IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අපුර ගමන බොරලුගොඩින් නවති

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

තුන් හැවිරිදි එකම දියණිය සමග ස්කුටරයක යමින්  මවක් සහ පියෙක් හොරණ බොරලුගොඩ ආයෝජන කලාපයට හැරෙන හන්දිය අසලදී බොලරෝ වර්ගයේ ජීප් රථයක ගැටීමෙන් මව මියගොස් ඇතැයි  හොරණ මූලස්ථාන පොලිසිය කියයි

සිදුවූ අනතුරින් පියා සහ දියණියද තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි

එලෙස මියගොස් ඇත්තේ  හොරණ උතුරු උඩුව පදිංචිව සිටි කේ. ජි .ගිම්හානි නැමති 26 හැවිරිදි  එක්දරු මවකි

පියා සේවය කරන ආයතනයේන් පවුලේ සාමාජිකයන් අනුරාධපුර ප්‍රදේශයේ වන්දනාවක රැගෙන යාමට  අද (24) කටයුතු සලසා තිබී ඇති අතර ඊට සහභාගි වීම සඳහා  හොරණ උතුරු උඩුව නිවසේ සිට  රත්නපුර මාර්ගයේ පැමිණ බොරලුගොඩ ආයෝජන  කලාපය ඉදිරිපිට මාර්ගයේ මධ්‍ය රේඛාවේ නවතා දකුණට හැරවීම සඳහා සූදානමින් සිටියදී  හොරණ සිට රත්නපුර දෙසට ධාවනය වූ භාණ්ඩ බෙදා හැරීමට යමින් සිටි බොලරෝ  ජීප් රථය ස්කුටරයේ පිටුපස පෙදෙසෙහි ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි

බොලරෝ ජීප් රථය පැදවූ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

 



අදහස් (2)

අපුර ගමන බොරලුගොඩින් නවති

Nimal 1 Sunday, 25 August 2024 08:03 AM

පිටුපසින් ඇවිත් හප්පා මරණයක් සිදු කරනවා නම් මෙයා මිනීමරුවෙක්...

:       0       5

Chandula Monday, 26 August 2024 11:07 AM

අවාසනාවන්ත අයුරින් වෙන්වූ ඔබව නිවන් සුව, ජාති ජාතිත් මෙවන් අකල් මණයක් සිදු නොවේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 632 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site