(සුජිත් හේවාජුලිගේ)
අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රවාහන දීමනා හිමිකම් නොමැති සේවකයන් එකසිය හැට දෙදෙනෙකුට ප්‍රවාහන දීමනා වශයෙන් එක්කෝටි තිස්නව ලක්ෂයක් 2023 වසරේ දී ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
ප්‍රවාහන දීමනා හිමිකම නොමැති පීඑල්, එම්.ඒ සහ ජේඑම් කාණ්ඩවල සේවකයන් 162කට මෙසේ ප්‍රවාහන දීමනා ගෙවා ඇති බව එම වාර්තාවේ දැක්වේ.
එසේම කාර්ය මණ්ඩල සේවකයන් සඳහා එම වර්ෂයේදී රුපියල් හාර කෝටියකට වැඩි ණය ලබාදී ඇති බවද ජාතික විගණන කාර්යාලය පවසයි.
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැතිව මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සියයට 4.2 ක පොලී අනුපාතිකයක් යටතේ මෙලෙස ණය ලබාදී ඇති බව සඳහන්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ අපනයන සංවර්ධන මණ්ඩලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය. මෙම වාර්ෂික වාර්තාව පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
අපනයනයේ 162කට හොර පාරේ දීමනා: වියදම කෝටියක්