IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


’’අපට මිත්‍රශීලී රටවල සහය තිබෙනවා’’

(අංජුල මහික වීරරත්න)

බිඳ වැටුණු මෙරට ආර්ථිකය නැවත ගොඩනැඟීමට පසුගිය දෙවසර තුළ රජය ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන්, රට ඉදිරියට ගෙන යාමේ ගමනට ඉන්දියාව, ජපානය ඇතුළු සියලු මිත්‍රශීලි රටවල සහාය හිමිව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉන්දීය රජය සමඟ එක්ව ත්‍රිකුණාමලය පුළුල් සංවර්ධනයකට ලක් කරන බව පැවසූ ජනාධිපතිවරයා 2025 වසරේදී ජනතාවගේ ජීවන ගැටළුවලට විසඳුම් ලබා දෙමින් මුළුතැන්ගෙයි සටන නිමා කරන බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (16) පෙරවරුවේ කන්තලේ දුම්රියපොළ ඉදිරිපිට පැවති “රනිල්ට පුළුවන්”  ජන රැලිය අමතමිනි. 

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

එහිදී ජනතාවගෙන් ඉදිරිපත් වු ඉල්ලීම අනුව කන්තලේ සීනි කර්මාන්ත ශාලාව යළි ඇති කිරීම ඇතුළු ත්‍රිකුණාමලයට කර්මාන්ත කලාපයක් ලබා දීමටත්, වෙරුගල්ආරු පාලම ඉදිකරදීමටත් කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. 

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අද දේශප්‍රේමිත්වය ගැන කථා කරන සජිත් හා අනුර පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජනතාව අතහැර පළා ගිය බවයි. වසර දෙකකට පසු රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ අද රට ඉල්ලා 38 දෙනෙක් පොරකන බවද ජනාධිපතිවරයා පැවසීය.

 



අදහස් (14)

’’අපට මිත්‍රශීලී රටවල සහය තිබෙනවා’’

wasa Monday, 16 September 2024 02:43 PM

මිත්‍රශිලී රට වලින් ඡන්දදායකයොත් ගේන්න වෙයි. මොකද සීයට ලංකාවේ ඡන්දදායකයෝ ඡන්දේ දෙන්නේ නෑ.

:       0       2

පිටිගල මිලානෝ Monday, 16 September 2024 03:05 PM

ඔව්, ඔව් ඒ රටවල ඇමතිවරු සහ තානාපතිවරු අනුර කුමාර සමඟ බොහෝ අවස්ථාවල සාකච්ඡා පැවැත්වුවා ඔහු අනාගත ජනාධිපති බව දැනගෙනම.

:       0       1

ගමේ එකාලා Monday, 16 September 2024 03:53 PM

මෙච්චර කල් ලැබුණු සහනවලින් කරපුවා ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. රටම ලෝකෙටම ණයකාරයෝ කරලා හොඳට තිබුණු අපේ රට හිඟාකන තත්වෙකට පත්කරලා ඉවරයි.

:       0       2

Chandima Monday, 16 September 2024 04:07 PM

ආන්ඩුවේ කන්තෝරු ඉස්සරහත් ඔය වගේ පොරවල් ඉන්නවා. මම ලොක්කව අඳුරනවා. වැඩේ කරලා දෙන්න ගානක් දෙන්න කියලා පස්සේ ගාන අරන් මාරුවෙනවා. කිසිම ලොක්කෙක් අඳුරන්නේ නැහැ. ඒත් ලොක්කෝ අඳුරනවා වගේ පෙන්නන්න අය යන එන තැන්වල ගැවසෙනවා. මේ අඳුරන බව කියන්න තමයි ප්‍රතිපත්ති ප්‍රකාෂනේටත් ලොක්කන්ගේ පොටෝ දැම්මේ. දැන් ඡන්දේ පැරදුණාම ඒ යාලුවන්ගේ ගෙවල්වල සතිය දෙක නැවතිලා කාලා බීලා විවේකයක් අරන් එන්න. හික්කඩුවේ වැල්ලේ ඉන්න කොල්ලොත් කියනවා. මම මෙච්චර ගාණක් සුද්දෝ අඳුරනවා කියලා...

:       0       2

Perera Monday, 16 September 2024 04:55 PM

නිකන් බොරු එපා මනුස්සයෝ.. විදේශ තානාතිලා මාර්ගයෙන් ඒ රටවල් මෙයාට අනතුරු අගවලා තියනවා ඡන්දය පෙනි පෙනි පුජාතන්තවාදි විරෝධි කිසිම කියාවක් කලොත් මෙයාට රටවල් වලට ගමන් තහනමක් පනවා කියලා

:       14       27

bandaTuesday, 17 September 2024 12:10 AM

කවුද එහෙද කියලා තියෙන්නේ. නිකම් බොරු නැතිව යනවා ඕයි යන්න.

:       0       0

chandima Monday, 16 September 2024 07:52 PM

මිත්‍රයෝ කියන්නේ ඔයාගේ මිත්‍රයෝද? නැත්නම් රටේ මිත්‍රයෝද?

