IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අප්‍රේල් වාර පාසල් නිවාඩුව හෙටින් ඇරඹෙයි

(ඩයනා උදයංගනී)

සියලුම පාසල්වල වාර නිවාඩුව අප්‍රේල් 20 වැනිදා දක්වා ලබාදීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ අමාත්‍යාංශයේ අද (12) මාධ්‍ය හමුවක් පවත්වමිනි.

මේ වන විට ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් පෞද්ගලික පාසල් සහ පංති පැවැත්වීමද නවත්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බවද හෙතෙම පැවසීය.

මේ  සිදුවීම් සම්බන්ධයෙන්  මව්පියන්  අනිසි බියක් ඇති කරගත යුතු නොවන බවද  එහිදී අමාත්‍යවරයා කීවේය. 

පළමු වාර නිවාඩුව ලෙස මෙම නිවාඩුව  ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානමක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

 ( ළහිරු හර්ෂණ - ඡායාරූපය) 

 



අදහස් (17)

අප්‍රේල් වාර පාසල් නිවාඩුව හෙටින් ඇරඹෙයි

A to Z Thursday, 12 March 2020 09:13 AM

ටියුෂන් එහෙමත් නවත්වන්න වෙයි. ඒවගෙ තැන්වලින් පෑතිරෙන්න පුලුවන් හැකියාව වැඩියි.

:       94       475

jayasekaraThursday, 12 March 2020 10:15 AM

පුලුවන් නම් දැන් උදේ ඉඳලාම පන්ති පටන්ගනී. එහෙමට කස්ටිය.

:       0       0

saliya Thursday, 12 March 2020 09:39 AM

මීට හේතුවූ තත්වය පැහැදිලි නැත. ලංකාව පුරාම පාසල් වසනවා නම් ඡන්ද රැස්වීම්, හා මැතිවරණයත් තහනම් කළ යුතුයි නේද?

:       0       0

LALITHM Thursday, 12 March 2020 09:48 AM

ඉස්කෝල වලට වඩා AL ටියුෂන් පන්ති තමයි භයානක... එක පන්තියේ 2000-3000 ඉන්න ඒවා උදේ හිටන් රෑ වෙනකන් එකක් පස්සේ එකක් පන්ති. ආචර්ය බන්දුල විද්වතා ඔක්කොටම වඩා හොඳට දන්නවනේ. ඩලස් මහතාට උපදෙසක් ගන්න තිබුණා..

:       0       0

sugath Thursday, 12 March 2020 09:50 AM

ටියුෂන් පන්තිවල ඉගැන්වීමේ කටයුතු අන්තර්ජාලය හරහා කළ හැකියි. විශ්ව විද්‍යාලවල ප්‍රායෝගික නොවන විෂයන් අන්තර්ජාලය හරහා ලබා දිය හැකිය. මෙයින් නේවාසිකාගාර හිඟවීමේ ප්‍රශ්න අවම කර ගත හැකිය...

:       0       0

rana Thursday, 12 March 2020 09:51 AM

මෙය කවදා සිටද?

:       0       0

කේ.ඩබ්. ආනන්දසිරි Thursday, 12 March 2020 10:01 AM

පෞද්ගලික පන්ති තහනම ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධාරින් යෙදවිය යුතුයි.

:       0       0

ak Thursday, 12 March 2020 10:04 AM

මේක හරියට රජයෙන් දැම්ම වගේනේ...

:       0       0

ak Thursday, 12 March 2020 10:04 AM

ප්‍රවෘත්තිය දාලා තියෙන්නේ හරියට රජයෙන් දැම්මා වගේ..

:       0       0

සංජීව Thursday, 12 March 2020 10:16 AM

ඒ වගේම සියලු පුද්ගලික විදුහල්, උපකාරක පන්ති සහ මැතිවරණ නැවැත්විය යුතුයි.

:       0       0

ranjith Thursday, 12 March 2020 10:20 AM

පාසල් වලට වඩා වඩාත් අවදානම පවතින්නේ උපකාරක පන්ති සල්ලි උපයන අාත්මාර්තකාමී අදහස් ඇති අයයි. උපකාරක පන්ති නවත්වන්න... නැතිනම් රජය මැදිහත් වෙන්න විශේෂයෙන් පිටරටවල වෛද්‍ය උපාධිධාරීන්ට කොළඹ පවත්වන පන්ති වඩාත් අවදානම්.. මේවා ගැන හිතලා මේ පන්තිවලට ළමයින් රැස්කරන එක වහාම නතර කරනවා නම් හොඳයි.

:       0       0

සමන් ඕස්ට්‍රේලියාව Thursday, 12 March 2020 10:23 AM

දරුවන් මගින් පවුලේ අනෙක් අයට පහසුවෙන් රෝගය පැතිර යා හැකිය. මහලු අයට එය ඉතා භයානකයි.

:       0       15

ranaFriday, 13 March 2020 04:14 AM

සමන්ට, සිංහල අමතක වෙලා වගේ "මහලු" නොවේ "වැඩිමහල්".

:       0       0

Champa Thursday, 12 March 2020 10:46 AM

වේලාසනම පාසල් වහපු එක හොඳයි. මේ කාලය ඇතුලේ දරුවන් ගෙදර තියාගන්න එක දෙමාපියන්ගේ යුතුකමක්...

:       0       0

Rasika Thursday, 12 March 2020 10:53 AM

උත්සව, රැස්වීම්, වෙඩින්, පවා නතර කළයුතුයි.

:       0       0

dilan Thursday, 12 March 2020 11:17 AM

පුරවැසියන් ලෙස අපේ වගකීම වියයුත්තේ අනවශ්‍ය විවේචන වලින් තොරව මේ වසංගතය වළක්වා ගැනීමට උපරිම සහයෝගය දීමයි.

:       0       0

Sampath kumara Thursday, 12 March 2020 05:00 PM

ඉතාම හොඳ තීරණයක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site