්‍ර ශිල්ප ඉතිහාසය හැදෑරුවාය. ඇය ඉතාලියේ ෆ්ලොරන්ස් සරසවියෙන්ද වසරක්ම චිත්‍රශිල්පය හදාරා තිබේ. 

 


3. ඡායාරූප ගැනීමට ඇය දක්‍ෂ පමණක් නොව බලවත් කැමැත්තක් ද දක්වන්නීය. විවාහ වෙන්නට පෙර ඇය ඇගේ දෙමව්පියන්ගේ සාද සංවිධාන ආයතනයේ ඡායාරූප රැගෙන ප්‍රචාරක කටයුතු කරන්නට පුරුදුව සිටියාය. මෑතකදී ඇය බෙහෙවින් ජනාදරයට පාත්‍ර වූයේ ඇය විසින් ගන්නා ලද ජෝර්ජ් කුමරුගේත්, චාලට් කුමරියගේත් ඡායාරූප මාධ්‍යවල පළවීමත් සමඟය. ඇය දක්‍ෂ ඡායාරූප ශිල්පිනියක බව සියල්ලෝම පිළිගත්හ.

kate-middleton-outfits

 


4. කේට් සහ විලියම් හමු වූයේ සරසවියේදීය. ඔවුන් දෙදෙනා එකම ගොඩනැගිල්ලක සිටියේ වුවත් විලියම් ඇය දුටුවේ පුණ්‍යායතනයකට ආධාර පිණිස පවත්වන ලද මෝස්තර ප්‍රදර්ශනයකදීය. අඩි 5 අඟල් 9ක් උස කේට්, විනිවිද පෙනෙන ඇඳුමකින් සැරසී ඇවිදගෙන යනු බලන්නට විලියම් පවුම් 200ක් ගෙවා ප්‍රවේශ පත්‍රයක් මිළදී ගෙන තිබිණි.

 


5. ඇය බි්‍රතාන්‍ය ජාතික කාන්තාවක වුවත් පියාගේ පැත්තෙන් ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්ටද නෑදෑකම් ඇත්තියකි.

rex_royal_baby_shower_mi_130503_wblog

 


6. ඇය යම් ඇඳුමක් ඇඳ ප්‍රසිද්ධ ඡායාරූපයකට පෙනී සිටියේද, ඒ ඇඳුම් මෝස්තරය මිනිත්තු ගණනාවක් ඇතුළත විකිණී යන්නේ උණු කැවුම් ලෙසිනි.

 


7. රජ කුමරියක් වුවත් ඇය උයන්නට දක්වන්නේ බලවත් ආශාවකි. සොසේජ් සාදන යන්ත්‍රයක් ඇය සතුව තිබේ. ස්ට්‍රෝබෙරි ජෑම් සෑදීමට මෙන්ම ප්ලම් කල් තබා ගන්නට හැකි ආකාරයට සකස් කරන්නටද ඇය දක්ෂය. ඇය මේවා සාදා හිතවතුන්ට තෑගි දෙන්නීය.

 


8. ඩවුන් ටවුන් ඇබේ ටෙලි නාට්‍යයේ හොඳ රසිකාවියක වන කේට් කුමාරිය වරක් එය රූ ගත කරනවා නරඹන්නටද ගියාය. එහි නළු නිළියන් හා කතා කරන්නට පෙර ඇය ගියේ ඇඳුම්, කොණ්ඩ මෝස්තර, වේශ නිරූපණ අංශ නැරඹීමටය. ඉනික්බිතිව ඇය නාට්‍යය රූගත කරන ආකාරය ද බලා සිටියාය. 

 

Best-Kate-Middleton-Style-2014

 


9. ඇය වෛවර්ණ ඇඳුම්වලින් සැරසුණත් ඇය කැමැත්ත දක්වන්නේ සුදු පැහැයටය. 

 


10. විවිධාකාර තොප්පි, ආභරණ ආදිය පැළඳීමටද ඇය කැමැත්ත දක්වයි. ඇය සතුව ඇති තොප්පි ප්‍රමාණය 40කටත් වැඩිය. 

