IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


අපරාධ කල්ලි එකවර ක්‍රියාත්මක වීම කුමන්ත්‍රණයක්ද හොයනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අපරාධ  කල්ලි එකවර ක්‍රියාත්මක වීම තුළ යම් කුමන්ත්‍රණයක් තිබේයැයි හඳුනාගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.

ජාතික ජන බලවේග රජය යටි බිම් ගත අපරාධ රාජ්‍ය සමඟ හැප්පී එය අවසන් කරන බවද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට සහභාගී වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් ඇති බවත් ජනතාව විශාල බියකින් ජීවත් වෙන බවත් ආණ්ඩුව ඉල්ලා අස්වීමට සිදුවන බවටත් මතයක් සමාජ ගත කරමින් තිබුණා.

අපි ජනපතිවරණය ජයගත් පසුව මහ මැතිවරණයේදී ආණ්ඩුවක් හදන බවට විපක්ෂය  මතයක් ගෙන ගියා.නමුත් මහ මැතිවරණයේදී වුනේ කුමක්ද?අපට වඩාත් ප්‍රබල ජයක් ලැබුණා.

 



අදහස් (14)

අපරාධ කල්ලි එකවර ක්‍රියාත්මක වීම කුමන්ත්‍රණයක්ද හොයනවා

karolis Friday, 28 February 2025 08:40 PM

හැමදාම ඉතින් කතාව ආලෝක වේගයෙන් ගමන ඉබ්බාගේ පිටේ. එදා ආතතියට පත් වෙච්ච නියෝජ්‍ය ඇමතිට පැම්පස් අන්දන්න වෙයිද දන්නේ නෑ.

:       17       43

GAMA VARESE Friday, 28 February 2025 09:46 PM

දෙසාබාපු කප්පරක් බේගල්වලට ගොබ්බ ජනතාව අහු උනා. දැන් සියල්ල හදුනාගෙන සිටී..බලාගන්න ඊළඟ මැතිවරණයට මොකද වෙන්නේ කියලා.

:       20       49

Kamal Friday, 28 February 2025 10:05 PM

අනේ මහත්තයෝ. ඔයා දන්නවද දන්නේ නැහැ...? දැන් ඔයා තමයි රටේ ජනාධිපති. තුනෙන් දෙකේ බලයකුත් තියෙනවා. ඉතින් හොයලා ගන්නකෝ.. නිකන් විරුද්ධ පක්ෂයේ හිටිය කාලේ වගේ කයිය ගහන්න එපා...

:       21       50

පෙරේරා නුවර Friday, 28 February 2025 10:32 PM

කිසිම කුමන්ත්‍රණයක් නැත ජනාධිපතිතුමනි හුදෙක් දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දීමට පටන් ගත්තා පමණයි.

:       25       48

Jamsl Saturday, 01 March 2025 06:17 AM

බොරු බේරෙනවා.

:       4       23

MD Saturday, 01 March 2025 08:52 AM

ජනපති අනුර ඔබට අවශ්‍යම පිළිතුරු ගලගොඩඅත්තේ ස්වාමීන් වහන්සේ බන්ධනාගාරයේ සිට පැමිණ සපයමින් සිටී. කරුණාකර ඉවසීමෙන් අවෛරී චරිතයක් බවට පත්වන්න. නැතිනම් ඔබලාගේ මෙම පලිගැනීම් රටට සාපයක් වන්නට ඉඩකඩ වැඩිවන්නට හේතුවක් වනවා නොඅනුමාන ය.

:       5       22

දොන් සේතං Saturday, 01 March 2025 11:30 AM

මේක අර විමල් සහෝදරයාගේ අන්තර්ජාතික කුමන්ත්‍රණයේ දේශීය එක වගෙයි. අපි තාම බලන් ඉන්නේ අර පම්පෝරි ගහපු සිස්ටම් චේන්ච් එක ?

:       3       15

fairoos Saturday, 01 March 2025 12:54 PM

ඕවා ගණන් ගන්න එපා ජනාධිපතිතුමා. පොහොට්ටුවේ කාලකණ්ණින්ගෙන් රට බේරගත්තු එකම ලොකු දෙයක්.

:       15       6

Jothi Saturday, 01 March 2025 02:42 PM

පයිරස්, කොහේ රටක්ද බේරලා දුන්නේ? තප්පුලන්න එපා...

:       4       13

Sahan Saturday, 01 March 2025 02:47 PM

මොන්ගල්ද?

:       3       6

Neel Saturday, 01 March 2025 06:47 PM

රුපියල් 1000 කට කොමන්ට් දානවුන්ට මේ ආත්මයේදීම දඩුවම් ලැබෙන්න කියලා කතරගම දෙයියන්ට කියන්න ඕනෑ. මොකද මොවුන් මැරිලා ඉපදුනා වගේනේ කතාව. අම්මපා මට එන කේන්ති...

:       4       3

Wimalanath Saturday, 01 March 2025 09:04 PM

ඕන කෙනෙකුට වැරැදි අඩුපාඩුකම් සොයන්න පුළුවන්. ඒත් වර්තමාන ආණ්ඩුව මහජනයාට සේවය කිරීම තම ප්‍රමුඛ අරමුණ බවට පත් කරගෙන තියෙනවා. අයවැය දෙස බැලුවොත් වෙන කිසිඳු අයවැයකින් නොකළ අන්දමින් බිම් මට්ටමේ ජනයා කෙරෙහි අවධානය යොමු කර තියෙනවා. මීට පෙර ආණ්ඩු කරපු අය හොරකම් නොවන ආකාරයෙන් සියලු දෙනාගේ එකඟතාවයෙන් මහජන මුදල් අවලස්සන විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒවා විගණන වාර්තා වලින් හෙළි වෙමින් තියෙනවා. වර්තමාන ආණ්ඩුව සොරකම් කරන්නේ නැත කියන සහතිකය ජනතාව වෙතින් දිනාගෙන තියෙනවා. ඒ සහතිකය මෙතෙක් රට පාලනය කළ කිසිම කෙනෙකුට ගන්න බැරි වෙච්චි එකක්. මේ නිසා තෙල් ප්‍රශ්න, පොල් ප්‍රශ්න වගේ සිල්ලර දේවල් වලින් ආණ්ඩුවට ගහනවා හැර අද වන විට ආණ්ඩුව ගැන වෙනත් විවේචන විපක්ෂයටත් අහිමිවෙලා තියෙනවා...

:       1       0

Lalith Sunday, 02 March 2025 12:17 AM

සුදු ඇඳගෙන පච ඇවිදින් දියවන්නාවට...

:       0       1

ගුණරත්න Sunday, 02 March 2025 07:27 AM

ආණ්ඩුව ආපුගමන්ම වගේ රාජ්‍ය ද්‍රෝහී චෝදනා නගලා පාර්ලිමේන්තුවේ සේවක පිරිසක් සීඅයිඩී දක්කන් ගියා. අන්න එහෙමයි කුමන්ත්‍රණ.... හැමතැනම ප්‍රගතිගාමී කුමන්ත්‍රණ, ගෙදර බල්ලා බිරුවත් ඌත් ප්‍රගතිගාමී කුමන්ත්‍රණ කාරයෙක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 808 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2454 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site