:       0       0

chandima Monday, 16 September 2024 09:42 PM

දැන් ඒ කියන්නේ ඒ රටවල් වලින් ඇවිත් අපේ ණය ගෙවනවද? එහෙනම් මරුනේ අපට තියෙන්නේ කාලා බිලා ජොලියෙ ඉන්න විතරයි නේද? ජනාදිපතිකමට පොල්පිත්තක් වුණත් හරියනවා.

:       0       1

Samantha Tuesday, 17 September 2024 12:09 AM

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සමග 100% ක්ම එකඟ වන අතර ජ.වි.පෙ කතා කරන කතා පෙට්ටියක් පමණක් මිස ඉලක්ක සපුරා ගන්නා කිසිම වැඩපිලිවෙලක් නැති, අදුරදර්ශී, හුදෙක් සිතුවිලි සහ සිහින මත පදනම් වු ඡන්ද ව්‍යාපාරයක් බව ඉතා පැහදිලි ලෙසම පෙනෙන්නට තිබේ. මා වැරදි යැයි කෙනෙකුට තර්ක කළ හැකි වුවත් සත්‍යය ඔබට අනුර කුමාර මහතාගෙ "සටන​" වැඩ සටහනේ ප්‍රකාශ තුලින් පැහදිලිවම අවබෝධ කර ගැනීමට හැකිය. ඇත්තෙන්ම හොරු සමග සිටියත් ආර්ථිකය ගොඩගත හැක්කේද, දේශිය සහ විදේශීය සබඳතා සහ උදව් ඇත්තේද, අත්දැකීම් සහිත ආචාර්‍යය සමරසිංහ, අචාර්‍ය කුමාරස්වාමි, ආචාර්‍ය දේවරාජා වැනි කණ්ඩායමක් ඇත්තේ ද, ජාතික සමගිය ඇති කළ හැක්කේද ඔහුටය​. ඒ සියල්ල නොසලකා අත්දැකීම් නැති, අපරිනත පිරිසකට බලය දීමෙන් ඔබ නැවත කබලෙන් ලිපට වැටෙනු ඇත​. ඒකාන්ත වශයෙන්ම කන්න, බොන්නවත් නැතිව පෝලිම් වල ලගින්න සිදුවීම සක්කරයා ආවත් වලක්වනු නොහැකි වනු ඇත. එය අද කියු දෙයක් ලෙස ලියා තබාගන්න​.

:       0       1

Nishan Tuesday, 17 September 2024 04:15 AM

පෙරේරා දන්න දේවල්. පෙරේරා වැඩ කරන්නේ පැලවත්තේ බුද්ධි අංශයේ වගේ. රනිල්ට නැත්නම් වෙන කාටද පුළුවන් ඇමරිකා ජනාධිපතිට හරි රාජ්‍ය ලේකම්ට හරි ටෙලිෆෝන් එකෙන් කෙලින්ම කතා කරන්න. අනිත් අය සුද්දෙක් දැක්කම වැටෙන හැටි අපිට පේනවානේ.

:       0       0

ddd Tuesday, 17 September 2024 09:28 AM

හැමදාම කොහෙට හරි මුක්කු ගහන්න තමයි හදන්නේ අපිට ඕන එඩිතර නායකයෙක්ගග

:       1       2

Rata Perata Tuesday, 17 September 2024 11:49 AM

තවමත් ජනතාව අන්දනවා. මෙහෙමත් කාලකන්නියෙක්.

:       1       0

karolisTuesday, 17 September 2024 04:03 PM

වාමාංශික ත්‍රස්තවාදීන් කරන්නෙත් වෙස් මුහුණු බැඳගෙන ජනතාව ගොනාට ඇන්දීම තමයි. පිටිපස්සේ හංගගෙන ඉන්න තුවක්කුව එලියට ගන්නේ 21 වෙනිදායින් පස්සේ.

:       0       1

බද්රානි Tuesday, 17 September 2024 07:13 PM

රාජපක්ෂ හොර කල්ලියේ වර්තමාන වැඩ බලන නායකයා ලෙස පත්වී සිටින මෙතුමාට, මේ තනතුර හොබවන්න ඕනෑවටත් වඩා සුදුසු කම් තියනවා.. එකම කාසියේ දෙපැත්ත බඳූ අනෙක් පාර්ශවයේ හොර කල්ලිය මෙහෙයවීම අතින් මොහුට ඇති පළපුරුද්දට සම කල හැකි වෙනත් පුද්ගලයෙක් ලංකාවේ නැහැ... ලංකාවේ ජනාධිපති කමට වඩා ලෝක බැංකුවේ අධිපති කමට සුවිශේෂී සුදුසු කම් ඇති මෙතුමා එම තනතුරට පත් කිරීමට නම්, ලංකාවේ සියලුම ජනතාව එකට එක්ව එක් කටයුතු කරන බව ආයේ අමුතුවෙන් කිව යුත්තක් නොවෙයි... හොරකම් නිසා, බංකොලොත් භාවයට පත්ව සිටින අපේ රට ගොඩ නැගීමට නම්, ලෝක බැංකුවට, ලංකාවේ මහ බැංකුවට අත්කළ ඉරණම ක්‍රියාත්මක කරනවා හැර, වෙනත් විකල්පයක් නම් නොමැති බව මේ රටේ ජනතාව අවබෝධ කර ගත යුතුය..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 834 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 295 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 520 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 232 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 178 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 355 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 92 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1119 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site