 


11. සමබර ආහාර වේලකට කැමැත්ත දැක්වූවත් ඇය පැණි රසට ඇලුම් කරන්නීය. ඇගේ ප්‍රියතම පැණිරස කෑම වර්ගය වන්නේ ඇලෙන සුලු ටොෆී පුඩිමය.

 


12. ඇය විලියම් කුමරා අමතන සුරතල් නම ‘බිග් විලී’ ය. එය කුමනාකාරයෙන් පැබැඳුණේ දැයි යන්න ඇයටම සීමා වූ රහසකි. 

 

kate-middleton-expecting-baby-no-3-1452145343-7077

 


13. බි්‍රතාන්‍ය ඉතිහාසයේ වැඩිම වයසේ රාජකීය මනාලිය වන්නේ කේට්ය. 2011 අප්‍රේල් 29 දා විලියම් හා විවාහ වනවිට ඇගේ වයස අවුරුදු 29කි. ඩයනා කුමරිය, චාල්ස් කුමරු හා විවාහ වූයේ අවුරුදු 20 දීය.

 


14. ඇය පැළඳියේ ඩයනා කුමරිය පැළැඳි විවාහ ගිවිස ගැනීමේ මුදුවමය. දිදුලන නිල් මැණිකක් සහිත මේ මුදුව ඩයනා පැළැඳි කාලයේදී එහි වටිනාකම පවුම් 60,000කි. ඒ 1981 දීය. දැන් එහි මැණික පමණක් පවුම් 300,000ක් වටිනාකමින් යුතු බැව් තක්සේරු කර තිබේ.


                                   චන්දි කොඩිකාර                                       

 



අදහස් (0)

අපි නොදන්න කේට්

ගංගා Sunday, 14 February 2016 06:06 PM

හොඳ ලිපියක් නොදන්නා දේ බොහෝ දැනගත්ත.ස්තුති .නාලක මහතා ඔබ කියූ කතාව මමත් මීට පෙර අසා තිබුනා.(රේ)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 30 January 2016 08:44 PM

කේට්ටවත් බැරිවෙයිද දන්නෙ නැහැ අපේ රටේ බඩුමිල අඩුකරන්න? (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 30 January 2016 08:38 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

සෑම් Saturday, 30 January 2016 03:35 AM

බිග් විලී කියන්නේ "විශාල පුරුෂ ලිංගේන්ද්‍රිය " කියන එකයි . ඒක රහසක් නොවෙයි .(කෞ)

:       0       0

මධූ Sunday, 31 January 2016 07:33 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

සී ෂෙල්ස් Sunday, 31 January 2016 12:43 PM

චන්ද්‍රසිරි ...... අපේ ලොකු අයට එයාව මුණගැහිලා නෑ එදා .....අආච්චි විතරනේ පිළිගන්න හිටියේ....ඊලග ට්‍රිප් එකෙදිවත් බලමු???? (කෞ)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 03 February 2016 05:56 PM

කේට්,විලියම්, ඩයනා... මම හුඟක් ආදරය කරන තුන් දෙනෙක්. (නි)

:       0       0

චාන්දනී Thursday, 04 February 2016 02:13 PM

හිනාත් යනවා මේවට (නි)

:       0       0

නාලක Wednesday, 03 February 2016 02:42 AM

ඔය අන්තිමට කියපු නිල් මැණික ශ්‍රී ලංකාවේ එකක්. සිලෝන් බ්ලූ සෆායර් එකක්. ඕක එළිසබෙත් රැජිනට දීපු තෑග්ගක්. දුන්නේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින්. ඔය ගල ඩයනා මඟුල් මුද්දට ගත්තට පස්සේ ලොකු ඉල්ලුමක් ආවා සිලෝන් බ්ලූ සෆායර් වලට. (නි)

:       0       0

නිම්මි Sunday, 31 January 2016 03:10 PM

ලස්සන කාන්තාවක්. ඩයනාට වෙච්ච දේ මෙයට නොවේවා! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site