IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අපරාද රැසක වෙඩික්කරුවෙක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත්කරමින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතන හතරක් සිදුකර දෙදෙනකුට බරපතල තුවාල සිදු කර ඉන්දියාවට පලා ගොස් සැඟව සිටි මෝල් කසුන් නැමැත්තා මෙරටට පැමිණ හොර රහසේ සැඟව සිටියදී  හෝමාගම ගලවිල ප්‍රදේශයේදී  අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය කියයි

එම සැකකරු සන්තකයේ තිබී හොරෙයින් මත්කුඩු මිලිගෑම් 5000 ක් පොලිස් භාරයට ගෙන ඇත

අත්අඩංගුවට ගත් සැකකරු   බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්නා රමේෂ් නමැත්තාගේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කළ වෙඩික්කරු බවත් පොලිසිය සඳහන්කරයි

2023 වර්ෂයේ මැයි මස 12 වෙනි දින අවිස්සාවේල්ල තල්දූව හන්දියේ සුපිරි වෙළඳසලක් අසලදී  පුද්ගලයන් දෙදෙනකු තියුණු ආයුධවලින් කපා බරපතල තුවාල සිදු කිරීම ,එම මස 26 වෙනි දින තල්දූව දේව ප්‍රතිමාව ඉදිරිපිටදී යතුරු පැදියකින් ගොස් ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම, 2023 සැප්තැම්බර් මස 20 වැනි  දිනඅවිස්සාවේල්ල තල්දූව ගුරුපස්විලදී  යතුරුපැදියකින් ගොස්  ගොස් තීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් සිව් දෙනකුට ටී 56 ගිනිය අවියකින් වෙඩි තබා එයින් තිදෙනකු ඝාතනය කර තවත් අයකුට බරපතල තුවාල සිදු කිරීම සැකකරු සිදු කර තිබූ ප්‍රධාන අපරාධවලින් කීපයක් බව පොලිසිය සඳහන් කරයි



අදහස් (1)

අපරාද රැසක වෙඩික්කරුවෙක් අල්ලයි

කව්ද බෝයි Tuesday, 18 March 2025 05:48 PM

මෙයත් ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site