IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


අපුර බස් පොළේ කප්පම්කරුවෝ නිදැල්ලේ

අනුරාධපුර නිවන්තක චේතිය විදුහලේ සිසු කසුන් නලින්ද ප්‍රේමචන්ද්‍රට (18) පසු ගිය සඳුදා අනුරාධපුර බස් නැවතුම්පොළේදී එල්ල වු මැර ප්‍රහාරයේ පොලිස් පරීක්ෂණ ගැන සතුටුවිය නොහැකි බව නගර වැසියෝ කියති.

දින තුනක් යන තුරු ඔහුගෙන් කට උත්තරයක් ලියාගෙන නැත.

අද සවස 1.30 ට කට උත්තරයක්  ලියා ගෙන ඇත්තේද කිහිපවරක් පොලීසියට පැමිණිළි කිරීමෙන් පසුව බව දැනගන්නට ඇත.

පාසල් සිසුන්ගෙන් කප්පම් කන මෙම කල්ලියට පාසල් සිසුන් පිරිසක්ද  අයියලා යනුවෙන් ඔවුන් හඳුන්වන පිරිසක්ද ඇතැයි දැන ගන්නට තිබෙයි.

මෙම සිසුවාට පහර දුන් පිරිස ඔහුගේ රන් මාලය ද කඩාගෙන ගොස් ඇතැයි කියති

එම තරුණ කප්පම් කල්ලිය යතුරු පැදි හා ත්‍රිරෝද රථ වලින් පැමිණ සිසුන් පාළු තැන්වලට රැගෙන ගොස් කප්පම් ඉල්ලන බවත් නොදෙන අයට පහර දෙන බවත් කියති.

 

 

 



අදහස් (0)

අපුර බස් පොළේ කප්පම්කරුවෝ නිදැල්ලේ

මංජුල Wednesday, 14 May 2014 03:02 PM

හොඳ ප්‍රගතියක්... (නි)

:       0       0

කල්ප Wednesday, 14 May 2014 03:02 PM

පාසල් ඇරිලා කොල්ලෙකුටවත් පාරේ යන්න බැරි වෙන හැඩයි (නි)

:       0       0

ටොරොන් සිල්වා Thursday, 15 May 2014 12:50 AM

දෙමාපියන් හොඳනම් දරුවන් විශිෂ්ටයි . දෙමාපියන්ගේ හැසිරීම නරකනම් දරුවන් ගැන මොන කතාද? පොලිසියටත් මේක වලංගුයි . පොලිසියේ ලොකු අය හොඳනම් පොඩි අය මෙහෙම කරන්නේ නැහැ. පොඩි අය මේවා කරන්නේ ලොකු අය කරන දේවල් දිහා බලලයි .(දී)

:       0       0

සිසිල් Thursday, 15 May 2014 01:28 AM

මේ විදිහට කොන්ඩේ තියාගෙන මාල දාල පාසල් යනකොට සිසුවෙක් කියල හඳුනාගන්න පුළුවන් ද ? (ස)

:       0       0

හේවා Thursday, 15 May 2014 01:45 AM

ඇමති පුතෙකුට මෙවැනි දෙයක් සිදු වුනා නම් සිදුවීමටත් පෙර පොලිසියෙන් කට උත්තර අරගෙන රුපවාහිනියන් ප්‍රචාරය කරලා පත්තර වල දාල මහා ජන්ජාලයක් (ස)

:       0       0

පුංචිරාළ Wednesday, 14 May 2014 03:24 PM

කව්ද මේවට වග කියන්න ඕනි.(නදී)

:       0       0

හේවා Thursday, 15 May 2014 01:51 AM

මංජුල මහතාණනි හොඳ ප්‍රගතියක් කියා මේවට උදව් වගේ මට පේන්නේ (ස)

:       0       0

පුංචි නිළමේ Friday, 16 May 2014 01:52 PM

මේව ඔක්කොම ඇත්ත නෙවෙයි. පෞද්ගලික තරහක් ඔය පිරිමහ ගත්තේ! අනික මෙයා කවද්ද රත්තරන් මාල දැම්මේ! (ස)

:       0       0

රවී Wednesday, 14 May 2014 03:28 PM

ස්වයන් රැකියා තව තව වැඩි දියුණු කරන්න ඕනේ.(නදී)

:       0       0

පිටිගල Wednesday, 14 May 2014 03:39 PM

පොලිසියේ අයට ගහන කොට මරණ කොට අපි අනේ අපොයි කියලා හිතනවා. අදහස් පළකරනවා ඒත් පැමිණිල්ලක් කලාම ඒගැන හොයන්නේ නැත්තේ විත්ති කරුවන් සමග පොලිසිය සම්බන්ධ නිසයි. ඉතින් කොහොමද පොලිසිය ගැන විස්වාසයක් ඇති කර ගන්නේ?.අලුත් පොලිස් පති වරුන් ආවම පොලිසිය නවීකරණය කරනවා, ප්‍රති ව්‍යුහගත කරනවා. පුනරුත්ථාපනය කරනවා. වගේ බර වචන දාලා ප්‍රකාස කරනවා. නමුත් තවමත් පොලිසිය යන්නේ පහලට.පොලිසිය දැන් නම් අන්තිමයි මහත්වරුනි! (නදී)

