(අංජුල මහික වීරරත්න)
පසුගිය අයවැයට වඩා වෙනස් විකල්ප අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
වියදමට සරිලන ආකාරයේ ආදායමක් ජනතාවට ලැබිය යුතු බව කී අමාත්‍යවරයා ඒ සඳහා අවශ්‍ය යෝජනා මේ වන විටත් මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ නත්තල් වැඩසටහන ආරම්භ කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
නත්තල් උත්සවය වෙනුවෙන් වෝටර්ස් එජ් හෝටලය විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන අතර එහි සමාරම්භක උත්සවය ලෙස Christmas Cake Mixing වැඩසටහන පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඉදිරියට යනවාදැයි මෙහිදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීවෙි
පක්ෂය ගන්නා තීන්දුව සමඟ කටයුතු කරන බවයි.
අභියෝගයට මුහුණ දිය හැකි එමෙන්ම ජයග්‍රහණය කළ හැකි කයිය නොගහන වැඩකරන නායකයකුට උදව් කරන බවද රණතුංග මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
44
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
932
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපි උදව් කරන්නේ කයිය නොගහන නායකයකුට
Nimal Sunday, 05 November 2023 03:04 PM
ඔබට වැඩි කාලයක් කයිය ගහන්න ලැබෙන එකක් නැහැ.
Ruwan Sunday, 05 November 2023 04:13 PM
කයිය ගහපු එක්කෙනාට දීලා වැඩේ වැරදුණානේ...
Rata Perata Sunday, 05 November 2023 05:08 PM
ඔයත් කප්පම් කාරයෙක් නිසා, ඊට වඩා හොඳ නැද්ද හරක් කටට උදව් කළොත්...
වහල් ලාල් Sunday, 05 November 2023 05:56 PM
අපේ සහාය කප්පම් නොගන්නා කෙනෙකුට...
ගමේ එකාලා Sunday, 05 November 2023 06:01 PM
ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම ගැන කයිය ගහපු අය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔය දූෂිත දේශපාලුවෝ කාටකාටත් කයිය නම් තියෙනවා. කෙරුවාව කෙසේ වෙතත්...!