
(උපුල් හේරත්)
අනුරාධපුර නගරයේ වෙළඳසල් ඉදිරිපිට නවතා තිබෙන අගුල් නොදැමූ පා පැදි සොරා ගත්තෙ යැයි කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශය කියයි.
මෙම සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබුයේ පුබුදුපුර අනුරාධපුර පදිංචි අවුරුදු 34 ක් පමණ වයසැති එක් දරු මවකි.
ඉකුත් මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා එම සැකකාර කාන්තාව විසින් සොරා ගත්තේ යැයි කියන පා පැදි 12ක් පමණ පොලිසිය භාරයට ගෙන ඇත .
මෙසේ සොරා ගන්නා ලද පා පැදි නිවසට රැගෙන ගොස් වර්ණවත් කරමින් වෙනත් අයට අලෙවි කර ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත .
මාස කිහිපයක් මුළුල්ලේ නගරයේ වෙළඳසැල් ඉදිරිපිට මෙසේ සිදුවන පාපැදි සොරකම සම්බන්ධයෙන් අවදියෙන් සිටි පොලිසිය සීසීටීවී දර්ශන ඔස්සේ මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව විවිධ පැමිණිලි අංශයේ වැඩ බලන ස්ථානාධිපති වරයා සඳහන් කළේය.
පා පැදි සොරකම සම්බන්ධයෙන් වැඩි දුරටත් සිදු කළ පරීක්ෂණ හමුවේ සොරකමට සම්බන්ධ සැකකාරියගේ පුරුෂයා අන්ත්‍රාදායක මත් ද්‍රව්‍ය භාවිතා කරන්නකු බවට තොරතුරු හෙළිදරව් කරගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
545
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1073
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අ‘පුර කතක් සයිකල් 12ක් උස්සලා
sharm warn Friday, 05 August 2022 02:58 PM
හොරාකෑම වැරැදියි. නමුත් ජීවත් වෙන්න අමාරු වෙනකොට මිනිස්සු මෙතැනට වැටෙනවා. තවමත් රටේ ප්‍රශ්න ගැන මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ.
sharm warnFriday, 05 August 2022 04:50 PM
ආ... කිරෙන් කාලා තෙලෙන් අත හෝදලා... දාහ රුපියටල වියදම් කරන්න පුළුවන් අය 13ක් ඉන්නවා දැනට... තව ඉන්නවද?
උපාසක Friday, 05 August 2022 09:16 PM
දවසක් මම ශ්‍රීමහා බෝධිය වන්දනා කරල කණ්ඩායමේ අනෙකුත් පිරිස සිල් පවාරනය වනතුරුම මලුවේ සිසිල විදිමින් සිටියා.ඒ වෙලාවෙ ආරක්ෂක නිළධාරින් හා තවත් පිරිසක් චීවරධාරිණියක් පෙන්වා ඇය කරනදේ සාකච්ඡා කලා.මට ඇතිවුණේ චීවරය ඇදගෙනත් දෙවැනි සිල් පදයට එහෙම කරනවා නම් අනෙක් අය මොනවා නොකරයිද කියලා.