:       0       0

ශාන්ති Thursday, 15 May 2014 02:32 AM

පාසල් යන දරුවන්ගෙන් කප්පන් ගන්නව , මේ මොන කරදරයක්ද ? (ස)

:       0       0

සුසිර Wednesday, 14 May 2014 04:10 PM

පාසල් සිසුන්ගෙන් කප්පන් ගන්නවා? (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 15 May 2014 07:54 AM

ඉස්සර අපි මිනීමරු ප්‍රභාකරන්ගෙන් අපේ දරුවන් බේරාගන්න පාසල් ඇරෙනතුරු ගේට්ටු මුරකළ කාලයක් තිබුනා. ජෙනරල් ෆොන්සේකා මහතාට පින්සිද්ධ වෙන්න ඒ කාලය නිමයි.දැන් ඊටත් වැඩිය අඳුරු කාලයක් උදාවේගෙන එනවා.දවසින් දවස රට පිරිහෙනවා.පිටරටවල ඉන්න අපිට නම් ලංකාව යන දිශාව ගැන පැහැදිලි චිත්‍රයක් මැවිලා පෙනෙනවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 15 May 2014 07:56 AM

පිලිපීනයේ වගේ ඇඳගෙන යන වස්ත්‍රයත් ගලවාගෙන දුවන කාලයක් මෙහෙටත් උදාවෙනවා.ඒක ඉර හඳ වගේ විශ්වාසයි (නි)

:       0       0

ජයන්ත-මිලානෝ Wednesday, 14 May 2014 04:49 PM

පාසල් වල යන සිසුන්ගෙන් කප්පම්?මේ මොකක්ද මේ? පොලීසියට රාජකාරිය කරන්න අසීරු නම් ඊට සුදුසු වෙනත් නිලදරුවන් පත්කළ යුතුයි නේද? මේ අහන්න ලැබෙන දේවල් විශ්වාස කරන්නත් අමාරුයි (නි)

:       0       0

ආරියපාල හේවගේ Wednesday, 14 May 2014 05:44 PM

මේක තමා ආසියාවේ ආශ්චර්යය! (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 15 May 2014 09:55 AM

පාසල් සිසුන්ගෙන් පමණක් නොව ඕනෑම කෙනෙකුගෙන් කප්පම් ගැනීම ඉතා බරපතල තත්ත්වයකි. නීතිය ක්‍රියාත්මක වීමේ දුර්වලතා නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන බව පැහැදිලිය. නමුත් පාසල් සිසුවෙක් රන් මාලයක් ගෙන ගියේ මොකටද යන්න ප්‍රශ්නයකි. මෙහි දෙපැත්තක් ඇති බව පෙනේ. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 15 May 2014 10:55 AM

ආශ්චර්යය! (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 14 May 2014 06:26 PM

ඒ ගමන පාසල් දරුවන්ගෙනුත් කප්පම් ගන්න පටන් ගත්තද?එච්චරයි අඩුවකට තිබුනේ.(නි)

:       0       0

සියාතු Wednesday, 14 May 2014 07:19 PM

මේ පෝය දවසේ මේවා කතා නොකර සිටිමු (නි)

:       0       0

සිරිසේන Thursday, 15 May 2014 01:51 PM

මෙහෙම දෙයක් අපි පාසල් යන කාලෙත් වුණා, ගම්පහ. කුඩ්ඩො අපෙන් කප්පම් ගත්තා, බලෙන් මුදල් පසුම්බි අරගෙන. දවසක් කොල්ලෝ ටික ලැහැස්ති වෙලා ඉඳලා කප්පම් ගන්න යනකොට වටකරලා දුන්නා බිම පෙරළගෙන. ගහලා පොලිසියට බාරදුන්නා. ළමයිනේ,එකතුවෙයල්ලා. සමගිය බලය වේ. (නි)

:       0       0

නිමල් Wednesday, 14 May 2014 11:04 PM

කප්පම් කාරයන්ව අල්ලන්ත් ඕන. ඒ වගේම පාසල් ළමයි මොකටද රත්තරන් මාල දාගෙන යන්නේ කියල බලන්නත් ඕන. එතනත් වැරද්දක් තියනවා. මූණ බැලුවම පේනවා මෙයත් හිතන තරම් අහිංසකයෙක් නොවෙන බව. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 66 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 248 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site